Friday, July 20, 2018

දූරියන් කෑවොත් වාසි ගොඩයිගුණවත් දූරියන් සඳහා පින්තුර ප්‍රතිඵල


දූරියන් මගින් සැලසෙන විවිධ සෞඛ්‍යය වාසි කිහිපයක්.
වියපත්වීම පාලනය කිරීම
වයස් ගත වීම පාලනය කිරීමට භාවිතා කල හැකි ශාකසාරාමය ඖෂධයක් ආකාරයටම දූරියන් භාවිතා කරන්නට පුළුවන්. දූරියන් සතු ප්‍රභල ප්‍රතිඔක්සිකාරක බලය මෙන්ම විටමින් සහ ස්වභාවික රසායනික ද්‍රව්‍ය නිසා ශරීරයේ විෂ සහිත ද්‍රව්‍ය නසා අකලට සම රැළි වැටීම, ලප ඇතිවීම, හිසකෙස් හැලීම, දත් හැලීම, ආතරයිටිස්, පිළිකා, හදවත් රෝග ආදිය නසා වියපත්වීම පාලනය කරීම සිදු කරනවා.
ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීම
අධි මාත්‍ර තන්තු අඩංගු දූරියන් වැනි පළතුරු ආහාරයට ගැනීම ශරීරයේ පද්ධති බොහෝමයකට සෞඛ්‍යය වාසි ගෙනෙනවා. මෙයින් ප්‍රධාන ලෙස වාසි ලබා ගන්නා පද්ධතිය වන්නේ ආහාර ජීර්ණ පද්ධතියයි. දූරියන් මදුළු තුල අන්තර්ගත වන තන්තු මගින් ආහාරයට ගන්නා ආහාර කැබලි බඩවැල් ඔස්සේ ක්‍රමවත්ව ගමන් කිරීම උත්තේජනය කරන අතර මලපහ පිටවීමට ක්‍රමවත්ව සිදු කරනවා. මෙම තන්තු මගින් සිදු වන තවත් කාර්යයක් ලෙස ආහාර ජීර්ණය සඳහා අවශ්‍ය වන යුෂ ක්‍රමවත්ව නියාමනය කිරීම හඳුන්වා දෙන්නට පුළුවන්. මෙම තත්වය නිසා අනවශ්‍ය ආකාරයට ඇති වන මලබද්ධය, බඩ පිපීම, ආහාර ගමන් ගන්නා බඩවැල් සිරවීම, පපුව පිච්චෙන ස්වභාවය, උදරයේ මාංශ පේශී පෙරලීම මෙන්ම දරුණු රෝගී තත්වයක් වන බඩවල් තුල ඇතිවන පිළිකා අවධානම පවා දුරු කර ගන්නට පුළුවන්. මෙම තන්තු මගින් රුධිරයේ තැම්පත්ව ඇති අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පවා පහසුවෙන්ම ඉවත් කර කොලෙස්ටරෝල් මට්ටම නිසි ලෙස පාලනය කර හදවත් සෞඛ්‍යය ආරක්‍ෂා කර දීමද සිදු කරනවා.
අධි රුධිර පීඩනය පාලනය කිරීම
දූරියන් පොටෑසියම් වලින් පොහොසත් වන නිසා ශරීරයේ සෛල තුල ලුණු සහ ද්‍රව සාන්ද්‍රණය නිසි පරිදි පවත්වා ගැනීම සිදු කරනවා. දූරියන් ආහාරයට ගැනීම මගින් නිසි පරිදි ශරීරයට පොටෑසියම් ලැබීම මගින් රුධිර නාලිකා ලිහිල් කර ආතතිය දුරලා රුධිර සංසරණ පද්ධතිය සුවදායක කර හෘද්‍යාබාධ සහ ආඝාතය වැනි දරුණු රෝග වලින් අපව ආරක්‍ෂා කරනු ලබනවා. දූරියන් ආහාරයට ගැනීම මගින් රුධිර නාලිකා ලිහිල් කර නිසි ලෙස ඔක්සිජන් අඩංගු රුධිරය මොලය කරා ගෙන යාම වේගවත් කිරීම නිසා මතක ශක්තිය මෙන්ම පරිකල්පන ශක්තියද ඉහළ යන බව නවතම අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා.
රාත්‍රී නින්ද නොයෑම පාලනය කිරීම
දූරියන් තුල “tryptophan” නමැති ස්වභාවික රසායනික ද්‍රව්‍ය අඩංගු වන නිසා නින්ද නොයෑමේ ගැටළු වලට සාර්ථක විසඳුමක් ලැබෙනවා. ආහාර සමග මෙම රසායනික ද්‍රව්‍ය ශරීර ගත වීම නිසා මොලයට සැහැල්ලුවක් මෙන්ම සතුටුදායි හැඟීමද වර්ධනය වනවා. මෙම ස්වභාවික රසායනික ද්‍රව්‍ය වැඩි වශයෙන් රුධිරයට එක්වීමන් සිදු වන්නේ ශරීරය වඩාත් වෙහෙසට පත්ව නිදිමත ස්වරූපය ලඟා කර දීමයි. මෙය රාත්‍රී නින්ද නොයෑමේ ගැටළු ඇති පුද්ගලයින් හට සාර්ථක විසඳුමක් වනවා.
ලිංගික බෙලහීනතාවය දුරු කිරීම
ලිංගික රුචිය වර්ධනය කිරීමට සහ දෙපාර්ශවයේම ඇති අසාරතාවය දුරු කිරීමට දූරියන් පළතුරට හැකි වන බව අධ්‍යයන බොහෝමයකින් තහවුරු කර තිබෙනවා.
පිළිකා නැසීම
දූරියන් සතු විටමින්, පෝෂ්‍ය පදාර්ථ සහ ප්‍රභල ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියාකරන අනෙකුත් ප්‍රභල ස්වභාවික රසායනික ද්‍රව්‍ය පිළිකාවට එරහිව සටන් වදිනවා. සෛලීය පරිවෘත්ත ක්‍රියාවලියෙන් නිපදවන අතුරු ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වන “free radicals” මගින් “DNA” වලට සිදු කරන හානි නිසා සාමාන්‍ය සෛල පිළිකා සෛල බවට පරිවර්තනය වීම සිදු වනවා. දූරියන් තුල අඩංගු වන ප්‍රභල ප්‍රතිඔක්සිකාරක මගින් ඔක්සිකාරක ආතතිය දුරු කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කර දූරියන් තුල අඩංගු විටමින් C, සංකිර්ණ විටමින් B, E සහ “phytonutrients” මගින් මෙම ක්‍රියාවලිය මර්ධනය කර බොහෝමයක් පිළිකා සෛල සමග සටන් කරනවා.
අස්ථි වර්ධනය කිරීම
දූරියන් තුල අඩංගු වන මැග්නීසියම්, පොටෑසියම්, මැන්ගනීස් සහ කොපර් වැනි සංයෝගයන් මගින් අස්ථි සවිමත් කිරීම සඳහා විශාල කාර්යයක් සිදු කරනවා. පොටෑසියම් මගින් අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ ශරීරයට අවශෝෂණය කරවා ගැනීම වේගවත් කරන අතර ඔස්ටියෝආතරයිටිස් වැනි රෝග මගින් ආරක්‍ෂාව සලසා දීමද සිදු කරනවා.
රක්තහීනතාවය දුරු කිරීම
දූරියන් තුල අන්තර්ගත වන විවිධ වර්ගයේ ඛනිජ සහ ෆෝලික් අම්ලය මගින් මගින් රතු රුධිර සෛල වර්ධනය කරන අතර දූරියන් සතු යකඩ සහ කොපර් වැනි සංයෝගයන් මගින් අජීර්ණ, ඉරුවාරදය, විඩාව සහ බුද්ධිය ක්‍රමවත්ව ක්‍රියා නොකිරීම වැනි තත්වයන් ඇති කරන රක්තහීනතාවය දුරු කිරීම සිදු වනවා.
ඔබත් දූරියන් වලට ප්‍රිය කරන අයෙක් නම් මෙම සෞඛ්‍යය වාසි පිළිබඳවත් දැනුවත්වී සීමාවක් ඇතිව දූරියන් ආහාරයට ගන්න

1 comment: