බත්තලන්ගුන්ඩුව
ඉතිහාසය හා ජන ජිවිතය, බත්තලන්ගුන්ඩුව දුපතේ වපසරිය හෙක්ටෙර්යාර් 145.53 කි. පල්ලිය වත්ත දුපතේ වපසරිය හෙක්ටයාර 60.89 ක් වන අතර උච්චිමුනේ හෙක්ටයාර 449.3 කි. මොහොත්තුවාරමේ හෙක්ටයාර 715.14 කි. මෙම දුපත් සමූහය අතුරින් දුරින්ම පිහිටා ඇත්තේ බත්තලංගුඩුවයි. කල්පිටිය ජැටියේ සිට නාවුක සැතපුම් 25 ක් දුරින් බත්තලන්ගුන්ඩුව දුපත පිහිටා ඇත. පල්ලියවත්ත දුපත ඊට යාබදව පිහිටා ඇති දුපතයි. බත්තලන්ගුංඩුව දුපතේ සිට ඉන්දියාවට ඇති කෙටිම දුර වන්නේ නාවුක සැතැපුම් 111 ක් පමණය. ලක් සිතියමේ වයඹ දිග මුහුදේ වැතිරී පැතිරී තිබෙන දුපත් සමූහය දා හතරකි. සොබා දහමේ අපූරුතම නිමැවුමක් ලෙස හැඳින්විය හැකි මෙම දුපත් සමූහය, කල්පිටිය යෝජිත සංචාරක ව්යාපෘතියේ ද සුවිශේෂී සාධකයකි. පසෙකින් පුත්තලම් කළපුවෙනුත්, මහ සයුරෙනුත් මායිම් වූ, සොඳුරු දසුනින් පිරිපුන් මෙම දුපත් සමූහය සංචාරක ආකර්ශනයට බෙහෙවින් තුඩු දී ඇත්තේ ය. එසේ වී නමුදු අවිනිශ්චිත අනාගතයක් දෝතින් දරාගෙන, ගරා වැටෙන ධීවර දිවි පැවත්මක් දායාද කොට ගත්, ධීවර ප්රජාවක් මෙම දුපත් සමූහයේ දිවි ගෙවන්නෝය. බත්තලංගුංඩුව, පල්ලිය වත්ත, වෙල්ල 1, වෙල්ල 2, වෙල්ල 3, උච්චිමුණේ, ඉප්පන්තිව්, පෙරිය අරිච්චල්, සින්නාරිච්චල්, එරමුතිව්, සින්න එරමුතිව්, එරමුතිව් බටහිර, කාකතිව්, සහ මොහොත්තුවාරම යන දුපත්, මෙම දුපත් වේ. මෙම දුපත් සමූහයෙන් මොහෝත්තුවාරම, උච්චිමුනේ, බත්තලන්ගුංඩුව සහ පල්ලිය වත්ත යන දුපත් ධීවර ප්රජාව වෙසෙන දුපත් වෙයි. අනෙකුත් දුපත් වසරේ කලකට පමණක් සංක්රමික ධීවරයන් වෙසෙන දුපත් ය. බත්තලංගුන්ඩුව දුපතේ වපසරිය හෙක්ටෙර්යාර් 145.53 කි. පල්ලිය වත්ත දුපතේ වපසරිය හෙක්ටයාර 60.89 ක් වන අතර උච්චිමුනේ හෙක්ටයාර 449.3 කි. මොහොත්තුවාරමේ හෙක්ටයාර 715.14 කි. මෙම දුපත් සමූහය අතුරින් දුරින්ම පිහිටා ඇත්තේ බත්තලංගුඩුවයි . කල්පිටිය ජැටියේ සිට නාවුක සැතපුම් 25 ක් දුරින් බත්තලන්ගුන්ඩුව දුපත පිහිටා ඇත. පල්ලියවත්ත දුපත ඊට යාබදව පිහිටා ඇති දුපතයි. බත්තලන්ගුංඩුව දුපතේ සිට ඉන්දියාවට ඇති කෙටිම දුර වන්නේ නාවුක සැතැපුම් 111 ක් පමණය. කල්පිටිය ජැටියේ සිට මගී ප්රවාහන බෝට්ටු දෙකක් මෙම දුපත් කරා ගමන් ගනී. පෙරවරු අටයි තිහට දිනපතා, සාමාන්ය මගී ප්රවාහන බෝට්ටු සේවය ආරම්භ වෙයි. පැය තුනකට ආසන්න කාලයකදී දුපත් කරා ළඟා විය හැකිිය. එක් මගියකුගේ එක් වාරයක් සඳහා ගමන් ගාස්තුව රුපියල් 250 කි. පහසු ආසන සහ සුරක්ෂිත බවින් යුතු සුඛෝපභෝගී මගී ප්රවාහන සේවාවක් ද කි්රයාත්මක වේ. එහි