Saturday, July 21, 2018


ආතතිය දුරු කරන සිනහව 
සිනහව සඳහා පින්තුර ප්‍රතිඵල
සිනාසිය හැකි එකම සත්වයා මිනිසා පමණි. සිනාව මිනිසාට දායාද කිරීමට සොබා දහම කටයුතු කළේ ලොව වැඩියෙන්ම ආතතියට පත්වන්නාද මිනිසාම බව වටහා ගත් නිසා වන්නට ඇත. 

වානර කුලයේ අප නෑසියන් සිනාසීමට උත්සාහ දරතත් එය හුදු විරිත්තීමකට සීමාවී ඇත. මිනිසා සතු මේ "සිනාව" නම් මහඟු හැකියාව ඔහු විසින්ම නොසලකා හැරීම හේතුවෙන් මානසික අසහනයට වැඩි වැඩියෙන් පාත්‍රවීමට ඔහුට සිදුවී ඇත.

ප්‍රියජනක ඔබේ සිනහව ඔබේ පෞරුෂයේ ශක්‌තිමත් බව ප්‍රියමනාප බව ලොවට හෙළිකරයි. එපමණකින් නොනැවතී ඔබට ජනප්‍රසාදයට ලක්‌ කරයි. (උපහාසාත්මක සිනහව ඔබව පිළිකුලට බඳුන් කරයි.)

සිනහසෙනවිට ඔබේ මුහුණේ මාංශ පේශීන් රැසක්‌ ක්‍රියාත්මක වෙයි. එවිට මුහුණේ රුධිර ගමනාගමනය මනාව සිදුවන බැවින් මුහුණ පැහැපත්වෙයි.

නිවැදි සිනහවකින් මුළු ගතම පිනායයි. විදුලි ධාරාවක්‌ මෙන් එය ඔබේ හිස සිට පාදාත්තය තෙක්‌ ගමන් කරයි. එය සිරුරේ සියලු අපහසුතා දුරුකර සහනය ගෙනදෙයි.

මිනිත්තු කිහිපයක්‌ සිනහර වී සිටීමෙන් ඕනෑම තද බඩේ කැක්‌කුමක්‌ සුවපත්වන බව සොයාගෙන තිබෙයි.

ඔබේ මුහුණට ගැලපෙන හොඳම, විශ්වාසවන්ත ආලේපය සිනහවයි. සිනහව ඔබේ සිරුරේ හෝමෝනවලටද බලපෑම් කරයි. කුඩා දරුවන් ඉක්‌මනින් සුන්දරව වැඩෙන්නේ නිතර සිනාසෙන නිසා විය යුතුය.

සිනානොවීම රෝග රැසකට මුලය. එය අහිතකර රසායනික පරිසරයක්‌ ඔබේ සිරුර තුළ නිර්මාණය කරයි. මුහුණේ රැළි ඇතිවීමට මෙන්ම තට්‌ටය පෑදීමටද සිනානොවීම හේතුවෙයි.

නූතන මනෝවිද්‍යාවේ සිනහ ප්‍රතිකාරක (ඛ්මටයසබට ඔයෑර්චහ) නම් ප්‍රතිකාරක ක්‍රමයක්‌ද ඇත. බොහෝ බටහිර රටවල සිනහ වීම උගන්වන පාඨමාලා පවා ඇත. අසල්වැසි ඉන්දියාවේ පවා පොලිස්‌ නිලධාරීන් සඳහා විශේෂ "සිනහ" පාඨමාලා මගින් සිනහවීම පුහුණු කරයි. නිනහව මගින් පොලිස්‌ නිලධාරීන් තුළ ඇති මානසික ආතතිය සහ අධික කෝපය පහවන බව එරටින් වාර්තාවෙයි.

හැකි සෑම මොහොතකම සිනාසෙන්න, සිරුර පිනා යන ලෙස සිනාසෙන්න. සිඟිති දරුවෙකු මෙන් සිනා ලෝලියකු වන්න, පිපෙන මල් පොහොට්‌ටුවකට පියඹායන සමනලයෙකුට, පාවී එන කුරුළු පියාපතකට පවා ඔබව සිනාගැන්විය හැකිවේ. සංවේදීවන්න. කිසිවිට නිනහව පිටතට නොපෙනෙන සේ හංගා නොගන්න, සිනහ නොවීමට ඔබගන්නා උත්සාහය ඔබේ මුහුණ මත සදාකාලික රැළි ඇතිකරනු ඇත. ඔබේ කෙස්‌කලඹ ගිලිහී යනු ඇත. ඕනෑම අසීරු මොහොතක සිනහවක්‌ මුවඟ රඳවා ගන්න. අසීරුතාව මොහොතකින් පහවී යනු ඇත.

ජීවිතයේ අභියෝග හමුවේ පවා සිනා මුසුවන්න. ප්‍රශ්න හමුවේ පවා සිනාසෙන්න. එම අභියෝගවලට ඔබව ආතතියට පත්කිරීමට නොහැකි වේවි.

දැඩි කෝපයක්‌, ද්වේශයක්‌ ආවේගයක්‌ ආ විට සිනාවක්‌ මුවඟට නඟාගන්න තැත් දරන්න, ද්වේශයට ඔබව පුළුස්‌සා දමන්නට බැරිවේවි.

එනිසා සිනාසේනන, සිනහමුසුවන්න, මෙතෙක්‌ ඔබ සිනහව දුරස්‌කළ අයෙකු නම් සිනහාසෙන ලෙස ඔබටම බලකර සිටින්න. කිසිවිටක සිනහවීම පාපයක්‌ ලෙස සලකන නිතර බුම්මාගෙන සිටින්නන් වෙතින් ඉවත්වන්න.

ආතතිය බෝවන සුළුය. ඔබ ආතතියට පත්වූ විට සෙස්‌සන් වෙතද ජය පැතිර යයි. එවිට ඔබ අවට පරිසරය තුළ "අපාය" ගොඩනැඟෙයි. මතක තබාගන්න සිනහවද බෝවන සුළුය. ඔබ සිනාසෙන විට සිනහව පැතිර ගොස්‌ ඔබ අවට "දෙව්ලොව" මැවෙයි.

අහිතකර, අසීරු අවස්‌ථාවල සිනාසීම අපහසු බව සැබෑය. එහෙත් සිනාසෙනවිට සියලුම අසීරුතා, අපහසුතා දියවී අතුරුදන්වන බවත් සැබෑයි.

සිනාවෙන විට ධමනි සිදුරු මහත් වෙන බැවින් හෘද ස්පන්දන වේගය යහපත් ලෙස අඩු මට්ටමක පවත්වා ගත හැක.සිනහවෙන් මුව සරසන්නාගේ සිරුර තුල  මනා ලෙස ආහාර ජීරණය වී ආහාර රුචිය වැඩි කරයි.මිනිත්තුවක්   තුල මනාව කෙරෙන සිනහවකින් මිනිත්තු හතලිස් පහක් ශරීරය නිදහසේ ලිහිල්ව තබා ගත හැකි බව නවීන වෛද්‍ය විද්‍යා පර්යේශණ මගින්  ඔප්පු කර ඇත.එවගේම  මෙහිදී ඔබ මතක තබා ගත යුත්තේ සිනා නොවී බැරි කමට සිනාසීම නොව සිරුරේ අංග චලනය කරමින් ඉතාමසතුටින් ප්‍රීතිමත්ව සිනාසීම නියම සිනහවයි.


එනිසා සිනාසෙන්න, සිනාසෙන මිනිසෙකු වන්න.

උපුටා ගැනීම-අන්තර්ජාලයෙනි 

2 comments: