Sunday, July 29, 2018

කුමක්ද මේ විශාදය?


මොකක්ද මේ විශාදය 
විශාදය සඳහා පින්තුර ප්‍රතිඵල


විශාදය, උග්‍ර විශාද රෝගය, ඒක ධ්‍රැව විශාදය ආදි වශයෙන් පැතිර පවත්නා දුර්වල මනෝභාවය , දෛනික ක්‍රියාකාරකම් සඳහා උද්යෝගය අඩුවීම සහ සතුට ලබා ගැනීමට හැකියාව අඩුවීම යන රෝග ලක්ෂණවලින් යුක්ත වන මානසික ආබාධයකි.
දොම්නස යන්න පුද්ගලයෙකුගේ තාවකාලික පීඩිත මනෝභාවය හැඳින්වීමට යොදාගත්ත ද සායනික විශාදය යනු පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකම් ,පවුල් කටයුතු ,අධ්‍යාපනික කටයුතු, නින්ද, ආහාර ගැනීම, කායික සෞඛ්‍යය සහ ජීවිතයේ සතුටු වීමට ඇති හැකියාව අඩපණ කරන උග්‍ර රෝගී තත්වයකි. විශාදයේ සායනික මාර්ගය පුළුල් ලෙස වෙනස්විය හැකිය. එනම් විශාදය ජීවිතයේ එක් වරක් පමණක් ඇතිවිය හැකි අතර ඇතැම් අයෙකු කිහිපවාරයක් මෙම රෝගයට ගොදුරු විය හැකිය. තවද එය ක්‍රම ක්‍රමයෙන් හෝ හදිසියේම ඇති විය හැකිය.
මෙම රෝගයට ගොදුරු වූ පුද්ගලයා මාස කිහිපයකින් සුව විය හැකි අතර ඇතැම් රෝගීහු ජීවිත කාලය පුරාම නිරතුරුවම රෝගයෙන් පීඩා විඳිති. විශාදයට ගොදුරු වී සිටින රෝගීන් තම ජීවිත හානිකර ගැනීමට වැඩි නැඹුරුතාවයක් දක්වන අතර වෙනත් ක්‍රම මගින් ජීවිත හානි සිදු වීමට ඇති හැකියාවද වැඩි වේ.
විශාදය තනිව ඇතිවිය හැකි රෝගයක් ලෙසද ඇතැම් විට ද්විධ්‍රැව රෝගයක හෝ නිද්‍රාගත වේදනාවක අතුරුඵලයක් ලෙසද ඇතිවිය හැකිය. මනෝචිකිත්සාව සහ විශාද නාශක ඖෂධ භාවිතය විශාදයට උචිත ප්‍රතිකාර ක්‍රම ලෙස පෙන්වා දිය හැකිය.
විශාදය හෙවත් ඩිප්‍රෙෂන් යන මානසික රෝගී තත්ත්වය උණ සෙම්ප්‍රතිශ්‍යාව තරමටම දක්නට ලැබෙන මානසික රෝගී තත්ත්වයකි .


මෙහි  රෝග ලකෂණ බොහොමයකි..
නිතරම ජීවත්වන්නේ සැකයෙනි. දෙදෙනෙකු කතා කරමින් සිටින දෙස වූවමනාවෙන් බලා සිටී. සිතන්නේ තමන් පිළිබඳව කතා කරනවා යනූවෙනි. කතා කරමින් සිටි දෙදෙනාගෙන් එක් අයකු මූණගැසී බැන්නේ තමාටදැයි අසයි.
බස් රථයකට නැග්ගද බසයේ සිටින සියලු දෙනා තමන්ට බණින බවක් හැඟේ.
තමා අවට සිටින අය තමන්ගේ තරහකාරයන් ලෙසට දැනෙන අතර තමාව මරන්නට බලා සිටින බවක් දැනෙයි. ඊට ප්‍රථමයෙන් තමා විසින්ම දිවිනසා ගත යූතු යැයි හැඟීම සිතට දැනෙයි. මෙම සිතුවිල්ල නිතර නිතරම සිතට දැනෙනවා ඇත.
මෙම රෝග ලකෂණ අප දකින ඒවා වන අතර මෙහි සැඟවූණූ පැත්තක් ද ඇත. රෝගී තත්ත්වය උග්‍ර වූ විට සැඟවූණූ විශාදය ඇතිවේ.
සැඟවූණූ විශාදය ඇති රෝගියකු තුළ පහත ලකෂණ දක්නට ලැබේ.
සැමවිටම රෝගය සඟවා තබා ගැනීමට උත්සාහ දරයි. ඖෂධ වර්ග පමණක් නොව ආහාර පාන පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයකි.
ඖෂධ ලබා ගැනීමට හමූවූ වෛද්‍යවරයාට දොස් නගයි. නිකරුණේ බෙහෙත් දුන් බවත් එම ඖෂධ ලබා ගත් පසූ තද නිදිමතක් ඇතිවී ඇති බවත් පවසයි.
සැබැවින්ම කියනවා නම් බොහෝ රෝගීන් අතර රෝගය ඇතිවීමට හේතුවක් ලෙසට ඊර්ෂ්‍යාව මූල්වී තිබේ.
යමෙක් තමන්ට වඩා ඉගෙනීමට දකෂනම්, රූපයෙන් ප්‍රියමනාප නම්, වයසට වඩා දේවල් යම් කෙනෙකුට ලැබී තිබේ න් සිතෙහි ඇතිවන ඊර්ෂ්‍යාව රෝගයට මූල පාදයි. මට වඩා එයාට හැම දෙයක්ම තිබෙනවා යන සිතුවිල්ල රෝගයට මූල පූරයි.
තමා ඊර්ෂ්‍යා කරන පූද්ගලයාට නොයෙකුත් කතන්දර හදන්නට පටන් ගනියි. හමූවන පූද්ගලයා සමග එම තැනැත්තාගේ වැරදි කියන්නට පටන් ගන්නා අතර කිසිවකු ඊට ප්‍රතිචාර නොදැක්වීමේදී ඊටත් වඩා දෙයක් කරන්නට පෙළඹෙයි. තමාට පිරිසක් එකතුකර ගන්නට උත්සාහ දරයි. මොවූන් මේවා කරන්නේ සිතා මතා නොව රෝගයේ රෝග ලකෂණ මතුවීම නිසාවෙනි.
මේ නිසාම සමාජයට පූද්ගලයාට මොවූන්ගෙන් හිරිහැර වන අතරම තමන්ටද දැනෙන රෝග ලකෂණ කිහිපයකි.
වාඩි වූ තැනින් නැඟිට ගැනීමට නොහැකි බවක් දැනෙයි. සිරුරේ සෑම හන්දියකම වේදනාවක් දැනෙන බව පවසයි. පිටකොන්දේ වේදනාවක් දැනෙයි.
විශේෂයෙන්ම මෙවැනි පූද්ගලයන් සමාජයේදී සාධාරණය පිළිබඳව කතා කරමින් තමා තරමට වැරදි නොකරන පූද්ගලයකු නැති බව පෙන්වාදීමට උත්සාහ කරයි.
සමාජයට හොඳ වෙන්නට උත්සාහ දරුවද මොවූන් නිවසට හරිම කරදරකාරී පූද්ගලයන්ය. කලකෝලාහල කරයි. නිතරම කෝපයට පත්වෙයි.
මානසික පීඩනය හේතුවෙන් මොළයේ රසායනික සංයූතියේ වෙනසක් හේතුකොටගෙන ඇතිවන රෝගී තත්ත්වය සඳහා නිටිටාවට සූවය ලබා ගැනීමේ හැකියාව තිබේ.
 
"


"විශාදය (ඩිප්‍රෙෂන්) මුල් අවස්‌ථාවේදී
බෙහෙත්වලින් තොරව සුවපත් කළ හැකිය"


අප සියලු දෙනාම ශෝකී හා මානසිකව බිඳවැටුණු අවස්‌ථාවලට මුහුණදී ඇත. සමහර අවස්‌ථාවලදී මෙම මානසික තත්ත්වයන්ට හේතුවක්‌ ඇත. සමහර අවස්‌ථාවල හඳුනාගත හැකි හේතුවක්‌ නොමැත. මෙවැනි ශෝකී මානසික තත්ත්වයන් කාලයත් සමඟ යථා තත්ත්වයට පත්වන අතර ඒවා අපගේ එදිනෙදා වැඩ කටයුතුවලට බාධාවක්‌ නොවේ. සාමාන්‍යයෙන් මෙවැනි ශෝක තත්ත්වයන් පවුලේ සාමාජිකයන් සමඟ හෝ මිතුරන් සමඟ කථා කිරීම මගින් යථා තත්ත්වයට පත්කර ගත හැක.


නමුත් විශාදය ඇතිවිටදී.

* රෝගයේ මුල් අවධියේදී රෝගියා ශාරිරික රෝග ලක්‍ෂණ පෙන්නුම් කරයි. (මහන්සි ගතිය, ඇඟපත වේදනාව, හිස රදය.

* වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී සති/මාස ගණන් පවතින ශෝකී බව.

* එදිනෙදා වැඩ කටයුතුවලට උනන්දුව අඩු බව වැනි කරුණු හඳුනා ගත හැක.

* රෝග ලක්‍ෂණ, රෝගියාගේ එදිනෙදා වැඩ කටයුතුවලට ද බලපෑම් ඇති කරයි.

විශාදයේ සායනික රෝග ලක්‍ෂණ

* බොහෝ අවස්‌ථාවල සිතේ සතුටක්‌ නොමැති බව (සවස්‌ කාලය වන විට මෙම අසතුටු බව අඩු විය හැක.)

* කලින් සතුටු වූ කාර්යයන් සඳහා උනන්දුවක්‌ නොමැති බව.

*සැම විටකම පාහේ වෙහෙස බවක්‌ දැනීම.

* ඔහු/ඇය විසින් මීට පෙර කළ කාර්යයන් දැන් කළ නොහැකි බවක්‌ දැනීම.

* කෑම අරූචිය සහ බර අඩුවීම (සමහර රෝගීන්ගේ කෑම රුචිය වැඩිවී බර වැඩිවීම සිදුවිය හැක.)

* නින්ද යැමේ අපහසු බව හෝ පාන්දරම අවදිවීම.

* ලිංගික ක්‍රියාවලට කැමැත්ත අඩුවීම.

* නුරුස්‌සන සුළු ස්‌වභාවය.

* කාංසාවේ හා කලබලකාරී බවේ ලක්‌ෂණ ද බොහෝ විට පෙන්නුම් කරයි.

රෝගියාට හා පවුලේ සාමාජිකයින්ට වැදගත් වන තොරතුරු

* විශාදය සුලබව දක්‌නට ලැබෙන අතර එය සුව කළ හැකි ප්‍රතිකාර ක්‍රම පවතී.

* විශාදය දුර්වල බවක්‌ හෝ කම්මැලිකමක්‌ නොවේ.

* රෝගයේ අපහසුතා සමඟ ජීවත්වීමට රෝගීහු දැඩි වෙහෙසක්‌ දරති.

* ගර්භනී කාලයේදී හා පසු ප්‍රසව සමයේදී ද මවුවරුන්ට විශාද තත්ත්වය ඇතිවිය හැකිය.

පුද්ගලයන්ගේ එදිනෙදා කටයුතු කිරීමේ හැකියාවට මෙයින් බලපෑම් ඇතිවන අතර, එහි ප්‍රතිවිපාක පවුලට, යහළු මිත්‍රාදීන්ට මෙන්ම සමාජයට, සේවා ස්‌ථානයන්ට සහ සෞඛ්‍ය සේවාවන්ට විඳීමට සිදුවේ. මෙම රෝගි තත්ත්වයෙහි භයානක කම වනුයේ ස්‌වයං හිංසනයට සහ සිය දිවි හානිකර ගැනීමට පවා පෙළඹීමට ඇති හැකියාවයි.

ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 800,000 ක්‌ පමණ විශාදයෙන් පෙළෙන බවට ඇස්‌තමේන්තු දත්ත මගින් පෙනී ගොස්‌ ඇත. ශ්‍රී ලංකාව මානසික සෞඛ්‍ය සේවාව නංවාලීම පිළිබඳව ආසියාතික රටවල් අතර ඉහළ ස්‌ථානයක සිටියි. එනමුත්, මානසික සෞඛ්‍ය සේවා තවදුරටත් ව්‍යාප්ත කළ යුතු අතර, මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අප වැඩි අවධානයක්‌ යොමු කළ යුතුව ඇත. යහපත් මානසිකත්වයෙන් යුතු පුද්ගලයන් බිහි කිරීම තුළින් රට තුළ අපරාධ, හිංසනය, මත්ද්‍රවය හා මද්‍යසාරවලට ඇබ්බැහිවීම අවම කළ හැකි අතර, මානසික ආතතිය පාලනය කර ගැනීමෙන් බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවණතාවයද අඩු කළ හැක.

විශාදය ඇතිවීම වළක්‌වා ගැනීම සහ නිසි ප්‍රතිකාර කිරීම ඇතුළුව එම රෝගය පිළිබඳව මනා අවබෝධය ක්‌ ලබා තිබීම මගින් විශාදය හා බැඳුණු අපවාදයන් පිටුදැකීමට සහ වැඩි පිරිසක්‌ උපකාර පතා යොමු කිරීමට ඉඩ සැළසේ.

විශාදය සඳහා ප්‍රතිඵලදායී ප්‍රතිකාර ඇතත් බොහෝ දෙනා එම ප්‍රතිකාර ලබා නොගන්නා බව හෙළිවී තිබේ.

විශාදය මුල් අවස්‌ථාවේදී බෙහෙත් නොමැතිව සුව කිරීමේ හැකියාව පවතී. එහෙත් රෝගී තත්ත්වය දරුණු වූ විට බෙහෙත් පමණක්‌ නොව චර්යාත්මක ප්‍රතිකාර ඇතුළු මානසික ප්‍රතිකාර ක්‍රම ලබාදීම අත්‍යවශ්‍ය ෙ ව්.

ඔබ විශාදය රෝග තත්ත්වයෙන් පෙළෙන්නේ නම් මෙම ක්‍රියාමාර්ගයන් අනුගමනය කළ යුතුය.

අදාළ රූපය

ඔබට විශ්වාසවන්ත වූ පවුලේ සාමාජිකයකු හෝ සමීප මිතුරකු සමඟ ඔබට ඇති වන හැඟීම් ප්‍රකාශ කරන්න.

* නිවැරදි වෘත්තීය සහාය ලබා ගන්න. මෙහිදී සෞඛය සේවකයකු, වෛද්‍යවරයකු හමුවී ඒ පිළිබඳව කථා කරන්න.

* දෛනික ආහාර පෙළ නියමිත පරිදි ලබා ගැනීමටත්, ප්‍රමාණවත් නින්දක්‌ ලබා ගැනීමටත් පුරුදු වන්න.

* ඔබගේ පවුලේ සාමාජිකයන් හා සමීප මිතුරන් සමඟ නිරතුරුව සබඳතා පවත්වන්න (මෙහිදී විශාදය තත්ත්වයෙන් පෙළෙන අයෙකු තම හැඟීම් ප්‍රකශ කරන විටකදී තමන් කාර්යබහුල බව පවසා ඔවුන්ට ඇහුම්කන් නොදී සිටීමෙන් පවුලේ සාමාජිකයන් මෙන්ම මිතුරන් වැළකිය යුතුය.)

* නිරතුරුව කුමන හෝ ව්‍යායාමයක නිරත වන්න. (කෙටි දුරක්‌ ඇවිදීම වැනි.)

* මනස සන්සුන්ව පවත්වා ගැනීම සඳහා භාවනාවේ නිරත වන්න.

* තමන්ට මුලදී කළ හැකිවූ කාර්යයන්. වර්තමානයේ ඒ අයුරින්ම කළ නොහැකි ලෙස හැඟේ නම් සංකීර්ණ වූ කාර්යයන් කුඩා වූ කාර්යයන්වලට අඩුකර එම කාර්යයන් කරන්න.

* මත්පැන් පානයෙන් වැළකී සිටීම හා නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකි සිටීම සිදුකරන්න. ඒවා භාවිතයෙන් විශාදය දරුණු විය හැකිය.

* ඔබගේ ඉරියව් සෘණ ආකල්පවල සිට ධනාත්මක ආකල්ප දක්‌වා වර්ධනය කර ගන්න.

* ඔබට සිය දිවි නසා ගැනීමේ හැඟීමක්‌ පහළ වේ නම් වහා අදාළ අංශවල උපදෙස්‌ ගන්න.

විශාදය රෝග තත්ත්වය සඳහා දිවයිනේ සියලු දිස්‌ත්‍රික්‌ රෝහල්, මහ රෝහල්, ශික්‌ෂණ රෝහල් හා මානසික සෞඛ්‍ය සායන ඔස්‌සේ ද කොළඹ ජාතික මානසික සෞඛ්‍ය ආයතනය (අංගොඩ) හා පුද්ගලික රෝහල් හරහා ප්‍රතිකාර ලබාගත හැකිය.



විශේෂඥ මනෝ වෛද්‍යවරයකු සේවය කරන මූලික රෝහල් හා ඉන් ඉහළ මට්‌ටමේ රෝහල්වල සාමාන්‍ය මනෝ වෛද්‍ය සායනවලට අමතරව විශේෂිත (උදා( ළමා සහ යොවුන්, වැඩිහිටි, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා) සායන පැවැත් වේ. අනෙකුත් රෝහල් වල මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂ පුහුණුවක්‌ ලැබූ වෛද්‍යවරු මානසික සෞඛ්‍ය සායන පවත්වති.

මානසික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය වෘත්තිකයන් විසින් තමන් සේවය කරන ප්‍රදේශවල ඇති පාසල්, ළමා නිවාස, වැඩිහිටි නිවාස, රැඳවුම් මධ්‍යස්‌ථාන, බන්ධනාගාර ආදී ආයතනවලට නිරතුරුව තම සේවය ලබා දෙනු ලැබේ.

සමහර ප්‍රදේශවල පිහිටුවා ඇති ප්‍රජා සත්කාරක මධ්‍යස්‌ථාන තුළින් මානසික ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන අතර, යොවුන් මිතුරු සෞඛ්‍ය සේවා සහ සමාජභාවය මත පදනම්වූ හිංසනයන් සඳහා සේවා සපයන සායන වෙතින්ද මානසික සෞඛ්‍ය ගැටළු ඇති පුද්ගලයන් අදාළ මානසික සෞඛ්‍ය සායන සඳහා යොමු කෙරේ.




උපුටා ගැනීම අන්තර්ජාලයෙනි 


1 comment: