Friday, August 3, 2018

ලස්සසන වීමේ රහස් 

සමහරු හිතනවා ලස්සන වීම රඳා පවතින්නේ ඔබේ මේක් අප් පෙට්ටියේ තියෙන දේවල් වල ප්‍රමාණය අනුව කියල. අවාසනාවට ඒ මතය වැරදියි. ලස්සන කියන්නේ ජීවන ක්‍රමයක්. ලස්සන කියන්නේ ඔබේ ඇතුලත සහ පිටත දෙකේම ඇති නිරෝගීකම පෙන්වන හොඳම සාක්කියක්. ලස්සන කාන්තාවක් වීම අමාරු නැහැ. නමුත් නිවැරදි ආකල්ප වගා කර ගැනීම තමයි වැදගත්ම දේ. 
ලස්සන වීමේ රහස් සඳහා පින්තුර ප්‍රතිඵලfb-like-beg1) හරි විදිහට ආහාර ගැනීම
මම බොහෝ ගැහැණු ළමයි සහ කාන්තාවන් මේකප් කරනවා. එහිදී පැහැදිලිව පෙනෙන දෙයක් තිබෙනවා. ඒ තමයි නිසි ලෙස පරිස්සමෙන් කන බොන අයගේ ලස්සන සහ නිරෝගීකම ඉතාම වැඩියි. මියෙන දවස වෙන තුරුම ලස්සනට ඉන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ඔබේ ආහාර වේලා ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.
හැම විටම සමබල ආහාර වේලක් ගැනීම, කෘතීම ද්‍රව්‍ය සහ තෙල් අධික ආහාර ගැනීම ඔබේ පෙනුමට අහිතකරයි. හැකි හැම විටකම ප්‍රධාන ආහාර වෙල් වලට නැවුම් එළවලු සහ පලතුරු එක් කරන්න. දිරවීම පහසු කිරීමට යෝගට් එකක් ආහාරයට එකතු කර ගන්න. ඒ වගේම විටමින්, ඛනිජ ලවන නිසි විදිහට ලබා ගන්න ඇති ලාභම ක්‍රමයක් තමයි බිත්තර ආහාරයට ගැනීම කියන්නේ. බිත්තර කෑම අහිතකරයි වගේ මිත්‍යා මත සමාජයේ පැතිරිලා ඇති නිසා ඔබේ පෝෂණ මාර්ග අවහිර වෙලා.

2) මානසික පීඩනය අවම කර ගැනීම.

අවාසනාවට අපි ජීවත් වෙන්නේ ස්වභාවික ආපදා, නරක දේශපාලන ප්‍රවාහයන් , ආර්ථික කරදර, නරක මිනිස්සු උතුරලා ගියපු සමාජෙක. මේ තත්වේ නිසා ගැහැනියක් පීඩාවට ලක් වෙන හේතු ගොඩයි. වෙන දෙයක් තියා නිදහසේ ගමනක් බිමනක් යන්න පවා බැරි පරිසරේක තමයි අවාසනාවට අපි ජීවත් වෙන්නේ. ඒ මදිවට අපි පීඩනේ දුරු කර ගන්න කියල බලන නාට්‍යක පවා ඇත්තේ ලෝකෙත් නැති ප්‍රශ්න.
එම නිසා ඔබ රුපවාහිනිය බලන කාලය අඩු කරලා ඒ වෙනුවට හිත ඇත්තටම සන්සුන් කරන යමක් කිරීම වටිනවා. යෝග ව්‍යායාම තමයි දිගු කාලීන ලස්සන පවත්වා ගන්න තිබෙන හොඳම ක්‍රමය. ඒ වගේම ඔබ කැමති සුන්දර සංගීතයකට නින්දට පෙර සවන් දෙන්න. කෙලි භාවනාවක යෙදෙන්න. දින 21 ක් ඇතුලත ඔබේ මුහුණේ පැහැදිලි වෙනසක් දකින්නට ලැබේවි.

3) වතුර තමයි ලස්සන වෙන මැජික් එක

ස්නානය ගත සුවපත් කරනවා. හිතේ පීඩනය අඩු කරනවා. ඒ වගේම දිනකට වතුර ලීටර පහක් පමණ බොන්න පුළුවන් නම් එය ශරීරයේ පරිවුර්තීය ක්‍රියා වේගවත් කරලා වයසට යද්දිත් ඔබේ පෙනුම රැක දේවි. ඒ විතරක් නෙවෙයි උදේ නැගිට්ට ගමන් හිස් බඩම වතුර වීදුරුවක් බොන්න. කෝපි බොන ප්‍රමාණය අඩු කරලා ඒ වෙනුවට ජලය බීම පුරුද්දක් කර ගත්තොත් කිසදා නොවූ විරු පැහැපත් කමක් සහ සුන්දරත්වයක් ඔබේ මුහුණට එක් වේවි. ඒ අභ්‍යන්තර පැහැපත්බව ක්‍රීම් වර්ග දහයකින් වත් ගන්න බැහැ.

4) සම හොඳින් පිරිසිඳු කිරීම

සම දිනපතා නිසි ලෙස නඩත්තු කල යුතුයි. දිනපතා සවස කුණු දුවිලි හොඳින් ඉවත් වෙන්න ක්ලේසර් එකක් යොදා මුහුණ සෝදන්න. ඉන් පසු හොඳින් තෙත මාත්තු කර ටෝනර් එකක් යොදන්න. ලොකු වෙලාවක් යන්නේ නැහැ. නමුත් ප්‍රතිපල දීර්ඝ කාලීනයි. සති දෙකකට වගේ වරක් සක්‍රබ් එකක් කරන්න. මී කිරි, පැණි, කඩලපිටි වගේ වටිනා කුස්සියෙන්ම හොයාගන්න පුළුවන් ස්වභාවික අමුද්‍රව්‍ය හැකි තරම් පාවිච්චි කරන්න. අපේ වෙබ් අඩවියේ Beauty කොටසේ ඕනේ තරම් උපදෙස් තිබෙනවා.

සාමාන්‍ය සමක් නඩත්තු කරන්න ඕන කොහොමද?


5) අධිකව මේකප් දමන්න එපා

සමහර වෙලාවට ඔබට පේනවා ඇති ඔබේ මුහුණ මලානික වෙලා. එයට විසඳුම මේකප් තට්ටුවක් දැමීම නෙවෙයි. වහාම ශරීරය ජලයෙන් පෝෂණය කරන ශීත කරන තැඹිලි වැනි පානයක් ලබා ගැනීමයි. බොහෝ විට ඔබේ මුහුණ අවලස්සන වීමට හේතුව විජලනයයි.

6) මත් පැන් සහ සිගරට් වෙනුවට හොඳ දේවල් බොන්න

දුම් පානය කරනවා නම් වහාම නවත්වන්න. මත් පැන් උනත් ඔබේ ලස්සනට නම් ඉතාම හතුරුයි. ඒ වෙනුවට හොඳ සෞක්‍ය සම්පන්න පුරුදු ඇති කර ගන්න. මගේ මිතුරෙක් උදේට කොළවලින් ජූස් එකක් හැමදාම පානය කරනවා. ඔහු ඉතාම සුන්දර සමක් ලබා තිබෙනවා. තව මිතුරියක් දිනකට දෙවරක් Green Tea නැත්නම් කොළ තේ බොනවා. හතලිස් ගණන් වල ඉන්න ඇය හරියට විසි ගණනක තරුණියක් වගෙයි. මගේ අත්තම්මා සතියට වරක් විතර වෙනිවැල් ගැට තම්බා බීවා මැරෙන තුරුම ඉතාම පැහැපත් සුන්දර සමක් තිබුන ඇය ලෙඩ උනෙත් කලාතුරකින්.

7) වයසට යද්දී ලස්සන වෙන්න උත්සහ කරන්න

වයසට යද්දී තරුණ වෙන්න තමයි ගොඩ දෙනෙක් උත්සහ කරන්නේ. එමගින් වෙන්නේ ස්වභාව ධර්මය යන පැත්තට විරුද්ධ දිශාවට යාමට උත්සහ කිරීමක්. එහෙම වෙන්න එපා. ඔබ වයසට යන බව පිළිගන්න. ඒ අනුව ඇඳුම් පැළඳුම්, මේකප් කරන්න. විශේෂයෙන්ම හැම හොඳින් Moisturizer ක්‍රීම් ගාල නිතරම තෙතමනය රැක ගන්න. වියලි සම රැලි වැටෙන්න බලනවා.
ඒ වගේම වයසට ගැලපෙන ලෙස මේකප් යොදන්න. එවිට ලස්සනයි. ගොඩක් කාන්තාවෝ ඉන්නවා වයස ගත වෙන්න වෙන්න ලස්සනයි. ඒ ඔවුන් වයසට යාම පිළි අරගෙන වැඩ කරන නිසයි. නිදි මැරීම, අධිකව වෙහෙසීම වගේ දේවල් වින් ඉවත් වෙන්න.

8) මේකප් දමන්නේ වෙනස් වෙන්න නෙවෙයි. ලස්සන් වෙන්නයි

ඇතැම් අය තමාගේ පාටට වඩා ගොඩක් සුදු පාට පවුඩර් දානවා. හැම විටකම සමේ වර්ණයට සමාන ෆවුන්ඩේෂන් පාවිච්චි කරන්න. ඇත්ත වර්ණයට වඩා වෙනස් වර්ණයක් ගනිද්දී ඒක අස්වාභාවිකයි. යක්කු වගේ. ඔබේ තිබෙන ස්වභාවික ලස්සන මතු වෙන විදිහට මේකප් එක නෙවෙයි ඔබේ මුහුණ පෙනෙන විදිහට මේකප් දමන්න. ඇතැම් අය මගුල් ගෙවල් වල ගිහාම එයින් එක් වෙන්නේ ලස්සන නෙවෙයි. භයංකර , අස්වාභාවික , අවලස්සනක් එක වෙන්න මේකප් කරන්න එපා.

මේකප් ( Make up) කරද්දී පොදුවේ කරන වැරදි 10 ක්


9) තමා ගැන ආත්ම විශ්වාසයක් ඇති කර ගැනීම

තමන් ලස්සන කාන්තාවක් කියල දන්න කෙනක් නිතරම හැසිරෙන්නේ හොඳ ආත්ම විශ්වාසයකින්. ආත්ම විශ්වාසයක් ඇති කර ගන්න නම් ඔබ ශරීරයෙන් නිරෝගී සහ ශක්තිමත් විය යුතුයි. අනික තමාගේ උපතින් ලැබුන පෙනුම සුන්දරයි. ඒ බව නිතරම විශ්වාස කරන්න. උපතින් ලැබුන ලස්සන සම බ්ලීචින් වගේ නරක ක්‍රම මගින් රෝගී කර ගන්න කොයි වෙලාවක වත් උත්සහ දරන්න එපා.

10) ඇවිදීම කියන්නේ ජීවිතේ කොටසක් කර ගන්න

මිනිස්සු ව්‍යායාම කරන්න ඕනේ බර අඩු කරන්න කියන එක මිත්‍යාවක්. මිනිස්සු ජීවත්වීම වෙනුවෙන් දිනපතා ස්වභාවික ව්‍යායාම කල යුතුයි. අපේ ලෙඩ රෝග සියල්ලටම හේතුව තමයි අපි දැන් තාක්ෂණයේ දියුණුව සමග ශරීරය වෙහෙස කරන්න තියන කම්මැලි කම. හොඳින් දහදිය පිට වෙන්න දවසට විනාඩි 45 ක් විතර පයින් ඇවිදින්න. කාලෙකදී ඔබේ මිතුරියෝ පුදුම වේවි ඔබ කොහොමද මෙතරම් තරුණ පෙනුමක් රැකගෙන ඉන්නේ කියල.

11) මේකප් මත යැපෙන්න එපා

මේකප් දැමීම හොඳ දෙයක්. එයින් ඔබේ මුහුණට හොද පෙනුමක් එක කරනවා. ඒ වගේම ඔබේ ආත්ම විශ්වාසයත් වැඩි වෙනවා. නමුත් එයින් අදහස් වෙන්නේ නැහැ දිනපතා මේකප් දැමිය යුතු බව. කොතරම් ආරක්‍ෂිත වුනත් මේ නිෂ්පාදන වල නොයෙක් රසායන තිබෙනවා. එම නිසා ඔබේ සැමට නිදහසේ ඉන්න අද දෙන්න ඕනේ. ඕනෙම වෙලාවක මේකප් නැතුව උනත් ලස්සනට ඉන්න පුළුවන් වෙන විදිහට සත්කාර මගින් ඔබේ සම රැක ගැනීම තමයි කල යුත්තේ.

12) සාද වලට යාමට පෙර

සමාජ ජීවිතේ නිසා තමයි අපිට පිටින් කන්න වෙන්නේ. අනික ඔබ ජීවත් වෙන කාලේ දැඩිව කැමති ආහාර නොකා ඉන්න ඒකත් සුදුසු නැහැ. හිතන්න ඔබ Pizza කන්න ගොඩක් කැමති නම් මාසෙකට දෙපාරක් කන්න. හැමදාම කන්න එපා. අනික සෞකයට හිතකර නැති ආහාර කන දවසට අනික් ආහාර වෙල් අඩුවෙන් ගන්න. කොළ සලාදයක්, පලතුරු , වතුර සමග අනෙක් ආහාර වේල් ගත්තහම අධිකව ගන්න ආහාරයේ නරක ප්‍රතිපල නොදනී යනවා. අහිතකර ආහාර ගැනීම ඉඳහිට පමණක් කරන්න

13) ඔබව අනුන් සමග සන්සන්ධනය කරන්න එපා

මා තරුණ කාලේදී නිතරම මහන්සි වුනා අනික් අය මා ගැන මොනවා හිතාවිද, අනික් අය ඉදිරියේ මම අවලස්සනට පෙනේවිද කියල. නමුත් ඒක ඇත්තටම විකාර හිතුවිල්ලක්. හැමෝම හැමෝටම අවේනික අයුරින් ලස්සනයි. අනික ලස්සන කියන එක සාපේක්ෂයි.

No comments:

Post a Comment