ගමන් සඳහා කලින් දින වෙන් කළ යුතු ය. මෙම බෝට්ටු දෙකේම හිමිකරු වන්නේ මීගමුවේ පදිංචි මාක් සුජිත් මහතා ය. දුපත් වාසින් තම එදිනෙදා අවශ්යතා රැසක්ම සපුරා ගන්නේ මෙම මගී ප්රවාහන බෝට්ටු මගින් ය. පානීය ජලය, කරවල සඳහා ලූණු, අයිස් සහ ආහාර ඒ අතර වෙයි. බත්තලංගුන්ඩුව දුපත හා පල්ලිය වත්ත දුපත කරා ළඟා වීමේ දී ආණවාසල, ඉරමතෙව්, සින්න අරිච්චල්, පෙරිය අරිච්චල්, ඉප්පන්තීව්, අලිගහ කැලේ, කිඹුලා බොක්ක, ආදි දුපත් රැසක්ම පසු කර යනු ලැබේ. බත්තලංගුන්ඩුව සහ පල්ලිය වත්ත, පිහිටා ඇත්තේ නැගෙනහිරින් සේරක්කුලිය, වනාතවිල්ලූව, එලූවන්කුළම, ගගේ වාඩිය, වෙල්ල මුන්දලම, බටහිරින් එරටිය තීව්, වෙල්ල, කොල්ලන් කනත්ත, පලූගහතුරේ, කුදිරමලේ කන්ද පිරිවරා ගෙනය. දුපතේ ජීවත්වන්නෝ බහුතරය මීගමුව ආශි්රත සංක්රමණික ධීවරයෝ ය . එහෙත් ඔවුන්ගේ ජීවිතයෙන් වැඩි කලක් ගෙවී ඇත්තේ බත්තලංගුංඩුව හෝ පල්ලියවත්ත දුපතේ ය. එම නිසා මෙම ධීවරයන්ගේ මහ ගෙදර ලෙස දුපත හැඳින්වීම සුදුසු ය. දුපත්වාසින් අතරින් බොහෝ දෙනකු සිංහල සම්භවයකින් යුතු වුවද , දමිළ බස හසුරුවයි. දැනට වියපත්ව පසුවන බොහෝ ධීවරයන්ට නිශ්චිත නමක්, පෙලපත් නාමයක් හෝ උප්පැන්න සහතිකයක්, නොමැත්තේ ය. කිරා, බබා, යකා, රාජු ආදි අන්වර්ත නාම රැසකින් ඔවුන් හැඳින්වේ. එහෙත් අපට දැනගන්නට ලැබුණේ දුපතේ පහසුකම් නොමැති නිසා එවැනි වියපත් ධීවරයන් බොහෝ දෙනකු, ඔවුන්ගේ ඥාතීන් විසින් දුපතින් ඉවත්කර ගෙන ගොස් ඇති බවය. දුපත්වාසී ජනතාවගේ අභිමානවත් ධීවර දිවි පෙවෙතට මේ වන විට බලවත් ලෙස අභියෝග පැමිණෙමින් පවතී. වත්මන් ආර්ථික, සාමාජීය පසුබිම මොවුන් පිට පටවා ඇත්තේ දැරිය නොහැකි පීඩනයකි. එපමණක් නොව, ස්වභාවධර්මය පවා මෙම මිනිසුන්, දැන්, දැන්, දුපතින් පලවාහැරීමේ කුමන්ත්රණයක නිරතව සිටින බව පෙනේ. දුපතේ දිවිය සඳහා මේ වන විට ඉහළ මිලක් වැය වන්නේ ය. ඉන්ධන මිල ඉහළ යාම, ධීවර රැකියාව පැරදෙන සූදුවක් බවට පත් කොට ඇතැයි බොහෝ ධීවරයෝ අපට පැවසූහ. '' ඉන්ධන මිලවත් නැතුව ගෙදර එන, දවස් අනත්ත '' බැව් ඔවුහු පවසති. දුපතේ ජීවන වියදම ද ඉතා ඉහළයි. අසාමාන්ය ලෙස ඉහළ ගොස් ඇති මුහුදු ඛාදනය ද අකාරුණික ලෙස මොවුන් දුපතින් පළවා හරිමින් සිටියි. මේ නිසා ඇතැම් ධීවරයෝ දුපත් හැරදා යාමේ ප්රවනතාවක්වේ . බත්තලන්ගුන්ඩුව දුපතේ මෙන්ම පල්ලිය වත්ත දුපතේ ද ධීවරයන් මෙසේ සිය දුපත් ගම්බිම් හැරදා යාමේ ප්රවනතාව ඉහළ ගොස් ඇත්තේය. ඒ අනුව ධීවර වෘත්තියේ ද පැහැදිලි පසු බෑමක් දිස්වෙමින් පවතියි. '' දැලක් පවත්වාගෙන යන ධීවර ව්යාපාරික් " දුපතේ සශ්රීක