Tuesday, July 31, 2018

සිංහල අත්බෙහෙත් වර්ග කිහිපයක් හඳුනාගනිමු 

1. සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදීගෙන එනවිට සෙම පැසවා ඉවත්කරවා සුවවීට
අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල් බටු,කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න. සහිද ලුණු අනුපානය කොට බීම වඬාත් හොදයි.

2. සෙම්ප්‍රතිශ්‍යා උණට
අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල්බටු,දේවදාර කළං දෙකයි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සහිඳ ලුණු අනුපානය කොට උදේ සවස පත භාගය බැගින් බොන්න.(වඩි 3 පමණ)

3. කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍යා උණට

තිප්පිලි කළං 1 යි, අමු ඉගුරු කළං 2යි, බැදපු කොත්තමල්ලි කළං 3 යි, වතුර පත 8-4 සිඳුවා වී පොරි කළං 6 ක් දමා පත එකට සිඳුවා සහිඳ ලුණු කළඳක් දමා උදේ හිස්බඩ එකවර පතම බොන්න.

4. සෙම සහිත කැස්සට

අමු ඉගුරු,කටුවැල්,බටු තිප්පිලි,සුවඳ කොට්ටන් කළං 3 බැගින් ගෙන වතුර පත 8-1ට සිඳ උදේ සවස සීනි දමා වඩි කීපයක් බොන්න.

5. පපුවේ සෙමට
සරිතේක්කු,අමු ඉගුරු,කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා පත 1/2 බැගින් සූකිරි අනුපානය කොට උදේ සවස වඩි 4 ක් බොන්න.

6. සෙම් ගෙඬිවලට
I – නිල් කටරොල් මුල්,මුරුංගා පොතු සිවිය,නිකමුල් සමව ගෙන තම්බා මී පැණි දමා උදේ සවස බොන්න.
II – මුරුංගා මුල්,ඇඹුල් දොඬම් යුෂින් ගලගා හක්කේ තියා සෙම අරින්න.
III – ගම්මිරිස් කුඬු,දිය ලුණු වතුරට දමා උගුර සෝදන්න. (සෙම්ගෙඬි නිතර සෑදේ නම් හොඳ නැත.භයානක රෝග ඇතිවිය හැකි බැවින් වෛද්‍යවරයෙකු හමුවන්න.

7. කල්ගිය සෙම්ප්‍රතිශ්‍යාවට
රසකිඳ,කටුවැල් බටු,අමු ඉගුරු,කලාඳුරු අල,සුවඳ කොට්ටං කළං 2 යි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් පමණ බොන්න.

8. කැස්සට
I – කටුවැල් බටු මුල්,පොල්පලා මුල්,එළබටු මුල් රසකිඳ කළං 2 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ වී පොරි කළං 4 ක් දමා එකට සිඳ උදේ සවස පත 1/2 බැගින් මී පැණි දමා බොන්න.
II – වැල් මී,මුද්දරප්පලම්,තල් සූකිරි සමව ගෙන තම්බා ටික ටික බොන්න.

9. වේලුම් කැස්සට
ආඞතෝඬා මුල්,රසකිඳ,කටුවැල් බටු කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් තිප්පිලි කුඩු දමා උදේ සවස බොන්න.

10. පීනසයට
අසමෝදගම්,තිප්පිලි,බෙලිමුල්,සිද්ධි ගුරු,බැදපු කොත්තමල්ලි,කුරුඳු පොතු කළං දෙක බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් බොන්න. (වඩි 4 ක් 5 ක් බොන්න.)

11. ඇදුමට
I – කටුවැල් බටු,සිද්ධි ගුරු,නෙඵම් ඳඩු,කර්කටගසිංගි,කලාඳුරු අල,රසකිඳ කළං 2 බැගින්ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් සීනි අනුපානය කොට උදේ සවස බොන්න. (වඩි 4 ක් 5 ක් )
II – පොල්පලා අස්වැන්න,කටුවැල්බටු,එඩරුමුල්,මිදි මුල්,බෙලි මුල්,ඇත් දෙමට මුල්.තොටිල්ල මුල්,එළබටු මුල්,පළොල් මුල් කළං 1 යි. මදටිය 4 බැගින් ගෙන වතුර පත 8-4 සිඳ වීපොරි කළං 12 ක් දමා පත දෙකට සිඳ තිප්පිලි කුඩු දමා උදේ සවස පත බැගින් වඩි 4 ක් පමණ බොන්න.

13. මුහුණේ තිත් ලප වලට
කටු ඉඹුල් ගහේ කටු එළ කිරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල්වතුරෙන් මුහුණ සෝදන්න.(සති 2 යි)

14. මුහුණේ තිත් ලප නැති වීමට

කහ,වෙනිවැල් ගැට ලොන් සුඹුලු,අබ,මනෝසිල සමව ගෙන තැඹිලි වතුරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල් දියෙන් මුණ සෝදන්න.
(ක්‍රීම්,පුයර වර්ග ගෑම තහනම්)

15. කුරුළෑවලට
I – ලොන් සුඹුලු,වද කහ,කොත්තමල්ලි ඇල්වතුරෙන් අඹරා ගාන්න.
II – නස්නාරං මුල්,මනෝ සීල එක පමණ ගෙන පළමුව එළගොම ඉස්මෙන් අඹරා දෙවනුව ගිතෙලින් අඹරා ගාන්න. (මනෝසීල විෂ ද්‍රව්‍යයකි. කටේ නොගෑවෙන්න ගෑ යුතු බව හොඳින් සලකන්න.) තිත් ලප කුරුලෑ සම්පූර්ණ නැතිවේ.)

16. මුහුණ සෞම්‍ය වීමට ඉතා ප්‍රත්‍යක්ෂ ඹෘෂධයක්

I – ගම්මිරිස් ඇට 5 යි,ගොරෝචන කළං 1 යි,ඇල් දියෙන් අඹරා දවාලට ගාන්න.
II – (කෙමකි) දිනපතා ආහාර අනුභව කොට,කතා වරක් සෝදා තුන් වරක් මූණේ අත අතුල්වන්න. කිසිදා කුරුළෑ නොඑයි.

17. කට ගඳ නැතිවීමට
ගස් කරල් හැබෝ පැළෑටි පුඵස්සාගත් අඵ,අඹකොළ ඉස්මට දමා අව්වේ කකාරා වේලා රැගෙන බුලත් සමග උදේ සවස කන්න. මනා සුවඳ හමයි.

18. කටහඩ මිහිරි වීමට
I – සිද්ධි ගුරු,වදකහ,කොට්ටම්,අරලු,වැල්මී,තිප්පිලි,අසමෝදග ම්,සහ ිඳ ලුණු සමානව ගෙන චූර්ණයක් සාදා මී පැණි,ගිතෙල් සමග උදේ සවස වලඳන්න.
වරකට කළං 1/2 යි
II – බැමිතිරිය මුල්,සිද්ධිගුරු,වඳකහ,සහිඳ ලුණු සමව ගෙන කුඩුකර පිරිසිදු මී පැණියෙන් අනා උදේ සවස ටික ටික අනුභව කරන්න.
(මෙම ප්‍රතිකාර දෙකම හඩ මිහිරි වීමට ඉතා ප්‍රත්‍යක්ෂයි)

19. දත් ඇදෙනවාට සවිවීමට
කටුකරඞු,සමන්පිච්ච කොළ,කරඳ මුලේ පොතු කළං 6 බැගින් ගෙන කයිප්පු,සීනක්කාරං,රත් හඳුන් කළං 3 බැගින් දමා වතුර පත 16 පත 4 ට සිඳුවා දිනකට 3 වරක් වරකට විනාඩි 5 ක් වතුර කටට ගෙන කකාරා කට සෝදා හරින්න.
(දත් රෝග නසා තදින් දත් සවිවේ.)

20. අකාලයේ දත් සෙලවීමට

කයිප්පු,සහිඳ ලුණු කළං 3 බැගින් ගෙන කුඩුකර තාච්චියකට තල තෙල් තුන්කාලක් දමා එයට කුඩු දමා කාලට සිඳුවා හොඳින් නිවුනු පසුව බෙහෙත් බිදක් කටට ගෙන විනාඩි 5 ක් පමණ කලතමින් සිට කට සෝදා හරින්න.(දිනකට 3 වරයි.දත් සවිවේ.)

21. දත් කැක්කුමට
සීනක්කාරං පුඵස්සා කුඩුකර බෝතලයක දමා වතුර පුරවා තබාගෙන නිතර සොලවා කට සෝදන්න.

22. දත් පණුවන් කෑමට
I – තිබ්බටු ගෙඩි තලතෙලින් මලවා කැක්කුම ඇති පැත්තේ දත්වලින් හපා දියලුණු වතුරෙන් කට සෝඳන්න.
II – වියළි ඉගුරු,ගම්මිරිස්,පිලමුල් පොතු,දියලුණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා දත මුල තබන්න.

23. දත් සුද්ද කිරීමට
ඉඳුන බිලිං ගෙඩි කිහිපයක් ගෙන කටට දමා හොඳින් සපා විනාඩි 10 ක් පමණ බුරුසුව ගෙන දත් දෙපල මදින්න. දත් සිදුරු ආදිය හොදින් මදින්න.ඉන්පසු ඉවත් කොට තල තෙල් ටිකක් කටට ගෙන විනාඩි තුන හතරක් දත් සිදුරු ඇතුළ ආදියට හොදින් කලතා කට සෝදා හරින්න. මුතුමෙන් බැබළේ.

24. කණ් කැක්කුමට

I – නික කොළ,සහිඳ ලුණු,සුදු ඵෑණු කොටා මිරිකා හොඳින් පෙරා කණට බිංදු කීපයක් වත් කරන්න.
I – සුදු ඵෑණු,කඹුරු ඇට මඳ,පෙරුන්කායම්,සිරැස්සවාලු සමව ගෙන අඹරා කෙසෙල් කොළයක ඔතා උණු අලුපල්ලේ තම්බා මිරිකා පෙරා කණට බිංදු කීපයක් වත් කරන්න.

25. කණ පැසවීමට
I – සහිඳ ලුණු,ළපටි කපු ගෙඩි,තලතෙල් සමව ගෙන තලා පෙරා කනට බිංදු කීපයක් වත් කරන්න.
II – දෙමට මුල් පොතු කුඩු,මිරිස්ස මුලේ පොතු,වියළි කහ,මගුල් රඳමුල් පොතු තල තෙලින් අඹරා රත්කර කන ගැටේ ගා ඉස්ම බිංදු කීපයක් කණට වත් කරන්න.
III – අමු කහ,කොහොඹ කොළ කොටා ඉස්ම රත්කර බිංදු කීපයක් කණට වත්කරන්න.

26. කණේ සතෙක් ගිය විට
දියලුණු බිංදු කීපයක් කණට වත් කරන්න.

27. ඉස්හොරි
I – දෙහිගෙඩි කීපයක්,පොල් කිරෙන් තම්බා,පොඩිකර හිසේ ගා විනාඩි 30 ක් සිට නාන්න. දින 3 කින් පසු සුවවේ.
ඉදුනු ඇඹුල් කෙසෙල් ගෙඩි පොඩිකර හිසේ ගා විනාඩි 30 කින් නාන්න. දින 3 කින් සුව වේ.

28. උකුණන් වඳකර ගැනීමට

I – කොහොඹ මල් අඹරා හිසේ ගා විනාඩි 30 ක් සිට නාන්න. උකුණෝ වැටෙති
II – අබ,ගොඩපර එකට තම්බා එම වතුරින් හිස සෝදා නාන්න.දින කීපයක් කිරීමෙන් උකුණෝ වඳවෙති.

29. හිසකෙස් ක්‍රේල්ව දිගුව වැඩෙන්නට

වලස් තෙල් 1/4 කට ඉතා පිරිසිදු තල තෙල් 1/2 ක් දමා හොදින් කළවම් කර දින 3 ක් ගියපසු,දිනපතා හිසගල්වන්න.දීර්ගව කඵපාටට කෙස් වැඩේ.

30. අකලට සුදුවෙන කෙස් කඵවීමට
කීකිරිදිය කොළ ඉස්ම පත 8 යි. නෙල්ලි ඉස්ම පත 8 යි.හොඳින් කළවම් කර රාත්‍රි මඳ ගින්නේ ගිණි අගුරු වලින් පමණක් රත් කර කකාරා,සතකුප්ප,සුදුහඳුන්,කංකුමප්පු,කොල්ලං කොළ,ජටා මාංශ සමව ගෙන හොඳ ප්‍රසිද්ධ බෙහෙත් කඩයකින් කස්තුරි පොඩ්ඩක් ගෙන (කස්තුරි මිල අධික නිසා පොඩ්ඩක් ගන්න) සමව අඹරා ඉහත බෙහෙත් බඳුනට දමා පදමට සිඳුවා හිස ගල්වන්න. සුදු කෙස් කඵවේ.

31. හිසේ කෙස් යනවාට
උදේ පමණ ඇල්වතුර නා ඉතා හොඳින් හිස පිරිමැද ඉහත ආකාරයට සුදුවන කෙස් සඳහා වූ තෙල් සාදා ගන්න. (ඉතා වටිනා ඖෂධයකි.)

32. තද හිස රුදාවට
I – ඉගිනි ඇට,අරඵ,නෙල්ලි,සියඹලා,සුදු හඳුන්,කෝමාරිකා,කුර මුල් මුකුණු වැන්න සමව ගෙන තැඹිළි වතුරෙන් අඹරා නළලේ ආලේප කරන්න.
II – සුදු හඳුන් තන කිරෙන් ගලගා රෙදි කෑල්ලක ගා නළලේ එලන්න.
III – දෙහි ඇඹුලෙන් ඉගුරු ගලගා නළලේ එලන්න.
IIII – රතුඵණු විනාකිරෙන් අඹරා නළලට පැලැස්තර එළන්න.
IIIII – කහ කුඩු රෙදි කඩක දමා,පහන් තිරයක් මෙන් සාදා ගිතෙලින් පොගවා දල්වා දුම නාසයට උරන්න.

33. ඉරුවාරදයට
I – සුදුඵෑණු,තලඇට,සහිඳ ලුණු මී පැණියෙන් අඹරා නළලේ ගාන්න.
II – අබ,සුදු හඳුන්,අමු ඉගුරු ඇඹුල් දොඩම් යුෂින් අඹරා පැළැස්තරයක් සාදා නළලට එලන්න.
III – සියඹලා කොළ,උඳුපියලිය කොළ,රතුඵෑනු කොටා පොට්ටනි කර වන්ඩුවේ තම්බා නළල තවා(හොඳින් තවන්න)නිශාදි තෛලය හිස ගල්වන්න.

34. නාසයෙන් ලේ යනවාට
I – ගොටු ඳඞු,අසමෝදගම්,රතුඵෑනු,වළගසාල් සමව ගෙන තම්බා එම වතුරට සීනි දමා උදේ සවස බොන්න.
II – දෙඵම් මල් තලා ඉස්ම බිංදු කීපයක් නහයට දමන්න.
III – කෙසෙල් අල කොටා යුෂ ගෙන හිසේ ගාන්න.
IIII – නීල්‍යාදි තෛලය ගෙන හිසේ ගල්වන්න.

35. නාසයේ මස් ඳඵ වලට
වියළි කෙසෙල් කැන් නැටි,රත් නිටුල්,පල්මානික්කම් සමව ගෙන දවාගත් අඵ දෙහි ඇඹුලෙන් අනා,රෙදිකඩක ගා මස් දඵවේ එලන්න.

36. නාසයේ වේලුමට
නීල්‍යාදී තෛලය නාසයට උරන්න.හිස ගල්වන්න.

37. අඵහම් වලට

(පළමුව සැහැල්ලු බඩ විරේකයක් කරන්න.මෙහි බඩේ රෝග සඳහා වන සැහැල්ලු විරේකයක් සුදුසුය.)
I – ඇත්තෝර කොළ යුෂ දෙහි ඇඹුල් කළවම් කර අව්වේ කකාරා ගා පැයකට පසුව නාන්න.
II – ඇත්තෝර කොළ,පේර කොළ,අමු කහ සමව ගෙන කොටා යුෂ ගෙන අවුවේ කකාරා ගා පැයකින් නාන්න.(සතියයි)

38. පණු කැවිළි දද වලට
I – ඇත්තෝර දඵ,බේත් එඞරු දඵ,කුකුරුමාං දඵ,කොහොඹ දඵ,දෙහි ඇට මද කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා උදේ සවස හොඳින් තවන්න.
II – ඇත්තෝර කොළ,දෙහි ඇට මද,සුදු ඵෑණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා බඳින්න. ගාන්න.
III – ලුනුවිල තැම්බු වතුරෙන් හෝ කොහොඹ දඵ,අමුකහ තැම්බු වතුරෙන් හෝ සෝදන්න.

39. අල්ලේ පණු කැවළි වලට

I – රත් නෙටොල් කොළ,අමුකහ,දියලුණු එකට දමා කොටා මලවා බඳින්න.
II – සියඵම පණු කැවිලි දද ඇති අය මෙම කසාය වඩි 4 ක් බීමෙන් නිට්ටාවටම සුවවේ.

40. පණු හොරි වලට
I – නිදිකුම්බා,සමදරා කොළ තම්බා සෝදා හුණු,කපුරු,කහ සමව ගෙන පිරිසිදු තැඹිලි තෙලින් අඹරා ගාන්න.
II – සහිඳ ලුණු,අරඵ,ඊතණ,කෙළිඳ හාල්,තෝර ඇට සමව ගෙන හාල් පාණු දියෙන් අඹරා ගාන්න.

41. ඉන්නන්ට
I – වලා වැන්න ඉස්ම උණුකර ගාන්න.
II – බුරුල්ල ගෙඩි පොඩිකර ඉන්නන් පිට උලන්න.
III – දියලබු නැට්ට දින කීපයක් ඉන්නාගේ අතුල්ලන්න.ගැලවේ
IIII – රතුඵෑණු ගෙඩියක් කපා කැපු පැත්තට හුණු ටිකක් ගා ඉන්නා මතුපිට අතුල්ලන්න.සමේ ගාන්න එපා තුවාල වේ.

42. කට තොල සුදු කබරවලට

I – ඉරිවේරිය ගස සහමුලින් ගෙන පුච්චා අඵ ටික ඇල් වතුරෙන් අනා කබරවල ගාන්න.
II – වරා කිරි භාජනයකට ගෙන,වියළි පොත් ගෙඩිවල කිරි හා තලතෙල් ටිකක් සමග කළවම් කරන්න.තද අව්වේ හොඳට සිඳුවා රෑ නින්දට පෙර ගාන්න.

43. ගතේ සුදු කබරවලට
I – මොණර පිල්,සිවංගුරු සමානව ගෙන ගව මුත්‍රා වලින් අඹරා උදේ සවස සති දෙකක් ගාන්න.
II – දිවි සම පුඵස්සා ගත් අඵ මී තෙලින් අඹරා ගාන්න.

44. ඇගේ පඵ නැගුන විට කරප්පන්වලට
I – අබ තෙල් ගාන්න.නැතිනම් වාත විදුරංග තෙල් ගාන්න.
II – අමු පොල්කොළ හීනියට ඉරා ගිණි කබලක් මත දමා දුම් අල්ලන්න.
III – උණ දඞු පුඵස්සා ගත් අඵ තේ හැඳි 1 ක් පුරවා වතුර පීරිසි කෝප්පයකට දමා දියකර පෑදුනාට පසුව පෙරා එම ජලය දිනකට තුන්වරක් බොන්න.
IIII – දුම්මෑල්ල,කොත්තමල්ලි කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.
(ළමයකුට නම් කළං 3 බැගින් වතුර පත 1/2 සිඳ උදේ සවස දෙන්න.)

45. බඩේ අඡීර්ණයට
I – අමු ඉගුරු උණු අඵ පල්ලේ දමා තම්බා සහිඳ ලුණු සමව ගෙන අඹරා,තිබ්බොටු ගෙඩියක් තරම් දිනකට තුන් වරක් කෑමට පැය 1/2 පෙර උණු වතුරෙන් බොන්න.
II – පොල් හකුරු,අමු ඉගුරු,මුරුංගා පොතු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා තිබ්බොට ගෙඩියක් තරම් උණු වතුරෙන් කෑමට පැය 1/2 කට පෙර බොන්න.

46. අඡීර්ණ පිච්චී යාමට
කොත්තමල්ලි,වියළි ඉගුරු,තිප්පිලි සමව ගෙන කබලේ බැද කොටා හලාගෙන කෝපි මෙන් උදේ සවස බොන්න.

47. කෑම අරුචිය
I – රතුඵෑණු,සුදු ඵෑණු,අමු මිරිස්,දියලුණු,ගම්මිරිස් සුදුසු පරිදි ගෙන කරපිංචා කොළ ටිකක් කබලේ බැද එයට දමා දෙහි ඇඹුලෙන් අඹර බත් සමග කන්න. (ළමුන්ට වුවද දීමට හැකිනම් ඉතා හොඳයි)
II – අමු ඉගරු,සහිඳ ලුණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා කෑමට පැය භාගයකට කලින් තිබ්බටු ගෙඩියක ප්‍රමාණයක් උණු වතුරෙන් දියකර බොන්න. දිනකට 3 වරයි.

48. බඩේ දැවිල්ලට

I – රසකිඳ,කොහොඹ පොතු,දුම්මැල්ල තම්බා ගත් වතුර සීනි දමා උදේ සවස බොන්න.
II – ආඩතෝඩා කොළ,නෙල්ලි,බාර්ලි සමව ගෙන තම්බා සීනි දමා උදේ සවස බොන්න.
III – පුහුල් මද ඉස්ම බොන්න.

49. මෙම කසාය බොන්න
කොත්තමල්ලි,වියළි ඉගුරු,කළාඳුරු අල,බෙලිමුල්,ඉරිවේරිය කළං 2 යි මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.

50. කිරි පණුගායට
පෙරුම්කායම් කුඩු,වළගසාල් කුඩු කළඳ බැගින් කළවම් කර සුදුඵෑණු ඉස්මෙන් කළඳක් හිස් බඩ අනුභව කරන්න.
ඉන්පසු ගොටු දඞු තැම්බූ වතුර පතක් හිස්බඩ බොන්න.
(පණුවන් වැටේ. ඉතා වටිනා ප්‍රතිකාරයකි.)    
    
51. කිරි පණුවන් ඇති නොවීමට
එරමුදු දඵ මිටක් දෙකක් ගෙන කුප්පමේනිය දඵ සහ වෙනත් පළා කොළ සමග කළවම් කර මළවා මසකට දෙවරක්වත් ආහාරයට ගන්න. (ළමයාගේ සිට වැඩිහිටියා දක්වා ගුණයි. මඤ්ඤෙක්කා කොළ කළවන් මැල්ලුමට නුසුදුසුය.)

52. කිරිපණු විරේකයට
I – ඇත්තෝර කොළ ලියා ගිතෙලින් මලවා ආහාරයට ගන්න.විරේක වේ.විරේක වූ පසු තැම්බුම් හොදි,මිරිස් හොදි සමග බත් කන්න.
II – ඇත්තෝර කොළ පොල් දමා මළවා කෑමද හොඳයි.විරේක වේ.

53. බඩ කොරවීමට
I – කළටි පොල් ලෙල්ලක් රත්කර බඩ තවන්න.
II – බෙලිමුල්,පොල්පලා මුල් තම්බා උදේ සවස බොන්න.
III– පොල්පලා,සුදුඵෑණු තම්බා උදේ සවස බොන්න.

54. ගමන් බිමන් යනවිට රථවාහන වල යනවිට වමනය යනවාට
අඵයම නැගිට දෙහි ගෙඩි කීපයක් මිරිකා,රාත්‍රි උණුකොට නිවා තිබු වතුර හා දියලුණු බිංදුකීපයක් ද දමා සීනි දියකොට පීරිසි කෝප්පයක් තරම් බොන්න.වැඩි වුණාට කම් නැත. පැය 1/2 කට පසු සෙමට අගුණ තෙල් කෑම නොකා එසේම පිතට අගුන රටකජු කෑම ආදිය ද නොගෙන සුදුසු ආහාර ගන්න.
බෝතලයකට දමා ඉහත දෙහි යුෂ ටිකක් අතර මගදීත් අවශ්‍යනම් වරින් වර බොන්න.වමනය නොයයි.

55. මුත්‍රා පරිසිදු වීමට

නිතර රාබු ලියා මලවා ආහාරයට ගන්න. නීරමුල්ලිය,කටු අනෝදා නිතර ආහාරයට ගන්න.රාඛු කොළ ලියා දෙහි ඇඹුල්,රතුඵෑණු,පොල් දමා සම්බෝලයක් සාදා කෑමට ගන්න.

56. මුත්‍රා දැවිල්ලට
ඉගිණි ඇට,වැල්මී,සුදු හඳුන් කළං 3 බැගින් ගෙන තැඹිලි වතුරෙන් අඹරා තැඹිලි ගෙඩියක් ගෙන ඇස්ස ගසා බිඳක් වතුර ඉවත්කොට එයට ඇඹරුම් දමා ඇස්ස වසා රෑ පින්නේ තබා උදේ හිස් බඩ බොන්න. (ඌෂ්ණ ආහාර තෙල් කෑම අගුණයි) හොඳට පෙරා බොන්න.

57. නින්දෙන් මුත්‍රා යනවාට

I – පොල්පලා ඉතා සිහින්ව ලියා අලුත් මැටි බඳුනක දමා වේලා ගන්න. තේ මෙන් වත්කර දින කීපයක් කිතුල් හකුරු සමග දෙන්න.

58. මුත්‍රා අඩස්සියට
නෙරෙංචි කළං 12 ක් ගෙන, වතුර පත 8-1 සිඳ යවකාර ලුණු ටිකක් දමා බොන්න. වහා මුත්‍රා පිටවෙයි.

59. වකුගඩු ආබාධ ඇතිනොවීමට

රණවරා මල් තම්බා නිතර බොන්න.රණවරා කොළ කැඳ උදේට පානය කරන්න.රාබු, නීරමුල්ලිය,කටු අනෝදා හැකි සැමවිටම ආහාර ගන්න.

60. අණ්ඩවාතයට
(මෙය කෙමකි)වම ලොකුනම් දකුණු අතේද දකුණ ලොකු නම් වම් අතේද ඉරමුසු වැලක් කතා නොකර ගලවා බැඳ රාත්‍රි නින්දට යාමට පෙර කතා නොකර නිදාගන්න.රාත්‍රි ඇඳෙන් බැසීම තහනම්. අඵයම නැගිට කතා නොකර ලිහා හිසට උඩින් වීසි කරන්න. (සම්පූර්ණ සුවවේ. ආරම්භයේ සිට අවසානය දක්වාම කතා නොකර කළ යුතුය.)

61. කුඩා බිළිඳාගේ මළ බද්ධයට
I – ලුණු විල,අරඵ,වැල්මී ස්වල්පය බැගින් ගෙන තම්බා සීනි මිශ්‍රකර තේ හැඳි 1/2 බැගින් උදේ සවස දෙන්න.

62. රතගාය හා වෙනත් රෝග නොවැළදීමට
උපන් දා සිට රත කල්කය දිනකට වරක් මවු කිරෙන් හෝ කොත්තමල්ලි වතුරෙන් දෙන්න.
(වසරක් යනතුරු දිය යුතුවේ)

63. රත ගායේදී ඇග සේදීමට
වෙනිවැල්ගැට තැම්බූ වතුරෙන් හෝ අමුකහ කොහොඹ කොළ තැම්බූ වතුරෙන් හෝ ලුණු විළ තැම්බූ වතුරෙන් හෝ සෝදන්න.

64. රත බිබිලිවල ගෑමට
මදටියා කොළ-පොතු ඉස්ම,ඇඹුල් දොඩම් යුෂ එක පමණ ගෙන කකාරා ගාන්න.

65. බිළිඳා බෝවෙන රෝගයන්ගෙන් සහ බියවීමෙන් වැළකීමට
I – උපන් දා සිට වසරක් යන තෙක් ඔසුදුම් පැකට් එකක් බෙහෙත් කඩයකින් ගෙන අගුරු කබලකට බිදක් දමා උදේ සවස බිළිඳා නිදන තොටිල්ලට දුම් අල්ලන්න.
II – වදකහ කෑල්ලක් පෙරුම්කායම් පොඩ්ඩක් රෙදිකඩක ඔතා බළිඳාගේ අතේ ගැටගසා තබන්න.යකඩ ඇනයක් තොටිල්ලේ කොනක ගැටගසා තබන්න.

66. වලිප්පුව (ෆිට් එක) සෑදීමෙන් වැලකීමට
රත කල්කය පෙරසේ දෙන්න. සතියකට වරක් නිදිකුම්බා ගස තැම්බු වතුර තේ හැඳි 1/2 සීනි මිශ්‍ර කොට තුන්මසක් දෙන්න.

67. ළදරු බඩ පිපුමට
I – වදකහ ලුණු වතුරෙන් ගලගා බඩට පැලැස්තරයක් එලන්න.
I – වදකහ දෙහි ඇඹුලෙන් ගලගා මවුකිරි සමග පොවන්න.

68. බඩ යාමට
I – ඉරමුසු මුල් තන කිරෙන් ගලගා දිනකට 3 වරක් පොවන්න..

69. කිසිදා දත් රෝග ඇති නොවීමට

I – කුඩා කළ සිට මෙහි සඳහන් දත් බේතක් සාදා උදේ සවස දත් මැදීමට පුරුදු වන්න.
II – ගතට දතට කිසිම ගුණයක් නැති සිතට පමණක් සිසිලක් එන කෘතිම සීත කළ බීම හා අයිස් වර්ග වලට පුරුදු නොවන්න. එයින් දත් විනාශ වේ. වෙරඵ,නෙල්ලි,සියඹලා,අඹ,ඇඹරැල්ලා,ආදී ස්වභාවික දෙයට ළමයා පුරුදු කරවන්න.

70. සෝම රෝග (ඇග උණු කරවා යාම)
I – කඵ උක් දඞු,වැල්මී,නෙල්ලි,සිරිතේක්කු,කිරිබදු අල කළං 2 මදටිය 8 බැගින් ගෙන වතුර පත 7 ක් ද කැහිපිත්තන් කොළ යුෂ පතක්ද දමා පත 1 ට සිඳ මී පැණි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් බොන්න.

71. මාසික වේදනාවට
කූරතම්පලා ගස සහමුලින් ගෙන තම්බා බොන්න. සුවඳැල් කෙසෙල් ගෙඩි අනුභව .



72. නතර වු මාස් ශුද්ධිය
අරඵ,බුඵ,නෙල්ලි,රසකිඳ,පොල්පලා මුල් ළං 2 යි මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ උදේ හිස් බඩ සහිඳ ලුණු දමා බොන්න. විවේක වී නම් දහවලට තැම්බුම් හොඳි,මිරිස් හොඳි බත් කන්න.සැර කෑම,තෙල් කෑම අගුණයි.

73. මසකට කීපවරක් ඔසප් වීමට

කඵ උක්,මානෙල් අල,සුදු හඳුන්,සැවැන්දරා මුල්,වදමල්,ඉරමුසු,රත්මල්,වැල්මී කලන් 1 1/2 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.

74. යෝනි දැඩිවීමට
ඉදුනු අඹ ඉස්ම,මී පැණි,කපුරු සමග අනා රාත්‍රියේ ආලේප කරන්න.සති දෙකක් ප්‍රතිකාර කළ විට ඉතා හොඳින් වැඩේ.ඇල්වතුරෙන් සෝදනවිට සෝදන්න.

75. කිරි එරීමට
කිරිබදු අල වේලා පිටිකර උදේට එළකිරි සමග මදටිය 5 ක් පමණ වළඳන්න.සති දෙකක් වළඳන විට හොඳින් කිරි වැඩේ.

76. ශරීරය සුවඳවත් වීමට වර්ණවත් වීමට
I – සුදු හඳුන්,අරඵ,සැවැන්දරා,අඹ පොතු,ලොක්සුබුඵ සමව ගෙන ඇල් වතුරෙන් අඹරා ශරීරයේ ගා පැයකින් නාන්න. එකවර දින ගණනකට බෙහෙත් සාදා ගන්න.
(අඵහම් නැතිවී සම වර්ණවත්ව බබලා සුවඳවත් වේ.)
II – නාමල් රේණු,අගිල් ඉරිවේරිය,මසන් ඇට මද,සැවැන්දරා මුල්,සුදු හඳුන් ඇල්වතුරෙන් අඹරා ශරීරයේ ආලේප කරන්න. සුවඳ වේ.

77. සිසිල් වීමට
ලොක් සුඹුඵ,කොහොඹ කොළ,දෙඵම් පොතු,නෙඵම් මල් ඇල් වතුරෙන් අඹරා ශරීරයේ ආලේපකොට පැයකින් නාන්න.


78. නෂ්ඨ කාමයට
නෙල්ලි යුෂ බඳුනකලා අවුවේ කීප දිනක් වේලා කකාරා සූකිරි,ගිතෙල්,මී පැණි මිශ්‍රකොට උදේ සවස ටික ටික වළඳන්න. (කාම රතිය ඇතිවේ)

79. ධාතු ශක්තිය ඇතිවීමට
එළකිරිවලට සීනි දමා එයට උඳු සෑහෙන ප්‍රමාණයක් දමන්න.පවනේ උඳු වේලාගන්න.දින 6 ක් මෙලෙස එම උඳු නැවත නැවත කිරිවල බහා වේලාගන්න.ඉන්පසු අඹරා ගුලිකොට සවසට ගිතෙලින් බැද අනුභව කරන්න.එදිනෙදාට බැදගන්න. උෂ්ණ ආහාර අගුණයි.මහත්සේ ධාතු ශක්තිය ඇතිවේ.

80. වීය්‍යී ශක්තිය වැඩීමට
ඌරුතෙල්,මී පැණි සමානව ගෙන අනා රාත්‍රියට ලිංගයේ ආලේප කොට පිරිමැද උදේට උණුවතුරෙන් සෝදන්න.ඝනවෙයි,දිගුවෙයි,ශක්තිය ලැබෙයි.

81. ක්ෂණික මෝචනයට
නුග පොතු යුෂින් ඇඹරූ සුදු නීරමුල්ලිය ඇට අඹරා මගුල් කරඳ ඇටයක දමා බිඳක් වේලා තබා අඹරා ගුලිකොට මුඛයේ තබාගෙන යෙදෙන්න.

82. අධික වේලාවක් ප්‍රීතිවීමට
කඵ කැම්බේරිය මුල්,නෙඵම් දඞු සමවගෙන මී පැණියෙන් අඹරා පැයකට පෙර නාභියෙහි ගා යෙදෙන්න.

83. ලොකුම සැපතකට
එළකිරි,එළගිතෙල් එකට මිශ්‍රකොට හොඳට පාදෙක සෝදා යටිපතලේ ආලේපකොට පැයක් සිට යෙදෙන්න.

84. විෂ සඳහා ප්‍රතිකාර ප්‍රථමාධාර
I – සියඵම සර්ප විෂේදී හෘදය ආරක්ෂා වීමට විෂ ශරීරගත වී නම් පළමුව වමනය කරවන්න.ඊට පසු එළිගිතෙල් ටිකක් පොවන්න.
II – වමනය කරවීමට අඹ මේස හැන්දක් වතුරෙන් අඹරා වතුරට දියකර පොවන්න.වමනය වේ.වමනය නොගියේ නම් උගුරට ඇගිල්ල ගසා වමනය කරවන්න.විෂ වර්ග බීමේදී මෙය හොඳයි.

85. ගෝනුසු විෂට

පරණ කොහු ලණු පුඵස්සාගත් අඵ පොල්තෙලෙන් අඹරා ගාන්න.වරා කොළ කොටා පිරිමි මුත්‍රයෙන් අඹරා ගාන්න.ඇට සහිත ගස් කරල් හැබ ඇල්වතුරෙන් අඹරා ගාන්න.

86. පත්තෑ විෂට
I – පැපොල් මුලක් පිරිමි මුත්‍රයෙන් අඹරා ගාන්න.කෑ තැන ලුණු වතුරෙන් තෙමා අමුකහ අල,දෙමට මුල් උණු දියෙන් අඹරා ගාන්න.
II – විෂ වැඩිනම් දිවුල්ගසේ පස් පංගුව තම්බා පීරිසි කෝප්පයක් තරම් වතුර ටිකක් බොන්න.

87. දෙබර බඹරු මී මැසි විෂට
එරබදු කොළ දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.අමුකහ අල,දෙමට මුල් උණුදියෙන් අඹරා ගාන්න.

88. කුනකටු විෂට
දිවුල් දඵ,දෙහි දඵ සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.ඉන්පසු දිවුල් කොළ පොතු,කහ,ලුණු දමා කොටා මලවා බඳින්න.

89. විෂකුරු සතෙක් දෂ්ඨ කළ විට සතා නොදනී නම්
I – සස්සඳ මුලක් දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.
II – එළගිතෙල් ටිකක් පොවා වෛද්‍යවරයෙක් හමුවට ගෙනයන්න.

90. බලු විෂට

I – සපා කෑ විගස බෙහෙත් සබන් ජාතියක් ගා සෝදන්න.
II – මුරුංගා කොළ හුණු සමග කොටා තුවාලයේ බඳින්න.
III – දිවුල් කොළ,පොතු,අමුකහ,දියලුණු සමව ගෙන කොටා මලවා බඳින්න.

91. බළල් විෂට
කුප්පමේනියා කොළ අඹරා තබන්න.

92. මී විෂට
I – කෑ විගස රත්‍රන් කෑල්ලක් රත්කර කෑ මුඛයේ තබන්න.
II – එළගිතෙල් කෑ මුඛයේ ගා බළලකු ලවා ලෙව කෑමට සලස්වන්න.
III – දිවුල් කොළ, පොතු කොටා මිරිකා රතු කැකුඵ හාලෙන් කැඳ පිස දෙන්න.

93. සියඵ විෂට
තිප්පිලි,වියළි ඉගුරු,වදකහ,ගම්මිරිස්,සහිඳ ලුණු කළං 2 බැගින් ගෙන කුඩුකර හලා ගිතෙල්,මී පැණි දමා අනා මුදවාපු කිරි දමා කලවම් කර වරකට තැලුම් බටු ගෙඩියක් තරම් වයස12 ඉහළ අයට නිවුන වතුරෙන් දෙන්න.දවසට දෙවරක් උදේ සවස.

94. අත්තන විෂට

හීං ඇඹුල් ඇඹිලියා කොළ ඉස්ම කීප වරක් පොවන්න.

95. නියගලා විෂට
කැබැල්ල කොළ ඉස්ම,පොල්කිරි කළවම් කර කීපවරක් පොවන්න.

96. කදුරු විෂට
කළාඳුරු අල,කී කිරිඳිය කොළ ඉස්මෙන් අඹරා කී කිරිදිය කොළ ඉස්මට දියකර කීපවරක් පොවන්න.

97. භූමිතෙල් විෂට
I – වමනය කරවන්න.
II – කරවිල වැල් ඉස්ම,පුහුල් වැල් ඉස්ම පොවන්න.

98. කිනිතුල්ලන් එල්ලුන විට

රතුඵෑණු ගෙඩියක් ගෙන මුඩ්ඩ කඩා කිනිතුල්ලා වැටෙන තෙක් අතුල්ලන්න.

99. උලුක්කුවට
බේත් එඩරු ගසේ පස් පංගුව දියලුණු,අමුකහ දමාකොටා තල තෙලින් මලවා බදින්න.

100. තැලීමට කෙටීමට
අඵ විනාකිරෙන් අනාගන්න.බටතැල්ල ගස කහ,දියලුණු දමා කොටා මලවා බඳින්න.


වි.වෛද්‍යාචාර්ය බඹරකන්ඳ ගුරු දේවමිත්ත
අලව්ව – නෙඵම්දෙනිය

Saturday, July 28, 2018


ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට නම් ...

සරළ බසින් පැවසුවහොත්, ආත්ම විශ්වාසය යනු, තමාගේ වටිනාකම සහ හැකියාවන් තමාට දැනෙන ආකාරයයි. ආත්ම විශ්වාසය පහළ වැටෙන විට ඔබේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය, රැකියාව, මිතුදම්, අනෙක් පෞද්ගලික සම්බන්ධතා ආදිය නිතැතින්ම අඩපණවීම සිදුවේ. ඔබ දිවිය පුරාම බිඳවැටුණු ආත්ම විශ්වාසය සමග ගැටෙමින් ජීවත් වූවා විය හැක. නැතහොත්, මෑතකදී සිදුවූ යම් යම් සිදුවීම් නිසා ආත්ම විශ්වාසය බිඳවැටුනා විය හැක. කෙසේ වුවත්, යලි ආත්ම විශ්වාසය ගොඩනංවා ගැනීමට ප්‍රමාද නැත. එසේ නම්, ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීම සඳහා කුමක් කල යුතුද?
ඵලදායී යමක් කරන්න.
ඔබ සතුව යම් කාර්යයන් ලැයිස්තුවක් තිබෙන මුත්, යම් යම් හේතූන් මත ඒවා ක්‍රියාත්මක නොකර පසෙකට කර තිබෙනවා විය හැක. එසේ නම්, යලි වැඩකිරීම ආරම්භ කිරීමට වෙලාව පැමිණ ඇත. කාමරය පිරිසිදු කිරීම හෝ පැල කිහිපයක් සිටුවීම වැනි සරළ දෙයක් මුලින්ම කරන්න. එවැනි කුඩා කාර්යයක් වුවද, සාර්ථකව අවසන් කිරීමෙන්, ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය වේ. එවිට ක්‍රමයෙන්, වඩා සංකීර්ණ කාර්යයන් කිරීම දක්වා එය වර්ධනය කරගත හැක.
යම් දක්ෂතාවයක් ප්‍රගුණ කරන්න.
ඔබව අන් අය අතර කැපීපෙනෙන හෝ අනෙක් අය විසින් අගය කිරීමට ලක්වන, යම් ක්‍රියාවක් හෝ දක්ෂතාවයක් සොයාගෙන එය ප්‍රගුණ කරන්න. එවිට, ඔබේ දක්ෂතාවය පිළිබඳ ඔබටම ආඩම්බර විය හැක. ඔබ නර්ථනයට දක්ෂ නම්, එය ප්‍රගුණ කලහැක. ඔබ චිත්‍ර ඇඳීමට දක්ෂ නම්, එය වැඩිදියුණු කරගත හැක. ඔබ ගීත ගායනයට දක්ෂ නම්, එය තවදුරටත් පුහුණු විය හැක. මෙසේ, ඔබ කුමන ක්‍රියාවකට දක්ෂ වුවද, එය වර්ධනය කරගැනීම ඔබටම අභියෝගයක් කරගෙන, වැඩිදියුණු කරගැනීමෙන් ආත්ම විශ්වාසය ඉක්මනින් වර්ධනය වේ.
ව්‍යායාම සහ ශාරීරික ක්‍රියාකාරකම් කරන්න.
ව්‍යායාම සඳහා පින්තුර ප්‍රතිඵල
ව්‍යායාම කිරීම ඔබගේ චිත්ත ස්වභාවය (Mood) ඉහළ දමන අතර, ආත්ම විශ්වාසය වැඩිදියුණු කිරීමට හේතුවේ. රැකියාව නිමවීමෙන් පසුව, ඇවිදීම වැනි සරළ ක්‍රියාකාරකමකින් පවා ඔබේ ශරීරයේ ශක්තිය සහ සෞඛ්‍යය වර්ධනය වී ඇති බවට හැඟීමක් ඔබට ඇතිවේවි.
තමාටම කතා  කරන රටාව වෙනස් කරන්න.
ඔබ පිළිබඳව ඔබටම හැඟෙන ආකාරය සැලකිය යුතු ලෙස වෙනස් කිරීමට, ඔබ ඔබටම ආමන්ත්‍රණය කරන්නේ කෙසේද යන්නට හැකියාව ඇත. ඉතා කුඩා වැරදීමක් වූ විට පවා, එය විශාල වැරැද්දක් හෝ බිඳවැටීමක් ලෙස සිතන්නේ නම්, ඔබේ ආත්ම විශ්වාසයට සිදුවන්නේ විශාල හානියකි. ඕනෑම සිදුවීමක හෝ වැරදීමක, ධනාත්මක පැතිකඩ දැකීමට හුරුවන්නේ නම්, ඔබ පිළිබඳව ඔබ සිතන ක්‍රමය වෙනස් වී, ආත්ම විශ්වාසය තවදුරටත් වර්ධනය වනු ඇත. සැමවිටම, ඕනෑම වැරදීමක්, එය සාර්ථකව අවසන් කිරීමට පාඩමක් කරගන්න.
බාහිර පරිසරයේ කාලය ගතකරන්න.
බොහෝවිට, බොහෝ දෙනෙක් රැකියා කරන ස්ථානය තුළ සිරවී සිට නිවසට පැමිණි විටද, නිවස තුළටම වී කාලය ගතකරනු දැකිය හැක. නිදහසේ බාහිර පරිසරයට වී විනාඩි 5 ක් පමණක් ගතකිරීමෙන් වුවද, ආත්ම විශ්වාසය වැඩිවන බව සොයාගෙන ඇත. එමනිසා, විනෝදය සහ ව්‍යායාම යන දෙකම ලැබෙන, බයිසිකල් පැදීම, ඇවිදීම, කඳු නැගීම, හෝ පිහිනීම වැනි ක්‍රියාකාරකමක් කිරීමට යොමුවන්න.
බලාපොරොත්තු අඩුවෙන් තබාගන්න.
සැමවිටම, සර්ව සම්පූර්ණ වීමට උත්සාහ කිරීම, සාර්ථක වීමට වඩා බලාපොරොත්තු බිඳවැටීමට හේතුවිය හැක. එයින් වැළකීමට නම්, යම් ඉලක්කයක් සපුරාගැනීමට කටයුතු කරන විට, එය සර්ව සම්පූර්ණ විය යුතුම බවට ඇති අදහසේම සිට කටයුතු නොකරන්න. උදාහරණයක් ලෙස, ඔබ යම් පැවරුමක් හෝ වාර්තාවක් නිමකල විට, එය නිසි වෙලාවට අවසන් කිරීම ගැන ආඩම්බර වන්න. නමුත්, ඔබේ ප්‍රධානියා යම් වෙනස්කම් හෝ එකතුකිරීම් කිහිපයක් කලයුතු යැයි පැවසුවහොත්, ඔබ අසාර්ථක වූවා යැයි සිතන්නට එපා. ඒ වෙනුවට, එසේ කිරීමෙන් යමක් අලුතෙන් ඉගෙන ගැනීමට ලැබුනේ යැයි සිතන්න. එමගින්, ඉදිරියේදී එවැනි කාර්යයක් සාර්ථකව නිමකිරීමට, ඔබගේ ජීවිතයට යමක් එකතු වූවා යැයි සිතීමට පුරුදුවන්න.
ඉලක්කයන් ඇතිකරගන්න.
පහසුවෙන් සපුරා ගතහැකි ඉලක්ක කිහිපයක් ඇතිකරගෙන, ඒවා සාර්ථක කරගැනීමට සැලසුමක් සාදාගන්න. යම් ඉලක්කයක් සාර්ථකව අවසන් කලවිට, එය ආරම්භයේ සිට අවසානය දක්වා නිමකල ආකාරය පිළිබඳ සතුටක් ඔබට ඇතිවේවි.
හොඳින් අඳින්න, පළඳින්න
ප්‍රියමනාප ඇදුම් සඳහා පින්තුර ප්‍රතිඵලප්‍රියමනාප ඇදුම් සඳහා පින්තුර ප්‍රතිඵලකාන්තා saari සඳහා පින්තුර ප්‍රතිඵල
පිළිවෙලකට, පිරිසිදුව, තැනට සුදුසු ලෙස අඳින්න, පළඳින්න පුරුදුවන්න. එමගින්, ඔබටම ප්‍රියජනක හැඟීමක් ඇතිවනු ඇත. නිවසින් පිටතට යද්දී, හොඳින් හැඳ පැළඳ පිටත්වීමෙන්, ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය වේ. මෙය, හොඳින් ඇඳුම් ඇඳීම, ආභරණ පැළඳීම, කොන්ඩ මෝස්තරයක් දැමීම වැනි සරළ දෙයක් වුවද, ආත්ම විශ්වාසය වැඩිකරගැනීමට කදිම උපායකි.
ප්‍රියමනාප වන්න.
අදාළ රූපය
වෙනත් අයෙකු උදෙසා, යම් ප්‍රියමනාප, හොඳ යමක් කලේ නම්, එය ඔබගේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීමට හේතුවේ. මිතුරෙකුට, සමීපතම කෙනෙකුට, හෝ ඥාතියෙකුට කුඩා ත්‍යාගයක් දීම, යම් පොදු කාර්යකදී ස්වේච්චාවෙන් ඉදිරිපත් වීම, සහ යමෙකුට උදවු කිරීම මෙයට උදාහරණ ලෙස දැක්විය හැක.
සමාජයේ කීර්තිමත් පුද්ගලයෙකු ඇසුරු කරන්න හෝ අගයන්න.
ඔබට මිතුරන් ඇසුරු කිරීමට හෝ මිතුදම් පවත්වාගැනීමට අපහසු නම්, ඔබගේ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට හොඳම ක්‍රමයක් ලෙස, නිවේදකයෙක්, සංගීතඥයෙක්, රංගන ශිල්පියෙක් වැනි සමාජයේ කීර්තිමත් පුද්ගලයෙකු අගය කරන්න සහ ඇසුරු කරන්න. ඒ සඳහා, ඔබට සංගීත ප්‍රසංගයක් හෝ වේදිකා නාට්‍යයක් නැරඹීමට ගිය අවස්ථාවක, අවස්ථාවක් ලදහොත් සංගීතඥයෙකු හෝ රංගන ශිල්පියෙකු සමග මදක් දොඩමළු වන්න සහ එක්ව ඡායාරූපයක් ගන්න. එමෙන්ම, ඔහු හෝ ඇය අගය කරන්න. එවැන්නෙක් සමග මුහුණුපොත (Facebook) තුලින් සම්බන්ධ වන්න. එවිට, ඔබගේ පරමාදර්ශී චරිත තුළ ඔබ දක්නා හොඳ ගුණාංග ඔබ තුළ ක්‍රමයෙන් වර්ධනය වන අතර, ආත්ම විශ්වාසය ද වැඩිදියුණු වේ. එය, මෑතදී කරන ලද පර්යේෂණයක් මගින්ද තහවුරු වී ඇති කරුණකි. මෙම ක්‍රියාවලිය සිදුවීමට, සමාජයේ කීර්තිමත් පුද්ගලයෙකු සමග සැබෑ සම්බන්ධතාවයක් තිබීම අත්‍යාවශ්‍ය නොවන අතර, තමාගේ පරමාදර්ශී චරිත අගය කිරීම පමණක් වුවද සෑහේ.





මුහුණු පොතේ ඉතිහාසයෙන් බිඳක්
ෆේස්බුක් ඉතිහාසය සඳහා පින්තුර ප්‍රතිඵල

ෆේස්බුක් යනු ලොව සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියකි. මෙය 2004 පෙබරවාරි 04 දින අරඹනු ලැබූ අතර 2013 සැප්තැම්බර් මාසය වන විට බිලියන 1.19 ක පරිශීලකයන් පිරිසකගෙන් සමන්විත විය. පරීශීලකයන් වෙබ් අඩවියට ඇතුළුවීමට ප්‍රථම ලියපදිංචි විය යුතුය. ඕනෑම වයසක අයෙකුට මෙහි ලියා පදිංචි විය හැකිය.පරිශීලකයන්ට තවත් අය මිතුරන් ලෙස එකතු කරගත හැකි අතර, තමන් ගේ ගිණුම් වල තමන් ගේ තොරතුරු යාවත්කාල කරගත හැකිය. මිට අමතරව තවත් අයට පණිවිඩ යැවීමට හා විවිධ ආයතන විසින් අරඹන ලද ජාල වෙත සම්බන්ධ වීමටද හැකියාව ලැබේ. මීට අමතරව, පරිශීලකයන්ට පොදු අදහස් ඇති අය සිටින කණ්ඩායම් වලට එක් විය හැක, තමා වැඩකරනා ස්ථානය, පාසල් විශ්ව විද්‍යාල වැනි තමාගේ අඳුරන මිතුරන්ද සොයාගත හැක. එසේම "People From Work" ,"Close Friends" ලෙස මිතුරන් වර්ගිකරණය කර ගැනීමේ පහසුකමක්ද ඇත.
ෆේස්බුක් නිර්මාණය කෙරෙණු ලැබුනේ මාක් සකර්බර්ග් ප්‍රධානත්‍වයෙන් ඔහුගේ මිතුරුන් වූ එඩුආර්ඩෝ සෙවරින්,ඩස්ටින් මොස්කොවිට්ස් හා ච්‍රිරිස් හගස් විසිනි. නිර්මාතෘන් විසින් වෙබ් අඩවියේ සාමාජිකත්වය හාවර්ඩ් සරසවියේ සිසුන්ට පමණක් සීමාකරනු ලැබුනි, නමුත් එය අවට පාසල් අතර ද, බොස්ටන් ප්‍රදේශයේ හා ස්ටැන්ෆෝඩ් සරසවිය අතර ව්‍යප්තවිණි. අවුරුදු 13ට වැඩි පරිශීලකයන්ට අඩවිය ඇරඹීට පෙර එයට ටිකෙන් ටික සෙසු සරසවිවල සිසුන් එකතු කර ගැනුනා. කෙසේ නමුත්, අඩවියේ සේවා කොන්දේසිවලට පටහැණිව අවුරුදු 13ට අඩු ළමයින්‍ගේ ගිණුම් මිලියන 7.5ක් ද, අවුරුදු 10ට අඩු ළමයින්ගේ ගිණුම් මිලියන 5ක්ද තිබෙනා බව 2011 මැයි ක'න්ස්යුමර් රිපොට්ස් සමීක්‍ෂණ වාර්ථාවකට අනුව හෙළිව ඇත.
2005 මැයි වනවිට ඇසේල් හවුල්කරුවන් ඇමරිකානු ඩොලර් මිලියන 12.7 ද ජිම් බ්රේයර් ඩොලර් මිලියනයක් ද බැගින් සමාගමේ ආයෝජනය කළේය.2009 ජනවාරිය වන විට Compete.com වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව ෆේස්බුක් යනු ලොව වැඩිම සක්‍රිය පරිශීලකයන් ප්‍රමාණයක් සිටින සමාජජාල වෙබ් අඩවියයි.
උපුටා ගැනීම අන්තර්ජාලයෙනි 

Wednesday, July 25, 2018

සන්නිවේදන අධ්‍යයනයෙහි පුරෝගාමී චරිත

සන්නිවේදන අධ්‍යයන වල නියැලුණු විද්වතුන් බොහෝ ප්‍රමාණයක් සිටියද සන්නිවේදන අධ්‍යයනයෙහි පුරෝගාමීව කටයුතු කල විද්වතුන් සය දෙනෙක් පමණ හදුනා ගත හැකිය. එනම් විල්බර් ශ්‍රාම්, හැරල්ඩ් ලැස්වෙල්, වෝල්ටර් ලිප්මන්, පෝල් ලැසාස්ෆෙල්ඩ්, කර්ට් ලෙවින්, කාල් හවුලන්ඩ් යන විද්වතුන්ය. 
wilber shraam සඳහා පින්තුර ප්‍රතිඵල
විල්බර් ශ්‍රාම් 
ජර්මනියේ උපත ලද විල්බර් ශ්‍රාම් නුතන සන්නිවේදනයේ පියා ලෙස ඉමහත් ආඩම්බරයෙන් සලකනු ලැබේ.ඔහු විසින් සන්නිවේදනය පිළිබඳ පළ කරන ලද නිර්වචනය සන්නිවේදනයේ සමස්ත හරය ගොනු වූ විශිෂ්ට නිර්වචනයක් ලෙස හැඳින්විය හැක.එනම්,
''තොරතුරු ගැබ් වූ සංඥාවක් නිසා දෙපාර්ශයක් අතර එක හා සමාන මානසික තත්ත්වයක් ඇති කරලීම සන්නිවේදනයයි'' යනු එම නිර්වචනයයි.
මෙම නිර්වචනය පිළිබදව පැහැදිළි කිරීමක් කිරීමේ දී ශ්‍රාම් මෙහි ''දෙපාර්ශවයක්''යනුවෙන් හදුන්වන්නේ ''සන්නිවේකයා''හා ''ග්‍රාහකයායි'' එක් පාර්ශ්වයක සන්නිවේදකයා සිටින අතර ''තොරතුරු'' ගැබ් වූ සංඥාව යනු සංදේශයයි. මෙම තොරතුරු ගැබ්ව ඇත්තේ සංඥාව තුළය. එම ''සංඥාව'' දෙපාර්ශ්වය අතර හුවමාරු වන බව ශ්‍රාම් විස්තර කරයි. එසේම විල්බර් ශ්‍රාම් තම නිර්වචනයේ ද ඵලය හෙවත් බලපෑම පිළිබදව ද අවධානය යොමු කරයි. එනම් ''සමාන මානසිකත්වයක් ඇතිකරලීමයි''
සන්නිවේදනය දෙස සියලු අංශ නියෝජනය වන අයුරින් විමර්ශනයට ලක් කොට ඇති මොහු සන්නිවේදනය විධිමත් අඩිතාලමක් කරා ගෙන ඒමට පුරෝගාමී වූ දාර්ශනිකයෙන් ලෙස පෙන්වා දිය හැක.
තව ද සන්නිවේදන අධ්‍යයනය විධිමත් ලෙස ආයතනගත කිරීමට මෙන්ම සන්නිවේදන විෂයෙහි ප්‍රමුඛ දායකත්වයක් සපයන ලද පුද්ගලයා වන්නේ මහාචාර්ය විල්බර් ශ්‍රාම්ය. ඔහු විසින් සන්නිවේදන අධ්‍යයනය විධිමත් ආකාරයට අධ්‍යයනය කිරීමට අවශ්‍ය පදනම සකස් කරනු ලබීය.සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කළ ශ්‍රාම් පර්යේෂකයකු ලෙස ද න්‍යායවාදියකු ලෙස ද විෂය පෝෂණය කරන ලදි. සන්නිවේදන විෂය දෙස නව දෘෂ්ටිකෝණයකින් බැලීමට අවශ්‍යය පරිසරය ඔහු විසින් ගොඩ නගන ලද්දේ යැයි සඳහන් කළ හැකිය.
විල්බර් ශ්‍රාම් විසින් 1948 දී ඉලිනෝයි විශ්ව විද්‍යාලයෙහි "සන්නිවේදන පර්යේෂණ ආයතනය" නම් ආයතනය පිහි‍ටුවනු ලැබීය. ඔහු එම ආයතනයේ අධ්‍යක්‍ෂක වරයා ද විය. 1947 සිට 1955 දක්වා ඉලිනෝයි විශ්ව විද්‍යාලයෙහි සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ  මහාචාර්ය වරයකු ලෙස ද ඔහු කටයුතු කළ  අතර ඉන් පසුව 1955 දී ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ද ඉහත ආකාරයේම පර්යේෂණ ආයතනයක් පිහි‍ටුවීමට ශ්‍රාම් කටයුතු කරන ලදි. 1955 සිට ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ අධ්‍යයක්ෂක ලෙස කටයුතු කළ අතරම ජාත්‍යන්තර සන්නිවේදනය පිළිබඳ මහාචාර්යයවරයා ලෙස ද කටයුතු කරන ලදි. තුන්වන ලෝකයේ රටවල සංවර්ධනයට සන්නිවේදනය දායක කර ගත හැකි බව තේරුම් ගත් මුල්ම පුද්ගලයා වන්නේ ද ශ්‍රාම්ය. 1964 දී විල්බර් ශ්‍රාම් හා ඩැනියල් ලර්නර් හවායි නුවර දී “Communication and Change in the Developing Countries” නමින් විශාල සම්මන්ත්‍රණයක් සංවිධානය කළ අතර ඒ නමින් පොතක් ද නිකුත් කරන ලදි. එහි දී ශ්‍රාම් පහත කරුණු අවධානයට ලක් කොට තිබේ.
1.    තුන්වන ලොකයේ රටවල පාසල්වල ජන සන්නිවේදනය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම තුළින්  ජන ජීවිතය පරිපූර්ණත්වයට පත් කළ හැකිය යන්න.
2.    අධ්‍යාපන ක්ෂේත්‍රයට හා අනෙකුත් සංවර්ධනය සඳහා උරදෙන ආයතන වලට ජන සන්නිවේදනය පිළිබඳ  අවබෝධය වර්ධනය කිරීම තුළින් වඩා හොඳ ඵලදායිතාවක් ලබා ගත හැකි බව.
3.    ජන සන්නිවේදනය තුළින් ලබා දෙන දැනුම් සම්භාරයක් තුළින් පාසල් ළමුන් සේම සාමාන්‍ය  ජනයා ද සංවර්ධනය සදහා දිරි ගැන්විය හැකි බව.
4.    ජාතික සංවර්ධනය උදෙසා ජන සන්නිවේදනය විශාල පි‍ටුබලයක් වන බව.
වසර 10ක පමණ කාලයක් තිස්සේ මෙම ග්‍රන්ථය සංවර්ධනය වන රටවල සන්නිවේදන පසුබිම හැදෑරීමට උසස්ම ගනයේ කෘතියක් ලෙස ලොව පුරාම භාවිත වන්නට විය. වසර 10කට පසු මුල් සම්මන්ත්‍රණයේ දැක්වූ අදහස් ගොනුකොට "සන්නිවේදනය හා විපරිනාමය: පසුගිය දස වසර සහ ඉදිරි දස වසර" නම් ග්‍රන්ථය පළ කෙරිණි. ලොව පුරා සන්නිවේදන අධ්‍යයන විධිමත් ලෙස ආයතන ගත වීමට අවශ්‍ය පදනම මෙමගින් සකස් කරනු ලැබූ බව සදහන් කළ හැකිය.
1900 අවසාන දශකය වන විට විධිමත් ලෙස පාඨමාලාගතව සන්නිවේදන අධ්‍යයනය විශ්වවිද්‍යාල තුළ අධ්‍යයනය කිරීම මුළු ලොව පුරා විසිරී යන ලදි.1970 දශකයෙන් පසුව සන්නිවේදන අධ්‍යයනය විෂය කෙරෙහි ප්‍රමුඛතාවක් යුරෝපීය විශ්වවිද්‍යාල ලබා දෙන ලදි. යුරෝපය තුළ පමණක් 1970 දී ජන සන්නිවේදනය ප්‍රථම උපාධිය සඳහා හැදෑරූ සංඛ්‍යාව11000කි. 1990 දශකයේ මුල් කාර්තුවේ දී ජනසන්නිවේදන අධ්‍යයනය හැදෑරූ පිරිස 50000ක් ලෙස ලොකයෙන් වාර්ථා විය.
1970 දී වසරකට මෙම විෂයෙන් ප්‍රධානය කරන ලද උපාධි සංඛ්‍යාව 1700 ක් වූ අතර අද වන විට එය 4000 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඇමරිකාව තුළ පමණක් ඇති විශ්වවිද්‍යාල මඟින්  එනම් කොලොම්බියාහාවඩ් ආදී ලොව ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල මගින් වසරකට ආචාර්ය උපාධි 250 ක් පමණ අද වන විට පිරිනමණු ලබයි. එසේම ඇමරිකාව තුළ ප්‍රමුඛ විෂයක් ලෙස ජනසන්නිවේදනය හැදෑරීමට අවකාශ ඇති විද්‍යායතන හා දෙපාර්තුමේන්තු ගණන අද වන විට 2000කට අධිකය.
තව ද අද වන විට වෙස්ටර් සිටිවේල්ස්වෙස්ට් මිනිස්ටර් ආදී බ්‍රිතාන්‍යය ප්‍රමුඛ විශ්වවිද්‍යාල රාශියකම මෙම විෂය සදහා ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි පිරිනමනු ලබයි. සුප්‍රකට වෙස්ටර් විශ්ව විද්‍යාලය සතුව යුරෝපයේ ජනප්‍රියම සන්නිවේදන පාඨමාලාව පවතින අතර එම සරසවිය මගින් යුරෝපය තුල එම විෂය සදහා පවතින ගෞරවනීයම උපාධියද පිරිනමනු ලබයි.
යුරෝපය තුළ ජනසන්නිවේදන අධ්‍යයනය මුලින්ම ආරම්භ වී ආයතන ගත වීම සිදු වූ අතර අද වන විට ආසියානු,අප්‍රිකානුලතින් ඇමරිකානු හා කලිබියානු ආදී රටවල ද විශ්වවිද්‍යාලවල පාඨමාලා ගතව අධ්‍යයන කටයුතු සිදු කරන හා උපාධි ප්‍රදානය කරනු ලබයි. විශේෂයෙන්ම ඉහතින් ද සදහන් කරන ලද අන්දමට විල්බර් ශ්‍රාම්ගේ මැදිහත්වීම තුළින් ජන සන්නිවේදනය විෂයෙහි ඇති වූ ප්‍රබෝදය මේ සදහා සෘජුව බලපාන්නට ඇත.

හැරල්ඩ් ලැස්වෙල්

දේශපාලන විද්‍යා ශ්‍රාස්ත්‍ර යකු ලෙස සිටිමින් සන්නිවේදන විෂය ක්ෂේත්‍රයෙහි අභිවර්ධනය උදෙසා ඉමහත් මෙහෙයක් කල විද්වතකු ලෙස ලැස්වෙල් හදුන්වා දිය හැකිය. ප්‍රෙස්බ්ටේරියන් පූජකවරයකුගේ පුත්‍රයකු ලෙස 1902 පෙබරවාරි 13 වන දින මෙලොව උපත ලද් ලැස්වෙල් කුඩා කල සිටම සෑම දෙයක් පිලිබදවම විමසිල්ලක් දැක්වූවා සේම විවිධ විෂයන් පිලිබද ලියවුණු පොත පතද කියවන්නට පුරුදු වී සිටියේය. වයස අවුරුදු 16 දී ඉතිහාසය හා ඉංග්‍රීසි විෂයන්ගෙන් ශිෂ්‍යත්වයක් දිනා ගත් ඔහු 1918 දී චිකාගෝ විශ්ව විද්‍යාලයට ඇතුලත් විය. එහිදී ඔහු සිවු වසරක් ශ්‍රාස්ත්‍ර හදාරා ප්‍රථම උපාධිය දේශපලන විද්‍යාවෙන් ලබා ගත් අතර 1926 දී ආචාර්යය උපාධියත් එම විශ්ව විද්‍යාලයෙන්ම ලබා ගත්තේය. ඔහුගේ උපාධි නිබන්ධනය වූයේ "propaganda techniques in the world war "යන්නය. එනම් "ලෝක සංග්‍රාම සමයේ භාවිතා කල ප්‍රචාරක විධි" යන්නය. මෙම ග්‍රන්ථය සන්නිවේදන සිද්ධාන්ත අරභයා වූ පුරෝගාමී පර්යේෂණයක් ලෙස සන්නිවේදන අධ්‍යයන ඉතිහාසයෙහි සම්භාවනාවට පාත්‍ර වී තිබේ. ලැස්වෙල් ප්‍රථම උපාධිය සේම ආචාර්ය උපාධියද දේශපාලන විද්‍යාව සදහා ලබා ගත්තද ඔහු කිසිදු විටෙක එම විෂය ක්ෂේත්‍රයට පමණක් සීමා වී කටයුතු කලේ නැත. ඔහු මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, ඉතිහාසය හා සන්නිවේදනය යන විෂය ක්ෂේත්‍රයන් පිලිබදවද අධ්‍යයනයන් සිදු කිරීමට උත්සාහ කරන ලදි. ඔහු සෘජු ලෙසම සන්නිවේදන ශ්‍රාස්ත්‍ර යකු ලෙස කටයුතු නොකලද ඔහුගේ ශ්‍රාස්ත්‍රීය එලබුම තුල වර්තමානයෙහි සන්නිවෙදනය ලෙස පිලිගැනෙන සමාජ ශ්‍රාස්ත්‍රය අභිවර්ධනයට අතිශයින් ඉවහල් වන්නාවූ ශ්‍රාස්ත්‍රීය එලබුමක් ඒ තුල පවතී.ලැස්වෙල් අධ්‍යයනය කල විෂය ක්ෂේත්‍ර ලෙස ප්‍රචාරණය, ජනමතය සකස් වීම, දේශ්පාලන භූමිකා හා ජනමාධ්‍ය පිලිබද අන්තර්ගත විෂය විශ්ලේෂණ ආදිය පෙන්වා දිය හැකිය.
එසෙම මොහු ලන්ඩන්, ජිනීවා, පැරිස් සහ බර්ලින් හිදීද පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු වල නිරත විය. සිග්මන් ෆ්‍රොයිඩ්ගේ හා කාල් මාක්ස්ගේ ලියවිලි හැදෑරූ මොහු ඒ ගැන පර්යේෂණ කටයුතුද සිදු කරන ලදි. මනො විග්‍රහය පිලිබද පුලුල් ලෙස පර්යේෂණද පැවැත්වීය.ලැස්වෙල් බොහෝ විට පවතින දේ හදාරන්නෙකුට වඩා නව දේ සොයා යන්නෙකු ලෙස කටයුතු කරන ලදි. අධි ශිෂ්‍යත්වයක් මත ඔහු බොස්ටන්, වියේනා හා බ්ර්ලින් සංචාරය කොට ආපසු චිකාගෝ විශ්ව විද්‍යාලයට පැමිනි පසු චර්යාවාදය සමග මනෝ විශ්ලේෂණ න්‍යාය සම්බන්ධ කිරීමට උත්සාහ ගත් අතර නමුත් ඒ සදහා ඔහුට අවස්ථාවක් නොලැබිනි. හේතුව වූයේ සාම්ප්‍රදායික මනෝ විද්‍යා යින් එයට දැඩි ලෙස විරුද්ධ වීමය. එසේම දෙශපාලන විද්‍යා යින්ගෙන්ද ඔහුට ලැබුණු ප්‍රතිචාරය යහපත් එකක් නොවේ. ඒ බව මනෝ විශ්ලෙෂණ න්‍යාය පදනම් කොට ගනිමින් දේශපාලන නායකත්වය අලළා ඔහු විසින් රචිත "world politics and personal insecurity " නැමැති ග්‍රන්ථය පිලිබදව "American political science review " හි ඒ පිලිබදව දැඩි විවේචන එල්ල වී තිබීමෙන්ම ඒ බව මනාව තහවුරු වේ. මෙසේ මනො විශ්ලේෂණ න්‍යාය බදු විප්ලවීය න්‍යායික පර්යාලෝක දේශ්පාලන විද්‍යාවට හදුන්වා දීමට ලැස්වේල් උත්සාහ ගන්නා ලදි. මෙම නිසා මොහුගේ අධ්‍යයන තත්කාලීන දේශ්පාලන විද්‍යාව තුල බෙහෙවින් විප්ලවකාරී ඒවා ලෙස සැලකිණ.
සන්නිවේදන අධ්‍යයන විෂයෙහි ලැස්වෙල් විසින් දක්වන ලද දායකත්වයන් අතර මූලිකත්වයක් ගන්නේ ප්‍රචාරණයයි. ඔහු විසින් කරන ලද ප්‍රචාරණය පිලිබද සමාජ විද්‍යාත්මක පර්යේෂණ සන්නිවේදන ක්ෂේත්‍රය හා සම්බන්ද වුණු මූලික හා ඉතා වැදගත් අධ්‍යයනයක් ලෙස සලකනු ලබයි. ලැස්වෙල් විසින් ප්‍රචාරණය පිලිබදව පලමු වරට අවධානය යොමු කරන ලද්දේ සිය ආචාර්ය උපාධිය සදහා පර්යේෂණ සිදු කල කාලවකවානුවේදීය. එහිදී ඔහු පලමු ලෝක යුද්ධය පැවතුණු දෙපාර්ශවය විසින්ම භාවිතා කරන ලද ප්‍රචාරණ ක්‍රමෝපාය පිලිබදව විමර්ශනය කරන ලදි. එහිදී ඔහු ඵලදායී පර්යේෂණ ක්‍රමවේද පිලිබදව සිය අවධානය යොමු කරන ලදි. මේ අධ්‍යයනය ප්‍රමුඛ සංකල්ප පිලිබද අර්ථ නිරූපන, ප්‍රචාරණ ක්‍රමෝපාය වර්ගීකරණය හා එකී ක්‍රමෝපායවල බලපෑම ආදිය පිලිබද සවිස්තර වාර්ථාවක් සකස් කරන ලදි. ඔහුට මෙම පර්යේෂණයේදී අන්තර්ගත අධ්‍යයනය වැදගත් සන්නිවේදන පර්යේෂණ මෙවලමක් ලෙස සංවර්ධනය කිරීමට හැකි විය. අන්තර්ගත අධ්‍යයනය ලෙස හදුන්වන්නේ සන්නිවේදන සංදේශ අන්තර්ගතය වර්ග කොට අරමුණු කරන ලද විවිධ විචල්‍යයන් ඒ අනුව නිර්ණය කිරීමේ ගවේශන මාර්ගයයි.
ලැස්වෙල් චිකාගෝ විශ්ව විද්‍යාලයෙහි කටයුතු කරන කාලයේදී එහි ප්‍රචාරණය හා මහජන මතය පිලිබද පාඨමාලා ඇතුලුව පාඨමාලා ‍රැසක් ආරම්බ කරන ලදි.ඒවා ඔහු දේශපාලන විද්‍යාවට සම්බන්ධ කොට ආරම්භ කරනු ලැබුවද සැබවින්ම එම පාඨමාලා සන්නිවේදන විෂය ක්ෂේත්‍රයට අදාළ ඒවා විය. නමුත් එම කාල වකවානුවෙහි එනම් 1920-30 අතර කාලයේ "සන්නිවේදනය" යන නම භාවිතා නොකරන ලදි. චිකාගෝ සරසවියෙහි වසර 17ක සේවයෙන් පසුව ඔහු ඉන් ඉවත්වී අර්ධකාලීන කථිකාචාර්ය වරයකු ලෙස යේල් විශ්ව විද්‍යාලයට එක් විය. දෙවන ලෝක යුද්ධය ඇති වීමත් සමග ලැස්වෙල් ඇමරිකානු කොංග්‍රස් පුස්තකාලයෙහි අධ්‍යයන කටයුතු සදහා වන පර්යේෂණ අංශයේ ප්‍රධානියා ලෙස පත් කරන ලදි. එය ඔහුගේ පර්යේෂණ කටයුතු පුලුල් කිරීමට හේතු විය. ප්‍රචාරණය පිලිබදව පුලුල් පර්යේෂණ ආරම්භ කරන ලද්දේද මෙම කාලයේදීය. ඒ සදහා ඔහුට මූල්‍ය ප්‍රතිපාදන "රොකෆෙලර් පදනම" මගින් සපයන ලදි. 1939 සැප්තැම්බර් සිට 1940 ජුනි දක්වා මාසයක් පාසා පැවැත්වුණු මෙම සන්නිවේදන සම්මන්ත්‍රණ තුල ලැස්වෙල් ඉතා ප්‍රබල කාර්ය භාරයක් ඉ‍ටු කරන ලදි. මෙම සම්මන්ත්‍රණ මාලාවේ අරමුණ වූයේ යුධ පසුබිම තුල රජයට සන්නිවේදනය කල හැකි ආකාරය පෙන්වා දීමය. එහිදී සන්නිවේදන බලපෑම පිලිබද ක්ෂේත්‍රය වෙත මෙම සම්මන්ත්‍රණ සාකච්ඡා වාර යොමු කරවීමට ලැස්වෙල්ට අවස්ථාව ලබිණි.මෙම සම්මන්ත්‍රණය සන්නිවේදන අධ්‍යයන සදහා සුවිශේෂී වන්නේ ලැස්වෙල්ගේ සන්නිවේදන ආකෘතිය තවදුරටත් සංවර්ධනය වන්නේ මෙහිදී වීම නිසාය.
  • කවුරුන් විසින්?
  • කා හට?
  • කවර නාලිකාවකින්?
  • කවර බලපෑමක් සදහා කියන්නෙද? යනු එම ආකෘතියයි
තවද මෙම සම්මන්ත්‍රණය තුලින් සන්නිවේදනය පිලිබද උනන්දුවක් ඇති විද්වතුන් ඒකරාශී කරන ලදි. එසේම මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කරන ලද කරුණු සන්නිවේදනය අධ්‍යයන ක්ෂේත්‍රයක් ලෙස තාර්කිකව විශද කල කෘතියක් විය. සන්නිවේදන විෂය ක්ෂේත්‍රය ආරම්භ කිරීමෙහිලා "රොකෆෙලර් පදනම"හා ජෝන් මාර්ෂල් අතින් විශාල කාර්ය භාරයක් සිදු වූ බව සදහන් කල යුතුය. ජෝන් මාර්ෂල් යනු රොකෆෙලර් සම්මන්ත්‍රණය සංවිධානය කල පුද්ගලයාය. මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට පෙර සන්නිවේදන පර්යේෂණ යන වචන පවා භාවිතයේ නොතිබුණු අතර 1939 දී එම සම්මන්ත්‍රණයට සහභාගී වන විද්වතුන් වෙත මාර්ෂල් විසින් ආරාධනා කොට යවන ලද ලිපිවල පළමු වරට " " යන වචනය භාවිත කර තිබූ අතර ඉන් පසුව මෙම නව විෂය සදහා එම නම භාවිතයට ගන්නා ලදි.රොකෆෙලර් සම්මන්ත්‍රණය තුල ලැස්වෙල්ගේ ශ්‍රාස්ත්‍රීය දායකත්වය තවත් ආකාරයකට ප්‍රකට විය. ඒ සන්නිවේදනයේ කාර්යය සම්බන්ධයෙනි. ලැස්වෙල්ට අනුව සන්නිවේදන කාර්යය පහත ආකාර වේ.
  • පරිසර ආවේක්ෂණය [සෝදිසියට, විමසිල්ලට ලක් කිරීම]
  • පරිසරයට ප්‍රතිචාර දැක්වීම සදහා සමාජයේ කොටස් එකිනෙකට සම්බන්ධ කිරීම
  • එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට සමාජ උරුමය ගෙන යාම
දෙවන ලෝක යුද්ධය පැවති කාලයෙහි ලැස්වේල් සහ කැසේ යුද්ද වි පන කාර්යාලයෙහි උපදේශක වරුන් ලෙස කටයුතු කරන ලදි. ‍රැල්ෆ් කැසේ ලැස්වෙල්ගේ ප්‍රචාරණය පිලිබද අධ්‍යයන පෘථූල කිරීමෙහිලා කැපවී ක්‍රියා කල අයෙකි. එම නිසාම ඔවුන් දෙදෙනාටම මෙසේ එක්ව කටයුතු කිරීමට අවස්ථාව ලැබීම නිසා ප්‍රචාරණ විශ්ලේශනය ප්‍රවර්ධනය විය.එම ප්‍රවර්ධනය සන්නිවේදන අධ්‍යයනය පිලිබද විල්බර් ශ්‍රාම්ගේ දෘෂ්ටිය සංවර්ධනයටද හේතු විය.
ලැස්වේල් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙහි යුද්ධය, විප්ලවය හා සාමය පිලිබද පුවර් ආයතනයේ පර්යේෂණ ව්‍යාපෘතියක්ද මෙහෙයවූ අතර එම ව්‍යාපෘතියට ආණ්ඩු සහ දේශපාලන නායකයන් පිලිබද අධ්‍යයන, ආයතනික අධ්‍යයන හා පුවත්පත් අන්තර්ගත විශ්ලේෂණය ආදිය අන්තර්ගත විය. මෙහිදී පුවත්පත් අන්තර්ගත විශ්ලේෂණය සෘජු ලෙසම සන්නිවේදනය කේන්ද්‍රගතව සිදු කරන ලද්දකි. සන්නිවේදන අධ්‍යයනයෙහි පීතෘවරයා ලෙස සම්භාවනාවට පාත්‍ර වන විල්බර් ශ්‍රාම්ද ලැස්වෙල් හා සමකාලීනයෙකි. ලැස්වෙල් හා ශ්‍රාම් 1954-55 අතර කාලයේ පළමු වරට දෙදෙනා මුන ගැසුණු අතර එම අවස්ථාව රොජර්ස් මෙසේ දක්වා ඇත
" ලැස්වේල් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙහි චර්යාවේද අධ්‍යයනය පිළිබද මධ්‍යස්ථානයෙහි ශ්‍රාස්ත්‍රධාරියකුව සිටි වකවානුවෙහි එක්තරා දිනයකදී ශ්‍රාම් ලැස්වෙල් හමුවීමට පැමිණියේය. ඒ ශ්‍රාම් සන්නිවේදනය පිලිබද මහාචාර්ය වරයා ලෙස ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට පත්වී ආ අලුතය ශ්‍රාම් ලැස්වේල් සොයා ආවේ ලැස්වේල් සමග දත්ත විශ්ලේෂණ ගැටලුවක් සාකච්ඡා කිරීමේ අරමුනෙනි. පස්වරු 02.00 කට පමණ ලැස්වෙල්ගේ අධ්‍යයනාගාරයට පැමිණි ශ්‍රාම්ට ඔහුගේ දත්ත මෙහෙයවාලිය හැකි වෙසෙසින් සංවර්ධිත විශ්ලේෂණ මාර්ගයක් ලැස්වේල් පෙන්වා දුන්නේය. අදාළ දත්ත අර්ථ නිරූපනය කිරීමට අදාළව ඔවුන් දෙදෙනා අතර ඇරබුනු සාකච්ඡාව නිමවන විට වේලාව රාත්‍රී 08.00 ලෙස සටහන්ව ශාස්ත්‍රීය ගැටලු හා පොර බැදීමේදී ලැස්වෙල්ගේ මනස ක්‍රියා කල ආකාරයද එයින් හෙලි වෙයි." ලෝක යුධ සමයේදී ලැස්වෙල් විසින් කරන ලද සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනයට අවශ්‍යය අඩිතාලමක් සේ සැලකිය හැකිය.අද වන විට ප්‍රචාරණය යන න්‍යාය වෙසෙසින් එය මුල් විග්‍රහය කාලීන අගයෙන් අඩු වූවක් බව විද්වතුන් තර්ක කරන නමුත් එය එම න්‍යායෙහි මූලික අවස්ථාවක් බව සියලු දෙනා පිලිගත යුතුව ඇත. එය අද වන විට සංවර්ධනාත්මකව ප්‍රබල ලෙස භාවිත වීමෙන් එහි ඇති අගය මනාව සුවිශද වේ.
සන්නිවේදන අධ්‍යයනය විධිමත් විෂය පථයක් ඔස්සේ නව චින්තන ධාරාවක් ඒ වෙතට යොමු කොට එය සංවධන මාවතක් කරා යොමු කිරීමෙහිලා ලැස්වේල් විසින් ස්වකීය පර්යේෂණ හා අධ්‍යයන මගින් සන්නිවේදන අධ්‍යයන විෂයෙහි දක්වන ලද මෙහෙය අති විශාල එකක් වූ බව අවසාන වශයෙන් සදහන් කල හැකිය.

වෝල්ටර් ලිප්මන්

වර්තමානයෙහි න්‍යායපත්‍රකරණය නමින් ප්‍රචලිත ක්‍රියාවලිය සංකල්පගත කිරීමෙහිලා අප්‍රතිහත කාර්ය භාරයක් ඉ‍ටු කල විද්වතෙකු ලෙස වෝල්ටර් ලිප්මන් සන්නිවෙදන අධ්‍යයන පිලිබද කතා කරන විට අමතක කල නොහැකිය.ලිප්මන් හා ලැස්වෙල් යන දෙදෙනාම එක්ව කටයුතු කල අතර ප්‍රචාරණය හා ජනමතය අළලා ලැස්වෙල් කරන ලද අධ්‍යයන වලදී ලිප්මන්ගෙන් ඒ සදහා විශාල දායකත්වයක් ලැබී තිබේ. හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍ර හැදෑරූ ඔහු එම විශ්ව විද්‍යාලයෙන්ම දර්ශනය පිලිබද ශාස්ත්‍රපති උපාධිය සදහාද අධ්‍යයන කටයුතු සිදු කොට එය අතර මග නවතා දමන ලදි. විශේෂයෙන්ම ඔහු ඉගැන්වීම් කටයුතු වල නියැලීමට රුචිකත්වයක් නොදක්වන ලදි. ශාස්ත්‍රාලීය පර්යේෂණ ක්‍රමවේද හෝ න්‍යායික පර්යාලොක වලට අනුගත නොවෙමින් ක්‍රියා කල ඔහු නිදහස් චින්තනයකින් යුතුව කටයුතු කල අයෙකි. ඔහු පුවත්පත් වලට ලිපි සැපයීමට දැඩි කැමත්තක් දැක්වූ අතර ඔහුගේ නිදහස් චින්තනය තුලින් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය අභිවර්ධනයෙහිලා විශාල මෙහෙයක් කිරීමට එය වෙසෙසින් බලපාන්නට ඇත. මන්ද යත් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය උදෙසා ඔහුගේ රචනා බෙහෙවින් වැදගත් වූ හෙයිනි. ඔහුගේ " මහජන මතය " නැමැති කෘතිය සන්නිවෙදන අධ්‍යයන සදහා වැදගත් වූ කෘතියක් ලෙස විද්වතුන්ගේද සම්භාවනාවට පාත්‍ර වේ.
මුලදී ඔහු බොස්ටන්හි සමාජවාදී පුවත්පතක සේවය කල අතර ඉන් අනතුරුව new Repulicනැමැති ශ්‍රාස්ත්‍රීය සගරාවෙහි කර්තෘ ධූරයටද පත් විය. ඉන් පසුව 1921 දී නිව්යෝක්හි “New York " නම් පුවත්පතට සම්බන්ද වූ ඔහු එහි කර්තෘ වාක්‍ය ලියන ලදි. ඉන් පසු ලිප්වින් ගතානුගතික නැබුරුවකින් යුත් "New York Herald Tribune" පුවත්පතට සම්බන්ද වූ අතර එහිදී ඔහු "Today and Tomorrow" නමින් තීරු ලිපියක් සතියකට සිවු වතාවක් බැගින් රචනා කල අතර ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් වන්නේ එම ලිපි පෙලත් සමගය. 1963 දී ඔහු "The Washinton Post" පුවත් පතට සම්බන්ධ වී කටයුතු කරයි. ඔහුගේ නිදහස් මතවාදී චින්තනයද මෙම පුවත්පත්වල ඔහු විසින් පල කරන ලද ලිපි මගින් තහවුරු විය. දේශපාලන සංසිද්ධීන් අරබයා ඔහු විවිධ ලිපි පල කල අතර ඒවා අපක්ෂපාත බවින් යුක්ත ඒවා වීම නිසා පාඨකයින් අතර අතිශයින් ජනප්‍රිය විය. මෙම කරුණු නිසාම ඇමරිකාව තුළ 20 වන සියවසේ බිහි වූ සුප්‍රසිද්ධ හා විශිෂ්ටතම පුවත්පත් කලාවේදියා ලෙසද ඔහු ඉතිහාස ගතව ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රචාරණයේ කාර්ය භාරය පිලිබදව මහජන අවබෝධය ඇති කිරීමෙහිලා ලිප්මන් විසින් රචනා කරන ලද "public opinion" නම් වූ කෘතිය අතිශයින් වැදගත් විය. මහජන මතය හැඩ ගැස්වීම සදහා මුඛ්‍ය සාධකයක් ලෙස ලිප්මන් මෙහිදී හදුනා ගත්තේ "Stereotypes" එය යථාර්තය සරල භාවයට ගෙන එනු ලබන කේතයකි. එවිට සන්දේශ මූලයට අවශේෂ ජනයා වෙත එය පහසුවෙන් සන්නිවේදනය කල හැකිය.
සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි අභිවර්ධනය අරභයා ලිප්මන් විසින් දක්වන ලද දායකත්වය විශද කරන්නාවූ තවත් එක් සුවිශේෂී පැතිකඩක් ලෙස ඔහු විසින් හදුන්වා දුන් "Agenda Setting" "න්‍යායපත්‍ර සැලසුම් කරනය" පෙන්වා දිය හැකිය. සැබෑ ලෝකයේ පවතින ප්‍රතිරූප හා එකී සංසිද්ධීන් පිලිබද අපගේ මනස තුල පවතින ප්‍රතිරූප අතර සහ සම්බන්ධය ගොඩ නැගීමට ජනමාධ්‍ය සෘජු ලෙස බලපෑම් කරන බව ඔහු මෙමගින් පෙන්වා දෙන ලදි. මෙය පසුකාලීනව දේශපාලන විද්‍යා යකු වන බර්නාඩ් කෝනන් විසින් තව දුරටත් සංවර්ධනය කරන ලදි.
මෙම "න්‍යායපත්‍ර සැලසුම් කරනය" ක්‍රියාවලියට ප්‍රධාන සංචරක 03ක් ඇතුලත් වෙයි.
  1. මාධ්‍ය න්‍යායපත්‍ර කරණය
  2. මහජන න්‍යායපත්‍ර කරණය
  3. ප්‍රතිපත්ති න්‍යායපත්‍ර කරණය
මෙම න්‍යායපත්‍ර කරණ සංචරක එකිනෙකට සහසම්බන්ධ වූ ප්‍රතික්‍රියාවක් දක්වනු ලබයි. එනම් මාධ්‍ය න්‍යායපත්‍ර කරණය මහජන න්‍යායපත්‍ර කරණයට බලපෑම් කරන අතර ඒ බලපෑම ප්‍රවෘතිමය න්‍යායපත්‍ර කරණය සදහා තුඩු දෙනු ලබයි. මෙම ක්‍රියාවලිය තුලින් ප්‍රජාතන්ත්‍රවාදය තුළ මහජන මතය ක්‍රියාවට නැගෙන ආකාරය විවරණය කරණු ලබයි. මෙම න්‍යායපත්‍ර සැකසුම් කරනය ස්න්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ඉහල තලයකට ගෙන ඒමට දායක වූ දෙදෙනෙක් ලෙස මැක්කොම්බ් හා ෂෝ යන දෙදෙනා සදහන් කල හැකිය. මේ ආකාරයට ලිප්මන් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය නව මාවතක් කරා යොමු කරලීම විශයෙහි විශාල දායකත්වයක් සපයා තිබේ.

පෝල් ලැසාස්ෆෙල්ඩ්

සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි අභිවර්ධනය සදහා මුල් අවධියේදී සුවිශේෂී කාර්ය භාරයක් ඉ‍ටු කල විද්වතුන් අතර විශේෂ ස්ථානයයක් පෝල් ලැසාස්ෆෙල්ඩ්ට හිමි වෙයි. ඔස්ට්‍රියාවේ වියානා නුවර ඉපදී හැදී වැඩුණු මොහු ගණිත යකු සේම සමාජ මනෝ විද්‍යා යෙක්ද වෙයි. වියානා විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය සහ ආචාර්ය උපාධියද ලබා ගත් මොහු ඇමරිකාවේ නිව්යෝක්හි සුප්‍රකට කොලොම්බියා සරසවියෙහි සමාජ ශාස්ත්‍ර පිලිබද මහාචාර්යවරකු ලෙස වසර 30කට අධික කාලයක් කටයුතු කරන ලදි. මෙම කාල පරාසය තුල ඔහු සන්නිවේදන ක්ෂේත්‍රයට ඉමහත් සේවයක් ඉ‍ටු කලේය. සිය සමකාලීන විද්වතුන් වූ කාල් හවුලන්ඩ්, හැරල්ඩ් ලැස්වෙල් හා විල්බර් ශ්‍රාම් ආදීන් සමග මොහු ඉතා සමීපව කටයුතු කර තිබේ. සමාජ ශාස්ත්‍ර විෂයක් ලෙස සනිවේදනය ඇමරිකාවේ පමනක් නොව ලෝකයේ සෙසු රටවලටද ව්‍යාප්ත කරවීමට පුරෝගාමී මෙහෙවරක් ලැසාස්ෆෙල්ඩ් විසින් සිදු කර තිබීමයි.
ඇමරිකාවේ සමාජ විද්‍යාව හා සන්නිවේදනය පිලිබද සංවර්ධනය සම්බන්ධ වැදගත් ආයතනයක් වන "ආර්ථික මනෝ විද්‍යාව පිලිබද පර්යේෂණ ආයතනය" 1925 දී වියානා නුවර පිහි‍ටුවන මොහු ඇමරිකාවට සංක්‍රමණය වීමෙන් පසු 1936 දී එම පර්යේෂණ මධ්‍යස්ථානය නෙවාක් සරසවියෙහි ආරම්භ කරන ලදි. ඉන් පසුව 1937 දී ප්‍රින්ටන් විශ්ව විද්‍යාලයේ රෙඩියෝ පර්යේෂණ පිලිබද කාර්යාලයේ අධ්‍යක්ෂක වරයා බවටද පත් විය. 1939 දී එය කොලොම්බියා විශ්ව විද්‍යාලයෙහි ආරම්භ කරන ලදි. ලැසාස්ෆෙල්ඩ්ගේ මෙම පර්යේෂණ මධ්‍යස්ථානය තවත් බොහෝ පර්යේෂණ ආයතන පිහි‍ටුවීමට රුකුලක් විය. විශේෂයෙන්ම 1947 දී ඉලිනෝයි සරසවියෙහිද 1953 දී ස්ටැන්ෆර්ඩ් සරසවියෙහිද සන්නිවේදන පර්යේෂණ ආයතන විල්බර් ශ්‍රාම් විසින් පිහි‍ටුවීමේදී උක්ත දක්වන ලද ලැසාස්ෆෙල්ඩ්ගේ පර්යේෂණ ආයතන ආදර්ශයට ගෙන ඒ අනුව පිහි‍ටුවන ලද ඒවා විය. ලැසාස්ෆෙල්ඩ්ගේ මෙම පර්යේෂණ ආයතනය යුරෝපයේ ප්‍රථම වරට එබදු ආකෘතියකින් පිහි‍ටුවන ලද ආයතනය විය. එය ලෝකයේ මාධ්‍ය ග්‍රාහක පරීක්ෂණ පිලිබද ප්‍රථම වරට සිදු කරන ලද පර්යේෂණය වන "වියෙනා ගුවන් විදුලිය පිලිබද ග්‍රාහක පර්යේෂණය" සිදු කරන ලදි.
ලැසාස්ෆෙල්ඩ්ට රොකෆෙලර් පදනම මගින් පිරිනමන ලද අධිශිෂ්‍යත්වයක් මත ඇමරිකාවට සංක්‍රමණය වීමට අවස්ථාව සැලසුන අතර එය ඔහුට ලැබුණු අසාමාන්‍ය අවස්ථාවක් ලෙස සදහන් වේ. හේතුව ඔහු වියේනා විශ්ව විද්‍යාලයෙහි දී අවශ්‍යය වෘතීය සුදුසුකම් සපුරා තිබුනද ඔහුට යෝග්‍ය ස්ථානය ලබා දීමට මහාචාර්ය කාල් බුහ්ලර්ට අපහසු විය. මන්ද යත් ඔහු යුදෙවු ජාතිකයකු වීම නිසාය. එම නිසා ඔහු අධිශිෂ්‍යත්වය සදහා නම් කරන ලද බව සදහන්වේ. කෙසේ නමුත් ඇමරිකාවේ ඔහු ගත කාලය ඔහුගේ ජීවිතයේ ඉතා සුවිශේෂී කාල පරිච්ඡේදයක් විය. එහිදී ඔහුට සැමුවෙල් ඒ ස්ටවුනර්, රොබට් එස්, හා ලින්ඩ් බදූ ප්‍රමුඛ ඇමරිකානු විද්වතුන් මෙන්ම රොබට් ලින්ච් සමග පැවති ආශ්‍රය ඔහුට ඉතා වැදගත් විය. ලැස්ෆෙල්ඩ් ඇමරිකාවේ ගතකල කාලයේ ඔහුගේ බිරිද වූ මාරි ජහෝඩා ආර්ථික මනෝ විද්‍යාව පිලිබද පර්යේෂණ ආයතනයක් පවත්වාගෙන යන අතරතුර එවකට ඔස්ට්‍රියාවේ පැවති සමාජවාදී ආණ්ඩුව මගින් ඇය අත්තඩංගුවට ගන්නා ලදි. එසේම ලැසාස්ෆෙල්ඩ්ට හිමිව තිබූ ගුරු වෘතියද ඔහුට අහිමි විය. ඇමරිකාවේ සිට ආපසු පැමිනෙන ලැසාස්ෆෙල්ඩ්ට ඔස්ට්‍රියාවේ පැවති දේශපාලනික තත්ත්වය තුල එහි වාසය කිරීමට අපහසු වූ බැවින් පෙරලා ඇමරිකාවට සංක්‍රමනය වන අතර එහිදී ලින්ඩ් ඔහුට ඇමරිකාව තුල යම් ස්ථාවර බවක් ගොඩ නගා ගැනීමට උපකාර කරයි.
ලැසාස්ෆෙල්ඩ් සන්නිවේදන ක්ෂේත්‍රයට ක්‍රියාකාරීව එක්වන්නේ 1930 දශකයේ මැද භාගයේදීය. එහිදී ඔහු ගුවන්විදුලි පර්යේෂණ ව්‍යාපෘතියක් ආරම්භ කරයි. එම කාල වකවානුව වන විට ගුවන් විදුලිය ආරම්බ වී විශාල ලෙස ජනප්‍රියව පැවති යුගයකි. එම නිසාවෙන්ම ඒ පිලිබද කරන අධ්‍යයනයන් විශාල පරිශ්‍රමයකින් යුතුව කලයුතු විය. රොකෆෙලර් පදනම මගින් 1937 දී ගුවන් විදුලියේ ස්වභාවය හා එහි සමාජීය බලපෑම පිලිබද පුලුල් ගවේශනයක් කිරීමට හඩ්ලි කැන්ට්‍රිල්ට භාර දෙයි. ඒ සදහා අවශ්‍යය ප්‍රතිපාදන රොකෆෙලර් පදනම මගින් සපයා දෙනු ලැබීය. ලැසාස්ෆෙල්ඩ්ට මෙම පර්යේෂණ ව්‍යාපෘතියේ අධ්‍යයක්ෂක තනතුර හිමි විය. කැන්ට්‍රිල් සහ පසු කාලයේ කොලොම්බියා ගුවන් විදුලි සේවයේ අධ්‍යයක්ෂක ලෙස දීර්ඝ කාලයක් සේවය කල ෆ්‍රෑන්ක් ස්ටැන්මග් යන දෙදෙනා ලැසාස්ෆෙල්ඩ්ගේ ආශ්‍රිත අධ්‍යක්ෂකවරුන් දෙදෙනා විය. ලැසාස්ෆෙල්ඩ්ගේ ගුවන්විදුලි පර්යේෂණ ව්‍යාපෘතියේ මුල් අවුරුදු දෙකම වැය කරන ලද්දේ ගුවන්විදුලි පර්යේෂණ සදහා භාවිතා කල හැකි ක්‍රමවේද සංවර්ධනය කිරීම සදහාය. ඒ වන විට ගුවන්විදුලි පර්යේෂණ ක්ෂේත්‍රයේ පූර්වාදර්ශ නොමැති වීම නිසා ඔහුට ස්ව අභිමතය පරිදි කටයුතු මෙහෙය වීමට අවථාව ලැබිණි. 1937 වසරේදී ගුවන් විදුලි වැඩසටහන් හා ශ්‍රාවකයන් පිලිබද පැවැත්වූ විස්තීරණම අධ්‍යයනය ලැසාස්ෆෙල්ඩ්ගේ මූලිකත්වයෙන් පවත්වනු ලැබීය.
  • ශ්‍රාවක පිරිස පිළිබදව එවක සැපයුණු සියලු දත්ත ද්විතීය විග්‍රහයකට බදුන් කිරීම.
  • ගුවන් විදුලි වැඩ සටහන් සම්බන්ද අන්තර්ගත අධ්‍යයනයක් පැවැත්වීම.
  • ගුවන් විදුලි වැඩසටහන් කෙරෙහි වූ ශ්‍රාවක කැමැත්ත මැනීමට ලැසාස්ෆෙල්ඩ් සහ ස්ටැන්මග් විසින් උපකරන නිපදවීම
ආදී කටයුතු මෙහිදී සිදු වුණු බව සදහන් වේ. ලැසාස්ෆෙල්ඩ්ගේ මූලිකත්වයෙන් පැවැත්වුණු මෙම පර්යේෂණ මාලාව නිසා සන්නිවේදන පර්යේෂණ පිලිබදව ලොව පුරා පෙර නොවූ විරූ උද්යෝගයක් ඇති වූ ආකාරයක් දැක ගත හැකි විය. සන්නිවේදන සමාජ විද්‍යාව යන නව විෂය ක්ෂේත්‍රයක්ද ඇති වීම තුලින් මෙම පර්යේෂණ සාර්තක ඒවා බව තහවුරු වේ.
පුද්ගලයින්ගේ එදිනෙදා ජීවිතයේදී ගුවන් විදුලිය බලපාන්නේ කෙසේද? ගුවන් විදුලි භාවිතය හා සන්තුෂ්ටිය පිලිබද කරුණු මුලින්ම විග්‍රහාත්මකව විස්තීරන පරාසයක් කරා අවධානය විහිදුවාලමින් විධිමත් ලෙස අධ්‍යයනයක් සිදු කරනු ලබූවේ ලැසාස්ෆෙල්ඩ් ප්‍රමුඛ පිරිස බව සදහන් කල හැකිය.ගුවන් විදුලි නාට්‍ය ශ්‍රාවකයන් ගැන හර්සෝග් විසින් සිදුකල අධ්‍යයනයත් 1938 දී ධ්ර්සන් වෙල්ස් විසින් නිපදවා ප්‍රචාරයට පත් කල "ජගත් යුද්ධය" යන නාට්‍යයට ලැබුනු ප්‍රතිචාර විමසුමට බදුන් කල අධ්‍යයනය හා තියොඩර් අඩෝර්ෆේ විසින් මෙම ව්‍යාපෘතිය යටතේම ජනප්‍රිය සංගීතය සහ සම්භාව්‍යය සංගීතය පිලිබද ශ්‍රාවක රුචි අරුචිකම් සොයා බලන ලදි. එමෙන්ම මෙම ගුවන්විදුලි පර්යේෂණ ව්‍යාපෘතියෙහි දී ලබාගත් ප්‍රතිපල ග්‍රන්ථ 04 ක් සහ පර්යේෂණ ලිපි 70කට අධික සංඛ්‍යාවක් මගින් ප්‍රකාශයට පත් විය. මාෂල් විසින් මෙම පදනමට මූල්‍ය අනුග්‍රහය මෙතෙක් කාලයක් ලබා දුන් අතර නමුත් ලැසාස්ෆෙල්ඩ් ව්‍යාපෘතියට අදාල සවිස්තර සැලසුම අනුව ක්‍රියාකරනු වෙනුවට තමාට ප්‍රියවූ දිශානති කෙරෙහි යොමු වූ අධ්‍යයන මාර්ග ඔස්සේ පර්යේෂණ සිදු කරන බව මාර්ෂල් දැනගත්තේය. එවිට ඔහු වහා ලැසාස්ෆෙල්ඩ්ට දන්වා සිටියේ මෙතෙක් කරන ලද අධ්‍යයන පිලිබද පූර්ණ වාර්ථාවක් තමා වෙත ලබා දෙන ලෙසය. ඒ සදහා ඔහුට මාස 05ක කාලයක් ලබා දෙන ලදි. ලැසාස්ෆෙල්ඩ් එය මැනවින් ඉ‍ටු කලේය. ඔහු “Redio and the printed page:An Introduction to the study of radio and it’s role in the communication of ideas" නමින් පි‍ටු 354 ක වාර්ථාවක් මාර්ෂල් වෙත ඉදිරිපත් කරන ලදි. එය අධ්‍යයනය කිරීමෙන් සතුටට පත් මාර්ෂල් තවත් වසර 02ක් සදහා මුල්‍ය අනුග්‍රහය දැක්වීමට එකග විය.එසේම සන්නිවේදන ක්ෂේත්‍රයෙහි සුප්‍රකට විද්වතුන්ගෙන් සමන්විත සන්නිවේදන සම්මන්ත්‍රණයක් ආරම්භ කල අතර වාර්ෂිකව ‍රැස් වන මෙම විද්වතුන්ගේ කාර්ය වූයේ ව්‍යාපෘතියෙහි කටයුතු සමාලෝචනය හා සන්නිවේදන පර්යේෂණ වැඩි දියුනුව සදහා අවශ්‍යය තීරණ ගැනීමයි.
මීට අමතරව ලැසාස්ෆෙල්ඩ් විසින්ම ගුවන් විදුලි ශ්‍රවණය සහ කියවීම පිලිබද තුලනාත්මක අධ්‍යයනයක්ද සිදු කරන ලදි. ජනමත විමසුම සදහා යොදා ගත් ක්‍රමවේද ඉතා පුලුල්ව ගුවන් විදුලි වැඩසටහනකට අවධානය යොමු කල ශ්‍රාවක පිරිස කොපමන ප්‍රමානයක්ද යන්න තීරනය කිරීම සදහා සහ ගුවන් විදුලි වැඩසටහනකට සවන් දුන් මුලු ශ්‍රාවක පිරිස කොපමණද යන්න තීරණය කිරීමටද යොදාගනිමින් සමීක්ෂණ ක්‍රමවේද තවදුරටත් ජනප්‍රිය කරවීමට ලැසාස්ෆෙල්ඩ් පුරෝගාමීව කටයුතු කරන ලදි. ඔහුගේ පර්යේෂණ බොහෝමයක් අදද ඉතා වැදගත් කමක් දරයි. ශ්‍රාවකයින් ගුවන් විදුලියට සවන් දෙන්නේ මූලික ලෙසම තමන්ගේ පෞද්ගලික අභිරුචිය නිසා බව ඔහු විසින් පෙන්වා දෙන ලදි.
ලැසාස්ෆෙල්ඩ් මූලික ලෙසම ක්‍රමවේද සකසන්නෙකු මිස සන්නිවේදන විද්‍යා යෙකු නොවේ. නමුත් ඔහු ජනසන්නිවේදන පර්යේෂණ ක්ෂේත්‍රයෙහි සමාරම්භයෙහිලා ඔහු ඒ සදහා දැක්වූ දායකත්වය අතිවිශාලය. ඔහුගේ සමාජීය පර්යේෂණ චර්යාව ඔහු විසින් පහත ආකාරයට ආකෘති ගත කොට තිබේ.
  • කවර සංසිද්ධියක්, ප්‍රස්තුතයක් වුව විෂය මූලික නිරීක්ෂණ අන්තරාවලෝකනීය වාර්ථා අනුව මිනිය යුතුය.
  • ප්‍රත්‍යෙක අධ්‍යයන සංඛ්‍යානමය දත්ත හා වි පන සමග සංයෝග කල යුතුය.
  • දත්ත ඒකරාශී කරනය අධ්‍යයනය කරණු ලබන ප්‍රස්තුතයෙහි ඉතිහාසයට අදාල තොරතුරු සමග සංයෝග කල යුතුය.
  • සුවිශද මිනුම් ක්‍රම මගින් සපයා ගැනෙන දත්ත , ප්‍රශ්නාවලී හා වෙනත් ස්වයං වාර්ථාකෘත දත්ත සමග සංයෝග කල යුතුය.
ජනමාධ්‍යයේ බලපෑම පිලිබද පර්යේෂණ කාර්යයක් ලෙස සැලකෙන "එරී කවුන්ට්" අධ්‍යයනය 1940 දී ලැසාස්ෆෙල්ඩ් විසින් මෙහෙයවන ලද්දකි. මෙම අධ්‍යයනය ඇසුරින් 1944දී මොහු විසින් ලියා පල කරන ලද "The Peoples choce”ඔහු විසින් රචනා කරන ලද ප්‍රථම කෘතියයි. ඇමරිකානු ජනාධිපතිවරනය පදනම් කර ගනිමින් සිදු කරන ලද එම අධ්‍යයනයෙන් පසුව ජනමත නායකත්වය ජනසන්නිවේදන පර්යේෂණ පිලිබද වැදගත් අංගයක් බවට පත් විය. එරී කවුන්ට් පර්යේෂණ සැලසුම කරන විට ලැසාස්ෆෙල්ඩ් සිතුවේ ජනමාධ්‍යය මගින් ඉදිරිපත් කරන ප්‍රවෘත්ති හා ප්‍රචාරන ව්‍යාපාර තුලින් විශාල ලෙස ජනමතය වෙනස් වීමට බලපෑම් සිදු වන බවටය. නමුත් පර්යේෂණයෙන් පසුව අනාවරණය වූයේ එය ඉතා අවම මට්ටමක පවතින බවය. මෙහිදී වැදගත් වන්නේ මොහු විසින් ජනමාධ්‍යය පර්යේෂණ සදහා දැඩි කැපවීමෙන් ඔහු සොයා ගත් සිද්ධාන්ත වර්තමනය හා 100% ගැලපීමක් කල නොහැකි වුවද සන්නිවේදන අධ්‍යයන මූලාරම්භක අවධියෙහි සිදු කල එවැනි පර්යේෂණ තුලින් සන්නිවේදන අධ්‍යනයන් විධිමත් දිශානතියක් වෙත යොමු කරන ලදි.
ලැසාස්ෆෙල්ඩ් විසින් කොලොම්බියා සරසවියෙහි කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන කාලයෙහි එනම් 1944 දී පිහි‍ටුවන ලද "ව්‍යවහාරික සමාජීය ශ්‍රාස්ත්‍ර බියුරෝව"මගින්ද වැදගත් පර්යේෂණ රාශියක් සිදු කරණ ලදි.
  • ඇමරිකානු මහාචාර්යවරුන් කෙරෙහි මැකාත්වාදයෙහි බලපෑම පිලිබද ලැසාස්ෆෙල්ඩ් සහ තිලන්ගේ අධ්‍යයනය.
  • මැදපෙරදිග නව්‍යකරනයෙහිලා ජනමාධ්‍යයේ කාර්ය භාරය පිලිබද ඩැනියල් ලර්නර්ගේ අධ්‍යයනය.
  • ඖෂධයක ව්‍යාප්තිය හා ඊට අනුගතවීම පිලිබද කොල්මන් කාර්ථස් සහ මෙන් සල්ගේ අධ්‍යයනය. යන අධ්‍යයනයන් ඉන් කිහිපයකි.
මේ ආකාරයට පැහැදිලි වන්නේ ලැසාස්ෆෙල්ඩ් සන්නිවේදන අධ්‍යනයන්හි අභිවර්ධනය උදෙසා විශාල කාර්ය භාරයක් ඉ‍ටු කර ඇති බවය. සන්නිවේදනය සමස්ථ සමාජ, ආර්ථික හා දේශපාලන ස්ථරයන් වසා පැතිර පවත්නා බවද සන්නිවෙදනයෙන් තොර මිනිස් දිවියක් හෝ මානව කටයුත්තක් නොමැති තරම් යැයි පෙන්වා දුන් මොහු සන්නිවේදනය ආශ්‍රිත විවිධ කරුණු මෙන්ම ශ්‍රාවක, ප්‍රේක්ෂක, පාඨක සිතුම්, පැතුම්, අදහස්, ආකල්ප මෙන්ම නිවරදිවත් අධ්‍යයනය කිරීමට අවශ්‍යය පදනම සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ඇති කරන ලද පුරෝගාමී චරිතයක් ලෙස ලැසාස්ෆෙල්ඩ් හදුන්වා දිය හැකිය.

කර්ට් ලෙවින්

20 වන සියවසේ විසූ පර්යේෂණකාමී මනෝ ව්ද්‍යා යෙකු ලෙස කර්ට් ලෙවින් හදුන්වා හැකිය. ලෙවින් යුදෙව් ජාතික මාපිය යුවලකට දාව 1890 පෝලන්තයේදී මොගිල්නෝහි උපත ලබන ලදි. යුදෙවු ජාතිකයකු වීම නිසා ලෙවින්ට කුඩා කාලයේ සිටම සිය උපන් බිමෙදී විවිධ දුෂ්කරතාවයන්ටමුහුණ දෙන්නට විය. ලෙවින්ගේ මාපියන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු හොදින් කරදීමේ අරමුනින් බ්ර්ලීනයෙහි පදිංචියට යන ලදි. ලෙවින් 1914දී ජර්මනියේ ප්‍රමුඛ විශ්ව විද්‍යාලයක් වූ බ්ර්ලීනයේ රෝයල් ෆ් රීඩ්‍රිච් විල්හෙම්ස් විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යාව පිලිබද ආචාර්ය උපාධිය ලැබුවේය. බර්ලින් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිලිබද ආයතනයේ ප්‍රධානියා වූ මහාචාර්ය අර්නස්ට් කැසිරර් විසින් ලෙවින්ගේ අධ්‍යාපන කටයුතු සදහා ඔහුව දිරිගන්වන ලදි.
ලෙවින් සිය ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතුවල යෙදී සිටියදී මහාචාර්ය ස්ටමින් වෙතින් පාඨමාලා 14 ක් හදාරන ලදි. නමුත් එවකට ජර්මන් විශ්ව විද්‍යාලවල පැවති සම්ප්‍රදායට අනුව ගුරු-සිසු සබදතාව බෙහෙවින් දුරස්ත වූවක් විය. විශේෂයෙන්ම පර්යේෂණ නිබන්දන සදහා වුවද ගුරුවරයා හමු වී ඒ පිලිබද සාකච්චා පැවැත්වීමට සිසුන්ට අවස්ථාවක් නොලැබුණි. මෙම නිසා ලෙවින් සිය පර්යේෂණ නිබන්ධන සැලසුම සහායකයා අතට පත් කොට ඒ සදහා අනුමැතිය ලබා ගනී. ලෙවින් යලිත් ස්ටමින් හමු වන්නේ ආචාර්ය උපාධි පර්යේෂණයේදීය.
1921දී බර්ලින් විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යාව පිලිබද ආයතනයෙහි ස්ථීර නොකල ආචාර්යවරයකු ලෙස ලෙවින් ස්වකීය වෘතීය ජීවිතය ආරම්භ කරයි. මෙහිදී ලෙවින් ස්වකීය ශිෂ්‍යයන් සමග ඉතා සමීපව කටයුතු කරමින් එතෙක් ජර්මන් විශ්ව විද්‍යාලවල පැවති දුරස්ථ ගුරු-සිසු සබදතාව සමීප සබදතාවක් බවට පත් කරමින් සිසුන් හා එක්ව විවිධ පර්යේෂණ රාශියක්ම සිදු කරන ලදි. ලෙවින් ස්වකීය 'ක්ෂේත්‍ර න්‍යාය' [ ] සූත්‍රගත කිරීමට පටන් ගත්තේද මෙම කාලයේදීය.සමූහ ගතික හා ස්ථලන මනෝ විද්‍යාව නමින් එය හදුන්වයි. ක්ෂේත්‍ර න්‍යාය මගින් අධ්‍යයනය කරනු ලබන්නේ පුද්ගලයන්ය. එනම් විවිධ සංසිද්ධීන් තීරනය කරනු ලබන්නාවූ බලවේගය වන පුද්ගලයාට සමීපතම වටපිටාව පිලිබදවයි.එය පුද්ගලයාගේ ජීවන පරිසරය නැතහොත් පුද්ගලයා වටා පවතින සමාජීය තත්වයන්ද වේ. ජර්මනියේ පවතින යුදෙවු විරෝධී සටන් නිසා 1933 දී ඇමරිකාවට සංක්‍රමණය වන ලෙවින් ඉන් පසු ඇමරිකාවේදී ඔහුගේ පර්යේෂණ කටයුතු හා ඉගැන්වීම් කටයුතු කරන ලදි. ලෙවින් විසින් ඉදිරිපත් කරන ලද මෙම ක්ෂේත්‍ර න්‍යාය මගින් ඇමරිකානු මනෝ විද්‍යාව කෙරෙහි බලපෑ එක් කරුණක් වූයේ පුද්ගල නි ශ්‍රිත වාදය එය වෙත ‍රැගෙන ඒමයි. ලෙවින් සහ එඩ්වඩ් ඩී. ටොල්මන් එවක ප්‍රචලිතව පැවති ක්ලාක් හල්ගේ 'චර්යා වාදයට' ප්‍රජානාත්මක ආකාරයේ විකල්පයක් ඉදිරිපත් කරන ලදි. වර්තමානයේදී මනෝ විද්‍යාව තුල කේන්ද්‍රීය අභිවර්ධනයෙහිලා මේ දෙදෙනාගෙන් ඉමහත් මෙහෙයක් ඉ‍ටු විය.
ඔබේ මනස තුල ඇත්තේ අනෙකක් නොව ප්‍රතිග්‍රහනය කෙරුනු සන්නිවේදනයේ නිෂ්පාදනයයි.ඔබ අන්‍යයන්ට පවසන දේ යනු පෙර කී මනසෙහිම අන්තර්ගතයෙන් උපුටා ගැනුනකි. එම අන්තර්ගතය පරිණාමයට භාජනය වූවකි.එකිනෙක සමග අන්තර් ක්‍රියා කරන ලද්දකි. ලෙවින් විසින් ඉදිරිපත් කරන ලද මෙම ක්ෂේත්‍ර න්‍යායෙහි ප්‍රජානාත්මක ප්‍රවේශය මානව සන්නිවේදනය හා සෘජුව සම්බන්ධ වේ. ලෙවින් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය කරා ප්‍රවිෂ්ට වීම සදහා ඔහුගේ මෙම ප්‍රජානාත්මක ප්‍රවේශය පිලිබද අධ්‍යයනය බෙහෙවින් ඉවහල් වූ බව මේ අනුව මනාව පැහැදිලි වේ. ඔහු මෙම ක්ෂේත්‍ර න්‍යාය පදනම් කර ගනිමින් සමාජයේ පුද්ගලයින් මුහුන දෙන විවිධ ගැටලු විවරණය කිරීමට උත්සුක වූ ආකාරයක්ද දැකිය හැකි වේ. උදාහරණයක් ලෙස ඔහු පුද්ගලයෙක් යම් විශේෂිත කටයුත්තක් කරගෙන යාමේ අභිප්‍රාය මගින් මානසික ආතතිය ගොඩනැගෙන අයුරු පෙන්වා දෙන ලදි. අදාළ කාර්ය සම්පූර්ණ වූ විට මානසික ආතතියද ඉවත් වෙයි. නමුත් එම කාර්ය අවසන් කිරීමට නොහැකි වුව හොත් මානසික ආතතික තත්වය අඛන්ඩව පවතින බව පෙන්වා දුන් අතර එයට හේතුව ලෙස පෙන්වා දෙන ලද්දේ කරන ලද කාර්යන්ට වඩා නොකරන ලද එක කාර්ය ඉතා දැඩිව මතකයේ ‍රැදෙන බවය.
තවද ආහාරයක් ලෙස වසු ඇලදිව අළලා ලෙවින් ලෙවින් කල පරීක්ෂණද බෙහෙවින් වැදගත් වේ. අන්තර් ක්‍රියාකාරිත්ව පුද්ගලාන්තර සන්නිවේදනය හා ඒකමාර්ගික ජන සන්නිවේදනය අතර වෙනස්කම් එමගින් ස්ඵුට කෙරේ. මෙම සමීක්ෂණය හා ලෙවින් විසින් ඇමරිකාවේ අයෝවා විශ්ව විද්‍යාලයේ කරන ලද අනෙකුත් සමීක්ෂණ වලද ප්‍රතිඵල සමාලෝචනය කරමින් ඔහු කියා සිටියේ තනි පුද්ගලයකුගේ චර්යාමය වෙනස්වීමක් සදහා පුද්ගල කණ්ඩායමක චර්යාමය වෙනස ප්‍රබල ලෙස බලපාන බවය. කිසියම් පුද්ගලයකුට චර්යාමය වෙනසක් ඇතිකරගැනීම හා පවත්වාගෙන යාම ඔහු අපේක්ෂා කලද ඉතා ඉක්මනින් ආපසු ඔහු පුරුදු චර්යාවට ආපසු ගමන් කරයි. නමුත් කිසියම් කණ්ඩායමක සාමාජිකත්වය දරන විටදී
අනෙකුත් පුද්ගලයින්ගේ බලපෑම පුද්ගල චර්යාව වෙනස් කිරීමට සේම එය අඛණ්ඩව ස්ථාවරව පවත්වාගෙන යාමට ඉවහල් වන බව ලෙවින් පෙන්වා දෙන ලදි. එසේම සන්නිවේදනයෙහි ද්වාරපාලක සංකල්පය හදුනා ගැනීමටද ලෙවින් විසින් සිදු කරන ලද ආහාර පරිභෝජනය පිලිබද අධ්‍යයනයන් බෙහෙවින් උපකාරී විය. ආහාරයක් ලෙස වසු ඇලදිව පරිභෝජනය පිලිබද කරන ලද සමීක්ෂණ වලදී ඔහු අනාවරණය කරගත් කරුනක් වන්නේ නිවසේ ගෘහනිය යම් කිසි ආහාර වර්ගයක් පරිභෝජනයට මැලි කමක් දක්වන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ නම් නිවසේ අනෙක් පිරිසටද එම ආහාරය පරිභෝජනයට ඇති අවස්ථාව අවම මට්ටමක පවතින බවයි.මෙම ද්වාර පාලක සංකල්පය විවිධ සන්නිවේදන අංශයන් කෙරෙහිද බලපාන බව ඔහු පෙන්වා දෙන ලදි. එහිදී ප්‍රවෘති වැඩසටහනකදී නම් කිසියම් ප්‍රවෘතියක් සන්නිවේදනය කිරීමේදී කිසියම් කණ්ඩායමක සන්නිවේදන කුලක තුල ද්වාරපාලක කාර්ය සිදු වීමට වැඩි ඉඩකඩක් පවතින බව ඔහු පෙන්වා දෙන ලදි.
ලෙවින් විසින් තවදුරටත් මෙම ද්වාරපාලක සංකල්පය පදනම් කරගෙන කරන ලද අධ්‍යන මගින් ද්වාරපාලක සංකල්පයේ විවිධ නිර්ණායකයන්ද හදුනා ගැනීමට හැකි විය. ටෙලිවිෂන් මාධ්‍යය මූලික කොට ගෙන කරන ලද අධ්‍යයනයකට අනුව පැහැදිලි කිරීමට අපහසු ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි වශයෙන් දිනා ගැනීමට හැකි වූ අඩු වෙහෙසකින් සංස්කරණය කිරීමට හැකි ප්‍රවෘත්ති විකාශය සදහා ‍තෝරා ගන්නා බව පෙන්වා දෙන ලදි. ද්වාර පාලක සංකල්පය තනි පුද්ගල ක්‍රියාදාමයකට වඩා සාමූහික ක්‍රියාවලියක් බවද පෙන්වා දුන් අතර එක් ද්වාරයකින් විහිදුවා හරින ප්‍රවෘත්ති තවත් ද්වාරයකදී සංස්කරණය වන බව සමකාලීන අධ්‍යයනයන් මගින් තහවුරු කර ගැනීමට හැකි විය. ලෙවින් විසින් ඉදිරිපත් කරන ලද උක්ත සංකල්පය වර්තමානයේදී බෙහෙවින් සංන්නිවේදන විද්වතුන් විසින් භාවිත කරනුලබයි.
ලෙවින් විසින් ඉගැන්වීම් කල සෑම විශ්ව විද්‍යාලයකම පාහේ ඔහු විසින් සංවාද කුලකයක් පිහි‍ටුවන ලදි. එහිදී නිශ්චිත අවන්හලකට එක් ‍රැස් වන ලෙවින් සහ ඔහුගේ ශිෂ්‍යය පිරිස සිය අධ්‍යයන හා පර්යේෂණ පිලිබදව විවෘතව සාකච්ඡා පවත්වන ලදි. මෙහිදී දක්නට ලබුණු සුවිශේෂී ලක්ෂණය වන්නේ එවැනි අවස්ථාවල ලෙවින් කිසිදු විටෙක එහි ප්‍රධානත්වයක් ගෙන ස්වකීය මතය ස්ඵුට කිරීමට උත්සුක නොවූ අතර නිර්දය ආකාරයේ විවේචන හැර සියලුම දෙනාට ස්වකීය මතය ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීමය. මෙසේ සංවාද ඔස්සේ සිතීම යන්න ඔහුගේ ප්‍රවේශය ලෙස හදුනා ගත හැකිය.එක් අවස්ථාවකදී අයෝවා විශ්ව විද්‍යාලයේ පැවති මෙවැනි සාකච්ඡාවකට සහභාගී වූ විල්බ්ර් ශ්‍රාම් ප්‍රකාශ් කර ඇත්තේ තමන් එමගින් තියුනු බුද්ධි ප්‍රබෝදයක් ලබූ බවයි.මෙමගින්ද තහවුරු වනුයේ ලෙවින් විසින් සංවිධානය කල මෙම සංවාද ඔස්සේ සිතීමට හා නිදහසේ ස්වකීය අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීමෙන් ශ්‍රාස්ත්‍රීය ප්‍රබෝධයක් සදහා ඉඩකඩ එමගින් විවෘත වූ බවය. ලෙවින් අයෝවා විශ්ව විද්‍යාලයෙහි වසර 10ක් සේවය කල අතර ඉන්පසු මසචුසෙට්ස් විශ්ව විද්‍යාලයෙහි තාක්ෂණික ආයතනයෙහි ආචාර්යය ධූරයක් ලබීය. එහිදී ඔහු ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයට අයත් කණ්ඩායම් ගතික විද්‍යාව සදහා වන පර්යේෂණ ආයතනයෙහි ප්‍රධානියා බවට පත්විය. මෙම විශ්ව විද්‍යාලයෙහි කටයුතු කරන විට ඔහු ඇමරිකාව තුල සුවිශාල ප්‍රසිද්ධියක් අත්පත් කරගෙන සිටියද ඔහුට ස්ථාවර වූ විශ්ව ව්ද්‍යාලීය පදනමක් නොතිබිනි. ඔහුගෙ ජීවිත කාලය පුරාවට පැවති මෙම ආන්තික වෘතීය තත්ත්වය ඔහුගේ අධ්‍යයන කාර්යන්හි දිශානතිය කෙරෙහිද බලපාන ලද බව ඇතමකුගේ මතය වේ.
කණ්ඩායම් ගතික විද්‍යාව සදහා වන පර්යේෂණ ආයතනය මධ්‍යස්ථාන 06 කින් සමන්විත විය.ඉන් එක් මධ්‍යස්ථානයක් වෙන් වූයේ සන්නිවේදනය සහ බලපෑම පිලිබද ව්‍යාප්තිය අධ්‍යයනය කිරීම සදහාය. ලෙවින් සහ ඔහුගේ අනුගාමිකයන් එහිදී සන්නිවේදනය අරමුණු කරගත් පර්යේෂණ රාශියක් සිදු කරන ලදි. එහි ප්‍රධානත්වය ලියෝන් ෆෙස්ටින්ග්ර් විසින් දරන ලදි.එම නිසා වෙස්ට්ගේට්' නැමැති නිවාස සංකීර්ණයේ විසූ විවාහක ශිෂ්‍යයනතර පැවති ස්න්නිවේදන ජාල සම්බන්ධතා පර්යේෂණයට භාජනය කෙරිණ. මෙම පරීක්ංඅනය හා ඒ හා සමගාමීව සිදු කරන ලද පර්යේෂණ මගින් අනාවරණය වූයේ කිසියම් පුද්ගලයෙකු තවත් පුද්ගලයකු සමග සමීප සන්නිවේදන සම්බන්ධතා පැවැත්වීමේදී ආකාශීය දුර මූලික නිර්නායකය වන බවය.
ජාලගත පර්යේෂණ විධික්‍රමය ලෙවිනියානු බලපෑම හේතු කොට ගෙන පැනනැගුණු ඉතා වැදගත් විධික්‍රමයකි.ඇලෙක්ස් බව්වල් විසින් ලෙවින්ගේ මෙම අදහස් තව දුරටත් සංවර්ධනය කර ක්‍රියාවට නගන ලදි. පර්යේෂණාත්මකව නියමිත ජාලයන් උපයෝගී කොට ගනිමින් පර්යේෂණාගරයක සිදු කෙරුණු මෙම අධ්‍යයනය ලෙවිනියානු කණ්ඩායම් ගතික සමාජීය ජාල පිලිබද ගණිතමය පර්යේෂණ දක්වා විකාශනය වීමක් ලෙස දැක්විය හැකිය. ඉහත අධ්‍යයන අවසානයේදී එළබුණු නිගමනය වූයේ සමාජ ජාල පිලිබද සන්නිවේදන ව්‍යුහ ගණිතමය වශයෙන් විශ්ලෙෂණය කල හැකි බවයි. 1950 දශකයේදී සන්නිවේදන අධ්‍යයන සදහා වැදගත් ස්ථානයක් හිමි වූ ප්‍රජානන විෂමත්ව පර්යේෂණ සිද්ධාන්තය මුලින්ම හදුන්වා දෙන ලද්දේ ලෙවින්ගේ දැනුම් සම්භාරය මතින් පෝෂණය වූ ඔහුගේ ශිෂ්‍යයකු වන ලියෝන් ෆෙස්ටින්ගර් විසිනි.ඔහුගේ මෙම සිද්ධාන්තය ගොඩ නැගී ඇත්තේ තවත් සිද්ධාන්ත හා න්‍යායික පර්යාලෝකවල බලපෑමද ලබමිනි. එනම් චාල්ස් ඔස්ගුඩ් සහ පර්සි ටැනන්බැවුම්ගේ අංගසාම්‍ය සිද්ධාන්තය ක්ර්ට් ලෙවින්ගේ ක්ෂේත්‍ර න්‍යාය සහ ලෙවින් තුල වර්ධනය වූ ගෙස්ටාල්ටියානු පර්යාලොකය සහ ෆ් රිට්ස් හීඩර්ගේ සංකූලතා සිද්ධාන්තය පදනම් කොට ගනිමිනි. ප්‍රජානන විෂමත්වයක් ඇති වන්නේ ප්‍රජානන සංචරකයක් එකිනෙක හා ගැටෙන අවස්ථාවේ දීය. ප්‍රජානන විෂමත්වයක් පුද්ගල මනස තුල ඇති විට එම අසහන කාරී බවින් මිදීම සදහා පුද්ගලයා උත්සාහ දරයි. එනම් එකවර මනසට ලැබෙන කඨෝරත්වයක් මනස තුල ඇති වීම ප්‍රජානන විෂමත්වයක් ලෙස හැදින්වේ.
1947දී ලෙවින් මිය ගිය අතර එවිට ඔහුගේ වයස අවුරුදු 57කි. ඔහුගේ ජීවිත කාලය කෙටි වුවද ඔහු විසින් මානව ශාස්ත්‍ර අභිවෘද්ධියෙහිලා කරන ලද සේවය අතිමහත් වූවකි. ඒ බව ඔහුත් සමගම නැගී ආ ගුරුකුලයක් බිහි කරලීමෙන්ම මනාව සුවිශද වේ. සැබවින්ම ඔහු විසින් එතෙක් පැවති මනෝ විද්‍යාව සහ සමගාමී අනෙකුත් විෂය ක්ෂේත්‍රයන් විශේෂයෙන් සන්නිවේදන අධ්‍යයනයන් නව පියවරක් උදෙසා අවශ්‍යය පදනම සකසනු ලැබීය. මුල් කාලයේදී පුද්ගල මානසික ක්‍රියාවලිය පිලිබද පර්යේෂණ කෙරෙහි යොමු වී සිටි ඔහු පසුව සමූහ සන්නිවේදනයෙහි බලපෑම හා පුද්ගල චර්යාව පිලිබද පර්යේෂණ වෙත යොමු විය. සමකාලීන මනෝ විද්‍යා යින් ව්‍යවහාරික පක්ෂයෙන් දුරස්ථ වෙමින් කටයුතු කරන විට ඔහු ප්‍රායෝගික න්‍යායවාදියකු ලෙස ව්‍යවහාරික පරිචිත න්‍යාය මගින් මෙහෙයවිය හැකි බවත් න්‍යාය තථ්‍ය ජීවිතයේ සමාජීය ගැටලු අරබයා ව්‍යවහාර කිරීමෙන් සිද්ධාන්ත පරීක්ෂණයකට ලක් කල හැකි බවත් තාර්කිකව පෙන්වා දෙන ලදි. එසේම සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි වර්ධනයෙහිලා ඔහු විසින් ගොඩ නගන ලද කණ්ඩායම් ගතිකවාදී සිද්ධාන්තය හා ක්ෂේත්‍ර න්‍යාය ආදී ලෙවිනියානු චින්තනය බෙහෙවින් උපස්ථම්බක වී ඇති බවද සදහන් කල යුතුය. අද වන විට ලෙවින්ගේ මෙම චින්තනය සැලකීමකට ලක් නොකලද ඔහු විසින් ගොඩනගන ලද සිද්ධාන්තයන් පසුබිම් කරගත් පරීක්ෂණ තුලින් ගොඩනැගුනු බොහෝ සිද්ධාන්තයන් මගින් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය නව ජීවයක් ලැබූ බව සදහන් කල හැකිය.

කාල් හවුලන්ඩ්

සන්නිවේදන අධ්‍යයන විෂයෙහි විශාල දායකත්වයක් දැක්වූවන් අතර සිටින තවත් සුවිශේෂී විද්වතකු ලෙස කාල් හවුලන්ඩ් හදුන්වා දිය හැකිය. 1912 ජුනි 12 වන දින චිකාගෝ නගරයේදී මෙලොව උපත ලද කාල් හවුලන්ඩ් 1932 දී ප්‍රථම උපාධියත් 1934 දී ශාස්ත්‍රපති උපාධියත් වෙස්ටර්න් සරසවියෙන් ලබා ගත් අතර මනෝ විද්‍යා විෂය ධාරාව ඔස්සේ අධ්‍යයන කටයුතු වල නියැලෙමින් 1936 සිය ආචාර්ය උපාධිය යේල් විශ්ව විද්‍යාලයෙන් ලබා ගන්නා ලදි. 1936 දී යේල් විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට එක් වන හවුලන්ඩ් 1937 දී සහය මහාචාර්ය ධූරයටද 1944 දී ආශ්‍රිත මහාචාර්ය ධූරයටද පත් වන අතර 1945දී පූර්ණ මහාචාර්ය ධූරයටද පත් වේ.
සන්නිවේදන බලපෑම හා පෙලබවීම යන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ කල හවුලන්ඩ් එම ක්ෂේත්‍ර ආශ්‍රයෙන් සන්නිවේදන අධ්‍යයන උදෙසා විශාල සේවයක් කරන ලදි. දෙවන ලෝක යුධ සමයේ ඇමරිකානු යුධ දෙපාර්ථමේන්තුවේ මනෝ විද්‍යා හා සම්පරීක්ෂණ අධ්‍යයන අංශයෙහි අධ්‍යයක්ෂක ලෙස ඔහු කටයුතු කල අතර එහිදී ඔහුට පැවරුණු ප්‍රධාන රාජකාරිය වූයේ හමුදාවේ ධෘතිය පිලිබද පර්යේෂණ පැවැත්වීමයි. මෙම කාල වකවානුව වන විට පුද්ගලයකුගේ ආකල්ප කෙරෙහි සන්නිවේදනයෙන් කෙබදු ආකාරයේ බලපෑමක් එල්ල කරන්නේද යන්න පිලිබදව නිශ්චිත පර්යේෂණ හා තොරතුරු නිශ්චිතව හදුනාගෙන නොතිබුණි. මෙම නිසා ඒ පිලිබදව පර්යේෂණ පැවැත්වීම ඔහු විසින් සිදු කරන ලදි. දෙවන ලෝක යුද සමයෙන් පසුව ඔහු යලිත් යේල් සරසවියට එක් වූ අතර එහිදී ඔහු මනෝ විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානියා ලෙසත් අභිනවයෙන් ඇති කල " සන්නිවේදනය හා ආකල්ප පිලිබද පර්යේෂණ ව්‍යාපෘතියේ" අධ්‍යක්ෂක ලෙසද කටයුතු කරන ලදි. එහිදී තනි පුද්ගලයකුගේ වෙනස්වීම පිලිබදව ක්ෂුද්‍ර තලයෙහි අධ්‍යයන සම්ප්‍රදාය ඇමරිකාවේ ආරම්භ කිරීමට ඔහුට හැකි වීම සන්නිවේදන අධ්‍යයන විෂයෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් විය.එමගින් පෙලබවීම යන සංකල්පය පදනම් කර ගනිමින් විවිධ විද්වතුන්ට පර්යේෂණ පැවැත්වීමට අවශ්‍යය පදනම සකස් වූ බව සදහන් කල හැකිය. මොහුගේ මෙම ශ්‍රාස්ත්‍රීය ප්‍රගමණය හේතු කොට ගනිමින් 1940 දශකයේදී හා 50 දශකයේදී පුද්ගලාන්තර සන්නිවේදනය කෙරෙහි බොහෝ විද්වතුන්ගේ අවධානය යොමු විය. එසේම ඒ පිලිබද අධ්‍යයන බොහෝ ප්‍රමාණයක්ද ඒ සමගම ඇති වීමක්ද දැක ගත හැකි විය. කාල් හවුලන්ඩ් "පෙලබවීම" මුල් කොට ගනිමින් පර්යේෂණ අඛණ්ඩව පවත්වන ලදි. පෙලබවීම පුද්ගලයකුගේ මනස විෂයෙහි සෘජුව බලපානු ලබන්නකි. එමගින් පුද්ගලයකුගේ ආකල්ප වෙනස් කිරීම විශයෙහි සෘජු බලපෑමක් කල හැකිය. ග්‍රාහකයාගේ පාර්ශවය කෙරෙහි බලපෑම් කිරීම සදහා එමගින් ඒකපාර්ශවීය උත්සාහයක් පිලිමිබු වේ. පුද්ගලාන්තර සන්නිවේදනයේදී පෙලබවීම සම්බන්දව ඉදිරියට හා පසු පසට අඛණ්ඩව සිදුවන අන්තර් ක්‍රියාවලියක් දැකගත හැකිය.
මෙම පෙලබවීම පිලිබද ක්‍රියාවලියට අදාලව ඔහුට පර්යේෂණ ඔස්සේ නව දිශානතීන් හදුන්වා දීමට හැකියාව ලැබිණි. එහිදී ග්‍රාහක පිරිස කෙරෙහි "විශ්වසනීයත්වය" තහවුරු කරගත් සන්නිවේදකයකුට විශ්වසනීයත්වය තහවුරු නොකල සන්නිවේදකයකුට වඩා හොදින් සන්නිවේදන කාර්යයේ නියැලෙන්නේද? සන්නිවේදකයකු ග්‍රාහකයන්ගේ විශ්වසනීයත්වයට පත් වීම සදහා බලපානු ලබන හේතු මොනවාද? සන්නිවේදකයා පිලිබදව වැරදි ආකල්ප ඇති නොවනු පිනිස ග්‍රාහක සමූහයාට "ප්‍රතිශක්තිය" ලබා දිය හැකිද? භිය ඇති කරන ආයාචනා සහ භාවමය ආයාචනා කෙතරම් දුරට සාර්ථකද? ආදිය පිලිබදව හා කෙනෙකුගේ ආකල්ප වෙනස් කිරීමේ කටයුත්තේදී ඔහු හෝ ඇය ජීවත්වන පරිසරය හෙවත් පුද්ගල කණ්ඩායම් මගින් කවර ආකාරයේ බලපෑමක් කොපමණ ප්‍රමාණයකින් සිදු කරන්නේද ආදී සන්නිවේදනය හා සෘජුව බලපානු ලබන කරුණු කෙරෙහි අධ්‍යයන සිදු කල ඔහුට ඒ සදහා වඩා සාර්ථක පිලිතුරු ඉදිරිපත් කිරීමට හැකි විය. එසේම හවුලන්ඩ් ඇතුලු ඔහුගේ සමගාමී විද්වත් පිරිස විසින් "පෙලබවිය හැකි බව" පිලිබදවද පර්යේෂණ කිරීමට යොමු විය. එහිදී කරුණු ඉදිරිපත් කිරීමේ පිලිවෙල සම්බන්ධවද , කෙනෙකුගේ ආකල්ප වෙනස් කිරීමේදීද එක් ආකල්පයක එක් කොටසක් වෙනස් කිරීමෙන් එම වෙනස් කිරීම තුල පවතින සමස්ත ආකල්ප සමූහය කුමන ආකාරයට බලපවත්වන්නේද ආදිය පිලිබදව ඔවුහු පර්යේෂණ සිදු කරන ලදි.
දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකන් හමුදාව සදහා මිලියන 15 ක පිරිසක් අලුතින් බදවාගත් අතර ඉන් පසුව ඇමරිකානු යුධ දෙපාර්තමේන්තුව සතු මීලග අභියෝගය බවට පත්වූයේ ඔවුන් පුහුණු කරන්නේ කෙසේද? යන්න පිලිබදවය. එහිදී නව පිරිසට යුද්ධය පිලිබද යම් වැටහීමක් ලබා දීමට කැපරා විසින් චිත්‍රපට කිහිපයක් නිපදවූ අතර ඒවා " " නමින් ඔවුන්ට පෙන්වන ලදි. මෙහිදී හවුලන්ඩ් ඇතුලු පිරිස විසින් මෙම චිත්‍රපටවල බලපෑම පිලිබද නිගමනය සදහා නොයෙක් ආකාරයේ ක්ෂේත්‍ර සමීක්ෂණ සිදු කරන්නට පෙලබුණි. අවසානයේදී ඔවුන් එලබුනු නිගමනය පහත පරිදි වේ.
  • එම චිත්‍රපට තුලින් දෙවන ලෝක යුද්ධය පිලිබද දැනුම සොල්දාදුවන් තුල වර්ධනය විය.
  • ආකල්ප වෙනස් වී ඇත්තේ දැනුම වෙනස් වූ ආකාරයට වඩා අවම ප්‍රමාණයකින් බව.
සන්නිවේදන මූලාශ්‍රයෙහි විශ්වසනීයත්වය පදනම් කොට ගනිමින් හවුලන්ඩ්, ජානීස්, සහ කෙලී එක්ව ඉතා ප්‍රසිද්ධ පර්යේෂණාගාර සම්පරීක්ෂණ්යක්ද සිදු කර තිබේ. එහිදී සන්නිවේදන මූලාශ්‍රයේ විශ්වසනීයත්වය යන කරුණ පමනක් සැලකිල්ලට ගනිමින් එය සිදුකර තිබේ. එහිදී ජනමාධ්‍ය මගින් ප්‍රකාශ කරන්නාවූ සංදේශ ප්‍රතිග්‍රහනය කරන්නාවූ ආකාරය විමර්ශනය සිදු විය. මෙම පර්යේෂණය සදහා කණ්ඩායම් දෙකකට සන්නිවේදන සංදේශ වෙන වෙනම ඉදිරිපත් කරන ලදි. එසේම එම සංදේශවල විෂය ක්ෂේත්‍රද එකිනෙකට වෙනස් ආකාරයට යොදා ගන්නා ලදි. මූලය පිලිබද විස්තරද සංදේශය අවසානයේ සදහන් කරන ලදි. සංදේශය පැමිණි මූලය පිලිබද ඉහල විශ්වාසයක් ඇති බව එක් කණ්ඩායමකට ප්‍රකාශ කල අතර අනෙක් කණ්ඩායමට සංදේශය පැමිණි මූලය පිලිබදව එතරම් විශ්වාසයක් නැති බව ප්‍රකාශ කරන ලදි. ප්‍රතිචාරකයන්ගේ අදහස් එම සංදේශ බෙදා හැරීමට පෙර පසු හා මාසයකට පසු ප්‍රශ්න කිරීම් මගින් ලබා ගන්නට ඔවුන් කටයුතු කරන ලදි. මෙම පර්යේෂණය අවසානයේදී ඔවුන්ට ග්‍රාහක ප්‍රතිචාර අධ්‍යනයෙන් පහත නිගමන වලට එලබීමට හැකි විය.
  • මූලය පිලිබද ඉහල විශ්වසනීයත්වයක් ඇති සංදේශ නිසා ග්‍රාහකයන් තුල විශාල ආකල්ප වෙනසක් ඇති වී ඇති බව හා
  • මූලය පිලිබද විශ්වසනීයත්වය අඩු සංදේශ නිසා ග්‍රාහකයන් තුල අවම ආකල්ප වෙනසක් ඇති වී ඇති බව
නමුත් මාසයකට පසුව යලිත් ග්‍රාහක ප්‍රතිචාර විමසීමේදී ඉහත පරස්පරතාව නැති වී තිබිණි. සම්පරීක්ෂණ ප්‍රථිඵල විශ්ලේෂණය කල හවුලන්ඩ් ඇතුලු පිරිස සන්නිවේදන මූලයෙහි බලපෑම සන්නිවේදනය සිදු වන අවස්තාවේ උපරිම වන බවත් ඉන් පසුව කාලයක් ගත වන විට එය නැති වී යන බවත් සොයා ගන්නා ලදි. හවුලන්ඩ් ඇතුලු පිරිස විසින් සිදු කරන ලද මෙම පර්යේෂණය පෙලබවීම මුල් කොට සිදු කරන පර්යේෂණ සදහා අවශ්‍යය ආකෘතියක් හා පර්යේෂණ සැලසුමක් සම්පාදනය වීම සිදු විය. එසේම මෙම පර්යේෂණය සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ඉදිරි ප්‍රගමනය විශයෙහි විශාල පි‍ටුබලයක් විය.
හවුලන්ඩ්ගේ මෙම අගනා පර්යේෂණ නිසාම ඇමරිකානු මනෝ විද්‍යා සංගමය ඔහුට 1957 දී එම සංගමයෙන් පිරිනමන උසස්ම සම්මානය පිරිනමන ලදි. එසේම 1957 දී ෆෝච් පදනම මගින් පර්යේෂණ සදහා කොන්දේසි විරහිත මුදල් ප්‍රධානයන් ලැබූ සම්භාව්‍ය ඇමරිකානු විද්වතුන් 87 දෙනා අතරට හවුලන්ඩ්ද එක් වී තිබුණි. 1954දී මැද පෙරදිග රටවල්වල සමාජ මනෝ විද්‍යාත්මක අධ්‍යයන සිදු කිරීමද එම රටවල සමාජ පර්යේෂකයින් පුහුණු කිරීමද ඔහු විසින් සිදු කරන ලදි. 1946 සිට 1961 දක්වා යේල් විශ්ව විද්‍යාලයේදී සිදු වූ හවුලන්ඩ්ගේ පශ්චාත් යුධ පර්යේෂණ අගයමින් විල්බර් ශ්‍රාම් කියා ඇත්තේ මෙම ක්ෂේත්‍රයට තනි පුද්ගලයකුගෙන් ඉ‍ටු වූ ඉහලම දායකත්වය එය බවයි.
හවුලන්ඩ් විසින් සිදු කරන ලද පර්යේෂණ අතර "පෙළබවීම්" පිලිබද පර්යේෂණ සෘජුව සන්නිවේදනය හා සම්බන්ධ පර්යේෂණ වේ. ඒ සදහා හවුලන්ඩ් යොමු කිරීමට බලපෑමක් කල මූලශ්‍ර කිහිපයක් ගැනද සදහන් වේ.එනම් හවුලන්ඩ් ෆ්‍රොයිඩියානු සංකල්පගත කිරීම් මගින් බලපෑමක් ලැබුවේය. ඒ ක්ලාක් හල්ගේ ඉගෙනීම පිලිබද සිද්ධාන්තය හරහාය. ඉගෙනීම පිලිබද හවුලන්ඩ්ගේ ක්‍රමවේදාත්මක පසුබිම මෙන්ම චර්යාමය ප්‍රවේශය හා චර්යාමය වෙනස ආදී ක්ෂේත්‍ර කෙරෙහි ක්ලාක් හල්ගේ ආභාෂය වෙසෙසින් ලබා ඇතිබව පෙනේ. එපමනක්ද නොව කර්ට් ලෙවින්ගේ ක්ෂේත්‍ර න්‍යාය මෙන්ම කණ්ඩායම් මනෝ විද්‍යා අධ්‍යයනද හවුලන්ඩ්ගේ පර්යේෂණ විෂයෙහි යම් බලපෑමක් සිදු කර තිබේ.
1961 අප්‍රියෙල් මස 16 වන දින ඇමරිකාවේ කනෙක්ටිකට් නුවර ස්වකීය නිවසේදී හවුලන්ඩ් මෙලොවින් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 48කි. මෙසේ ඔහුගේ ජීවිත කාලය කෙටි වුවද ඔහු විසින් සන්නිවේදන අධ්‍යයන හා අනෙකුත් සමාජ ශාස්ත්‍ර විෂයෙහි ගොඩ නගන ලද නව පදනම තුලින් විශේෂයෙන්ම සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය තුල පිබිදීමක් ඇති විය. මෙම නිසා ඔහු සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය තුල ඉතා සුවිශේෂී චරිතයක් ලෙස හදුනා ගත හැකිය.
[උපුටා ගැනීම අන්තර්ජාලයෙනි]