සමයක් තිබුණා. පසුව ක්රමයෙන් මෙම දුපතේ සියලූ ව්යසන අභිබවා මුහුදු කෑම බලවත් වුණා. පල්ලිය වත්ත දුපත අසළ තිබුණු, මුක්කලේ, සෙත්තු කුඩාව දුපත් මුලූමනින්ම මුහුදු බත් වුණා. වෙල්ල කියන දුපත පල්ලිය වත්ත දුපතින් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා, කිඹුලා බොක්ක අලූතින් නිර්මාණය වුණා. වෙල්ල දුපතේ පොල් ගස් තුන්සියයක් විතර තිබුණා. අසල්වාසී දුපත් වාසින්ට පානීය ජලය සැපයූ විශාල ළිඳක් තිබුණා. අද ඒ කිසිවක සළකුණක් වත්නැහැ. මේ වන විට පල්ලිය වත්තෙන් තුනෙන් එකක් පමණයි, ඉතිරිව තිබෙන්නේ. පල්ලිය වත්ත කතෝලික දේවස්ථානය, මුලූමණින්ම මුහුදුබත්. සාමයේ සැතපුණු දුපත්වාසින් දැන් ඉන්නේ මුහුදේ. '' මෙම දුපත්වාසින් සඳහා කිසිදු සෞඛ්ය පහසුකමක් නොමැත. නාවික හමුදා කඳවුරින් ඉල්ලා ගන්නා බෙහෙත් පෙත්ත හැර වෙනත් විකල්පයක් ද නැත. අතීතයෙදි නම් රෝගි වූ විටක හෝ හදිසි අනතුරකදි පැය තුනක හමාරක දුෂ්කර මුහුදු ගමනකින් අනතුරුව කල්පිටිය රෝහලට ළඟාවිය යුතුය. වර්තමානයෙ තත්වය ටිකක් වෙන්සව ඇත (නාවික හමුදාව සතු ජෙට් බොට්ටුව මගින් විනාඩි 20 ක් වැනි කාලයකින් ගොඩබිමට ළගාවිය හැකිබව .. නාවික හමුදාවෙ සෙබලෙකු අප සමග පැවසුවා). දුපත් ඉතිහාසයේ කිහිප විටක, කල්පිටිය රෝහල කරා යමින් සිටිය දී බෝට්ටු තුළ සිදුවූ දරු උපත් පිළිබඳව වාර්තාවේ. බත්තලන් ගුංඩුවේ මෙන්ම පල්ලිය වත්තේ සිටි සාම්ප්රදායික වින්නඹු මවුන් මෙන්ම අත් බෙහෙත් කළ වෙදුන් පවා මේ වන විට දුපත හැර ගොසින්. ගැබිනි මවුන් මෙන්ම නිධන්ගත රෝගින් ද දුපතේ රඳවා ගැනීම තහනම්ය. ඔවුන්ගේම යහපත උදෙසා දුපත් ධීවරයෝ මෙම සාමූහික තීරණයට එළැබ ඇත. පල්ලිය වත්ත දුපතේ රජයේ පාසලක් ආරම්භ කොට ඇත්තේ 1979 වසරේය. හැරල් මංචනායක, තෙන්නකෝන් යන උපගුරුවරුන් මෙම පාසල වත්වාගෙන ගොස් ඇත. 1989 මැයි දාහතර වැනි දින එවකට ධීවර ඇමති වූ පෙස්ටස් පෙරේරා දුපත් ජැටියක් විවෘත කොට ඇත. 1990 පල්ලියවත්ත පොලිස් මුරපොළ අරඹා ඇත. අද වන විට පාසලක් නොමැත. සිසුන් ද නැත. පොලිස් මුර පොළේ නටබුන් හැර වෙනත් කිසිවක් දුපතේ ඉතිරිව නොමැත. බත්තලංගුන්ඩුව පාසල ද මේ වන විට වැසී ගොස් ඇත. රජයේ පාසලක් නොවුණු මෙහි 2000 වසරේ අපේ්රල් 30 දින දී හලාවත කතෝලික සභාව මුල්වී, සෙඩෙක් ආයතනයේ ආධාර ඇතිව හිටපු රදගුරු ගරු ප්රෑන්ක් මාර්කස් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් අරඹා ඇත. ධීවර පවුල් තුන්දහසකට පමණ සෙවණ සැලසූ බත්තලන්ගුන්ඩුවේ අද වන විට පවුල් 100 ක් පමණ වෙති.
{උපුටා ගත්තකි.}
No comments:
Post a Comment